_Winter Bear_
සිව්වන ඍතුව
හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..
______________________________________
" ජන්කුකා.. උබ ලෑස්ති වෙලා ඉවරද..? "
ටේ කෑ ගැහුවේ දොර ළඟ ඉඳන්.. ඒ වෙනකොටත් කොල්ලා යන්න ලෑස්ති වෙලා හිටියේ.
" විනාඩියෙන් මන් එළියේ හ්යුන්.."
ජන්කුක් ඊට වඩා හයියෙන් කෑ ගැහුවේ මාස්ක් එක අතට ගන්න ගමන්.
විනාඩි පහක් යන්න කලින් දෙන්නා වාහනේට නැග්‍ගා. පැය බාගයක් විතර යනකොට bighit එකට යන්න පුළුවන් වුණේ උදේ traffic අඩු නිසා. යනකොට ජන්ග්කුක්ගේ රෙකෝඩින් එක කරන්න සේරම වැඩ ලෑස්ති කරලා තිබ්බ නිසා එයා කෙලින්ම ගියේ recording studio room එකට..
ටේ හ්යුන් උඩ office එකට ගියා. යනකොටත් make-up artist noona ඇවිත් හිටියා office එකට. වෙනදා වගේම එයාගේ මූනේ තිබුණේ calm හිනාවක්. කොල්ලා එහෙමම ගිහින් වාඩි වුණාට පස්සේ PD sir කතාව පටන් ගත්තා.
" ටේ හ්යුන්.. දන්නවනේ ඔයාගේ noona resign වෙන්න හදන්නේ කියලා.."
" මට ඊයේ ජින් හ්යුන් කිව්වා.. ඒත් හේතුව මොකක්ද කියලා දන්නේ නෑ.."
" මේකයි.."
Director කතාව පටන් ගත්තත් ටේ හ්යුන් ඒ කතාව මගඇරලා කතා කරන්න පටන් ගත්තා.
" අහන්නකෝ noona.. මන් විකාර වැඩ කළා තමයි.. ඒ වුණත් මන් කවදාවත් ඔයාට joke එකක්වත් කරලා නෑ ඔයාට අයින් වෙන්න තරම්.." ටේ එහෙම කිව්වේ noona දිහා බලලා ඇඩුණු මුණකින්.
" නෑ නෑ ටේ හ්යුන්.. ඔයාගේ වැරැද්දක් නෙවෙයි. මේක එයාගේ personal දෙයක්. ඒකයි ඔයාගේ noona යන්න හදන්නේ.." කොල්ලගේ මුන දැකලා Director ටත් දුක හිතුනා.
" මට වද දුන්න එකට වඩා වදයක් මට දුන්නේ නෑ කොල්ලො උබ. දන්නවනේ.. මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු එක්කෙනා කොලේජ් යවන්න ඕනි. ඉතින් ගෙදර වැඩ වැඩියි. ඒක නිසා තමයි මන් අයින් වෙන්නේ.." Noona කිව්වා.
" ඔයාට ඒ වැඩ ටික කරන්න මෙහෙන් අයින් වෙන්නම ඕනිද noona.."
ඒ පාර නම් ටේට ඇත්තටම ඇඬුණා. මොකද එයාගේ අම්මා තාත්තා ළඟින් නැති idol life එකේ අම්මා කෙනෙක් වගේ හිටියේ make-up artist noona විතරමයි. ඇත්තටම noona කොල්ලා ගැන ගොඩාක් හොයලා බැලුවා. අවුරුදු ගානක් තිස්සේ කොල්ලගේ make-up බැලුවේ noona තමයි. ඉතින් එහෙම කෙනෙක් දාලා යනකොට දුකයිනේ..
" අහන්නකෝ ටේ.. ඔයාට මට වඩා හොඳ කෙනෙක් director අරන් තියෙන්නේ. ඔයාට පුළුවන් එයත් එක්ක හොඳට වැඩ කරන්න. දුක් වෙන්නෙපා අනේ.. මන් ගොඩක් කල් ඔයාලත් එක්ක හිටියානේ.." noona කිව්වේ ටේ හ්යුන් ගේ ඔලුව අත ගාලා.
කොච්චර කතා කළත් Noonaව නවත්තගන්න කොල්ලාට බැරි වුණා. ඇත්තටම ඉතින් එයාටත් පවුද්ගලික ජීවිතයක් තියනවනේ. ඒක නිසා ටේ ගොඩාක් කියන්න ගියෙත් නෑ. ඒත් Noona ගියාට පස්සේ කොල්ලාට ඇඬුනා. Recording room එක පැත්තටවත් නොයා එයා ඔෆිස් එකටම වෙලා හිටියේ ඒකයි.
~~~~~~~~~~
අහින්සා ගේ දින පොතෙන්..
කට්ටිය මන් දිහා අමුතු විදිහට බලලා තියන්නේ නිකන් නෙවෙයි. හේතුවක් ඇතුව. විනුදි අනුත් එක එෆෙයා එක නවත්තලා තිබුනේ එසේ මෙසේ විදිහට නෙවෙයි. අවුරුදු ගානක් වුණු අපේ යාළුකමත් නැති කරලා.
' අහි අනුගෙ හොඳම යාළුවා නෙවෙයි. එහෙම හිටියට ඒ දෙන්නා යාළුයි. අනු නෙවෙයි. අහින්සා තමයි පස්සෙන් ගිහින් වද දෙන්නේ. අපි දෙන්නා යාළු වුණාටවත් එයා කැමති නෑ. අහි ගිහින් අනුට කියලා මන් වෙන කොල්ලෙක් එක්ක යාලුයි කියලා. ඒක නිසා අනු දැන් මාත් එක්ක තරහයි. මන් එයාට කොච්චර ඇත්ත කිව්වත් එයා පිළිගන්නේ නෑ.. අනිත් එක ඒ දෙන්නා අතර තියන්නෙ නෝමල් එෆෙයා එකකට වඩා ගොඩක් දුර දිග ගිය එෆෙයාර් එකක්'
ඔන්න ඔහොම තමයි විනුදි අඩ අඩ මුළු ඉස්කෝලෙටම කතාව පතුරවල තියෙන්නේ. කට්ටියම මන් දිහා අමුතු සතෙක් දිහා වගේ බැලුවේ ඒ නිසා. කවුරු මොන දේ කිව්වත් මගේ ඇඟේ වදින්නේ නෑ නේ.. මන් එහෙම හිතුවත් අනු එහෙම හිතලා තිබ්බේ නෑ.
එදායින් පස්සෙ මන් අනුව කවමදාවත් දැක්කේ නෑ. මාස ගානයි තිබ්බේ exam වලට. එයා ඉස්කෝලෙ එන එක නැවැත්තුවා. ක්ලාස් එන එක නැවැත්තුවා. අන්තිමට මන් එයාව හොයා ගෙන එයාගේ ගෙදරත් ගියා. එයාලට හොඳ සල්ලි. එහෙම වුණත් ඒ අම්මලා කිසිම ලොකු කමක් තිබ්බ මිනිස්සු නෙවෙයි. මන් ගියාම හොඳට කතා කරනවා.
" ආන්ටි.. කෝ අනු ඉන්නවද..?" මන් ගිහින් කෙලින්ම කතාවට බැස්සා.
" අනේ දූ.. ඔයාට කිව්වේ නැද්ද.. එයා කිව්වේ ලංකාවෙන් exam කරන්නේ නෑ කියලා එහෙමම passport එකත් අරන් ගියා.. දැන් දවස් දෙකක් නේ.."
" මොකක්ද ආන්ටි..??"
මන් උඩ ගියේ අනුගේ අම්මා කියපු දේ අහලා. මගේ ඇස් වලට කඳුළු පිරෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.
" ඔව් දුව.. ඇයි ඔයාට කියලා ගියේ නැද්ද?? ඔය දෙන්නා රණ්ඩු වුණාවත් ද??"
ආන්ටි ඇහුවේ පුදුමෙන්. මොකද මේ දෙන්න තරහා වෙන එක කවදාවත් නොවෙන දෙයක් කියලා එයත් දැනන් හිටියේ.
" ආනේ නෑ ආන්ටි.. මට අමතක වෙලා තිබ්බේ.. මන් ඒක ගැන හරියට කල්පනා කළා. මට දැන් නේ මතක් වුනේ.."
මන් කිව්වේ බොරු හිනාවක් පෙන්නලා. ආන්ටී ඒක ඒ වෙලාවේ පිළිගත්තා.. පන්තියක් තියනවා කියලා තේකක් වත් බොන්නේ නැතුව එහෙමම එතනින් ආවේ මගේ පපුව රිදෙන්න ගත්ත හින්දා.
එන්න තැනක් මතක් වුණේ නෑ. ගෙදර යන්න හිතුනෙත් නෑ. මන් එහෙමම public ground එකට ගියා. මහ හවස හින්දා ඒකේ කවුරුත් හිටියේ නෑ. මන් පුළුවන් තරම කෑ ගහලා අඬලා දුක හංගන්න උත්සාහ කළා. ඒත් තව තවත් ඇඬුණ එක විතරයි වුණේ. ඒ මගේ අවුරුදු දහයකටත් වඩා යාලුවා..
මොකද..
මන් ගිහින් අම්මට ඒ ගැන කියන්නද.. නෑ.. මට දුක කියන්න කවුරුත් හිටියේ නෑ.. හොඳම යාලුවෙක් විදිහට කෙල්ලෙක් නැති අඩුව මට එදා හොඳට දැනුනා. අක්කත් මාත් එක්ක කතා නොකරපු නිසා මන් තවත් තනිවෙන එක විතරයි වුණේ.
කඩන් වැටෙන්නේ නෑ කියලා මන් හිත ශක්තිමත් කර ගත්තා. ඒත් හිත ඇතුලෙන් මන් අඬපු එක විතරයි කළේ. හිතේ පුදුම කලකිරීමක් තිබ්බේ මට. මන් අන්තිමට ට්‍රයි කලා අප්පච්චි ඇරෙන්න පිරිමි හැමෝම එකයි කියල හිත හදා ගන්න. ඒත් හිත කිව්වේම එයාට හේතුවක් තියෙන්න ඇති ඒ වගේ තීරණයක් ගන්න කියලා.
මුළු ඉස්කෝලෙම මගේ නම නරක විදිහට හන්වඩු ගැහුණා. අනු ඉදලා අහින්සා වැරදි නෑ කියලා එක වචනයක් කිව්වා නම් මෙහෙම නොවෙන්න තිබ්බා. ඒත් එයා පවා මාව වැරදියට තේරුම් අරන් තියෙන්න ඇති. නැත්නම් රට යන්න තරම් තීරණයක් එයා ගන්නේ නෑ නේ.
කරාටේ මාස්ටර් කෙනෙක් වෙන්න තවදුරටත් මට පුළුවන් කමක් තිබ්බේ නෑ. මොකද හැමෝම මන් වැරදියි කියද්දී මන් උගන්නන දේවල් පිලි ගන්න කවුරුත් කැමති වුණේ නෑ. අන්තිමට මන් සේරම අත් ඇරලා දැම්මා. කාත් එක්ක වත් කතා නොකර තනියෙන් හිටියා. කතා අහ ගන්නවට වඩා තනියෙන් ඉන්න එක හොඳයි කියලා මට තේරුණා. මන් පොත් ගුල්ලෙක් වුණේ ඒ විදිහට. මගේ ඇතුලේ තිබ්බ පෞර්ෂය නැති කරන්න බැරි වුණත් පිටින් මන් නිකමෙක් වුණා. අනූගේ එක ආත්මාර්ථකාමී තීරණයක් හින්දා මගේ මුළු ජීවිතේම එක සතියෙන් විනාශ වුණා.
ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකල්ම මන් පිට්ටනිය දිහා බලන් හිටියා අනු කොයි වෙලේ හරි එයි කියලා. Maths එකේ ජනෙලේ ළඟ එයාව මන් අන්තිමට දැකපු විදිහ අදටත් මගේ හිතේ කෙටිලා තියෙන්නේ හරියට තුවාලයක් වගේ.
~~~~~~~~~~
අදටත් කරාටේ ඇදුමවත් එයා බලන්නේ නැත්තේ හිත තුවාල කර ගන්න බැරි නිසා. ඒ වුණාට එක පාරට කල්පනා කරන එක.. එක පාරට කඳුළු පිහදාන එක.. එයාගේ ඒ අතීතේ තාමත් අහින්සට වර්තමානයක් කියන එකට සාක්ශි..
~~~~~~~~~~~
විනාඩි පහලවක්වත් ගියේ නෑ අහිංසාට ගෙදරට car එක රේස් කරන්න. එයා Drive කළා නෙවෙයි. පියැඹුවා..
" අනේ දුවේ.."
කියලා කෑ ගැහුවත් ඊට පස්සේ කෙල්ලගේ අම්මා කතා කළේ නෑ.. ෆෝන් එක බිමට වැටෙන සද්දෙ විතරයි ඇහුනේ. පස්සේ අප්පච්චි කතා කළා.
" දූවේ කලබල නැතුව ගෙදරට ඇවිල්ල යන්න පුලුවන්ද දැන්.."
එයාගේ තැන්පත් හඩ ඇහෙද්දි අහිංසාගේ පපුව පිච්චිලා ගියා. මොකද අප්පච්චි ඕනිවට වඩා තැන්පත් වෙන්නේ සහ දුවේ කියලා කතා කරන්නේ භයානක වෙලාවල්වල කියලා කෙල්ල දැන ගෙන හිටියා.
අහිංසා යනකොට අම්මා සිහිය නැති වෙලා හිටියේ.. කෙල්ල මුලින්ම අම්මව බැලුවා. මොකුත් නෙවෙයි. ලොකු shock එකක් ඇවිත් නිසා සිහිය නැති වෙලා තිබ්බේ. අහිංසා අම්මට කැනියුලා එකක් සෙට් කරලා නින්ද යන්න පෙත්තක් දුන්නා. අප්පච්චිත් එක්ක එලියට ආවේ ඊට පස්සේ.
" මොකක්ද අප්පච්චි වුණේ.."
" දුව කලබල වෙන්නෙපා මේ දේ කිව්වා කියලා. දුගේ මාමා නැති වෙලා.."
ඒක අහපු අහිංසා උඩ ගියා. එයාටත් ඇත්තටම කකුල් දෙක පන නැති වෙලා ගියා වගේ. ළඟ තිබ්බ පඩියකින් කෙල්ල ඉඳ ගත්තා.
මංජුන් සමරසිංහ කියන්නේ අහිංසා වීනාවිගේ අම්මාගේ එකම මල්ලි. එයා වැඩ කළේ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළේ තැරැව් කරුවෙක් විදිහට. දැන් අවුරුදු දහයක් විතර ඉඳන් එයාලගේ පදිංචිය එහේ. විශේෂ අවස්ථාවලදී එයාලා ලංකාවට එන නිසා කවදාවත් අහිංසලා කොරියන් ගිහින් තිබ්බේ නෑ.
අහිංසාගේ අම්මා එයාගේ මල්ලිට එයාගේ පනටත් වඩා ආදරේ කළා. ඊට වඩා එයාගේ වයිෆ්ට. එයා කොරියන් ජාතික කෙනෙක්. ඒ වුණත් දැන් සම්පූර්ණ Sri Lankan විදිහට හැදිලා තිබුණා කොරියාවේ පදිංචිය වුණත්. සිංහලත් හොදට කතා කළා. අහින්සත් ඉතින් මාමටයි නැන්දටයි ආදරෙයි ගොඩාක්. මොකද එයාලා නිසා තමයි කොරියන් කතා කරන එක එයාටත් Simple වුණේ.
මාමට ගොඩක් වයසත් නෑ.. ඒක නිසා තමයි කෙල්ල මේක අහලා පුදුම විදිහට බය වුණේ.
" මොකක්ද අප්පච්චි වෙලා තියන්නේ..??" අහිංසා ඇහුවේ අමාරුවෙන් හිත තද කරන්..
" Heart Attack එකක් දුව.. එකපාරින්ම නැති වෙලා" අහිංසාගේ අප්පච්චිත් බොහොම අමාරුවෙන් හිත හදන් හිටියේ.
" දැන් මොකද අප්පච්චි කරන්නේ.. අම්මව එක්කන් යන්න පුළුවන් තත්ත්වෙක නෑ.. funeral එකට යනවා නම් හෙට උදේවත් පිටත් වෙන්න ඕනි නේද..?"
" ඔව් පුතේ.. ඒත් අම්මගෙන් අහන්නේ නැතුව තීරණයක් ගන්න බෑ නේද..??"
" එහෙම නම් බලමුකෝ අප්පච්චි.. අම්මා ඇහැරිනකල් ඉමු"
ටික වෙලාවක් ගිහින් අහිංසාගේ අම්මට ඇහැරුනා.
" දුව.. මෙහාට එන්නකෝ.." අහිංසා ගියා නෙවෙයි දිව්වා.
" අම්මා.."
" මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න තියෙනව පුතේ.. මට ඒ දේ ඉෂ්ට කරලා දෙන්න පුලුවන්ද..?"
" මොකක්ද අම්මා.."
" මට දැන් මාමාව අන්තිම වතාවට වත් බලන්න යන්න බෑ.. මන් දන්නවා මන් යන ගමන අවදානම් කියලා. ඔයා මන් වෙනුවෙන් මේ වගකීම කරන්න. හෙටම කොරියාවට ගිහින් නැන්දට උදව් කරන්න. එයාව තනි කරන්නෙපා. එයාටත් ඉන්නේ කෙල්ලෙක් විතරනේ.. ඔයා ටික කාලයක් එයත් එක්ක නවතින්න.."
" අම්මා.. මන් යන්නම්.. ඒත් මන් කොහොමද නවතින්නේ.. දැන් ඔයාලා දෙන්නා මගේ වගකීමක්නේ.."
" මට අප්පච්චි ඉන්නවනේ දුව. අපි දෙන්නට ඉන්න පුළුවන්.. ඔයා ඉන්න ඕනි එයාලත් එක්ක මේ වෙලාවේ.. ඔයා එතනට ගියාම කොල්ලෙක් ඉන්නවා වගේ දැනෙයි නැන්දට.. ඒක එයාට හයියක්.."
" අම්මා කියන්නේ මට වැඩ ටික කරලා තවත් ටික දවසක් එයාලත් එක්ක ඉන්න කියලද අම්මේ..??"
" ඔව් පුතේ.. මන් වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන්ද..?"
අහිංසාගේ අම්මට surgery එකක් කරලා තිබුණේ. ඒ නිසා දුර ගමන් එයාට තහනම්. කෙල්ල ගැඹුරට හිතලා තීරණයක් ගත්තා. අම්මලා දාලා යන්න හිත හදා ගන්න අමාරු වුනත් අම්මාගේ ආශාව හින්දත්, මේ වෙලාවේ ජොබ් එක එහෙට හදා ගන්න පුළුවන් නිසාත් අම්මාගේ තීරනේට කෙල්ල එකඟ වුණා.
අහිංසාට වඩා අම්මා කොච්චර හයිය හිතක් තියෙන කෙනෙක් ද?? තමන්ගේ දරුවා වගකීමක් වෙනුවෙන් එච්චර දුරක යවන්න..
ඊළඟ දවසේ උදේ 4.31 ට තිබුණු South Korean air වලින් Seoul වල Airport එකට පිටත් වුණේ දෙමවුපියන්ගේ ආශිර්වාදය මැද. අහිංසාගේ අම්මාගේ ඇස් වල කඳුළු අදුර ගන්න කෙල්ලට පුළුවන් වුණා. ඒත් කෙල්ල හිත හයිය කරන් හිටියා.
සමහරවිට දකුණු කොරියාව ඒ වෙනකොට දැනගෙන ඉන්න නෑ එයාලට හම්බෙන්න යන්නේ ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරියක් කියලා.
සමහරවිට අහිංසා දැනගෙන නොඉන්න ඇති මේ ගමන එයාගේ මුළු ඉරණමම.. ඒ වගේම අනාගතය තීරණය කරන දෛවයේ ලියලා තිබුණු අහඹු නොවන ගමනාන්තයක් කියලා.
සමහරවිට ලෝක ප්‍රසිද්ධ සුපිරි පොප් සංගීත කණ්ඩායමක් වන BTS group එකේ Winter Bear විදිහට නම දිනාගෙන හිටපු Kim Tae Hyung දැන ගෙන ඉන්න නැතුව ඇති.. තමන්ගේ අනාගතේ අලුත් පිටුවකට පෙරළන්න.. වෙනස් කරන්න ඉන්න විශේෂ කෙනෙක් අද තමන්ගේ මවු රටට එන්න ගුවන්ගත වුණා කියලා..
Cover by Raziel416
______________________________________
විශේෂයෙන් කියන්න ඕනි මේක Fan Fiction එකක් කියලා. මේකෙන් අදාල idol ගේ චරිතෙට කිසිම විදිහකින් හානි කරන්න අදහසක් නෑ.. මේකේ භාවිත වෙන්නේ idol ගේ නම සහ වටපිටාවේ නම් මිසක් ඇත්ත විදිහ නෙවෙයි..
A_shee ~