එතන වෙච්ච සිද්දියට ගොඩක් දුක වගේම ලැජ්ජ හිතුන යුවි කාර් එකත් වේගයෙන් පදවගෙන ගෙදර ගියා..
ගෙදර ආ ගමන්ම ආච්චි එක්කවත් කතා නොකර යුවි ගියේ කාමරයට..
ටිකක් තනියම ඉන්න කියලා හිතාගෙන..
එයා එයාගේ කාමරේ තිබ්බ BTS photos දිහා බලාගෙන තනියම කතා කරන්න ගත්තා
" අද මට ඔයාලාව හම්බ වෙන්න chance එක තිබිලත් එක මොහොතකින් ඒ chance එක නැතුව ගියානේ..වාසනාව කියන්නෙත් මහ පුදුම දෙයක්..ඇති වෙනවා නැති වෙනවා..මගේ බයස්ව නම් මට හම්බ උනා ඒත් එයා විතරක් මොකටද මට ඔයාලා හත්දෙනාවම ඕන🥺🥺🥺 ආයිත් ඉතිං ඔයාලාව හම්බ වෙයිද කියලවත් කවුද දන්නේ 😊💔 මාව අමතක කරන්න එපා BTS " යුවි ඇස්වල තිබ්බ කදුලු පිහිදන ගමන් කිව්වා
ඊළඟ දවස
ඊයේ උන හැම සිද්දියක්ම අමතක කරලා උදේම නැගිටලා යුවි ලෑස්ති වෙලා වැඩට ගියේ හවස short leave එකක් දාලා ගෙදර එන්න කියලා හිතාගෙන..
මොකද ඉතිං අද bts ලාගේ concert එක තියෙන දවසනේ..
අද දවස එනකන් යුවි විතරක් නෙමේ ලංකාවේ හැම army කෙනෙක්ම බලන් හිටියා..
අද හවසට එයාලා purple ocean එකේ කිමිදෙන්නයි යන්නේ 🤭
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
යුවි සාමාන්‍යයෙන් off වෙන්නේ 4.30 ට උනත් එයා අද හවස 3 වෙද්දිම short leave එකක් දාලා ගෙදර ආවේ ලොක්කට පොඩි බටර් පාරක් ගාලා..
යුවිගේ BTS පිස්සුව ගැන යුවි වැඩ කරන බැංකුවේ හැමෝම වගේ දැනන් හිටියා😂
යුවි ඉක්මනට ගෙදර ගියේ ලෝකේ පෙරලිලා වගේ..
ගෙදර ඇවිල්ලාත් වැඩ කලෙ කලබලෙන්.. ඉක්මනට අනුත්තරා එක්ක concert එකට දුවාගන්න ඕන නිසා
" ආහ් ආච්චි..අනේ මගේ towel එක දැක්කද ඒක නෑනේ.. "
" මොකක්ද වෙලා තියෙන්නේ..මම දැක්කා අම්මලාගේ කාමරේ තියෙනවා "
" ආහ් ඔව් නේ හරි ආච්චි 😁 "
යුවි ඉක්මනට ඇඟත් සෝදගෙන concert බලන්න යන්න ලෑස්ති උනා..
ඒ අතරතුර අනුත්තරාත් යුවිගේ ගෙදරට ආවා..
" අම්බො මම හිතුවේ ඔහේ තාම ලෑස්ති වෙනවා ඇති කියලා "
" ඔයා දන්නවනේ මට ලෑස්ති වෙන්න වැඩි වෙලා යන්නේ නෑ කියලා "
" ඔව් නේ 😁 මේ අපි හොඳ වෙලාවට BTS t shirts ගත්තේ..නැත්තම් මට ඇඳන් යන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව පැය ගානක් ලත වෙන්න වෙන්නේ "
" ඔව් අනේ..මේ දැන් අපි යන්නේ බස් එකේද බන් කොළඹට? හෙන වෙලා යයි නේ 🤔 Concert එක පටන් අරගෙනත් තියෙයි " යුවි මූණත් දෙක කරගෙන කිව්වා
" අම්මට සිරි ඔව් නේ..ඒත් concert එක පටන් ගන්නේ 5.30 ට නේ!! එහෙනම් Taxi එකක යන්ද..මොනා කරන්නද ඉතිං"
" එහෙම කරමුනේ..මම taxi එකක් book කරන්නම් "
යුවි uber එකෙන් taxi එකක් book කලා
" මේ ඒක නෙමේ ඊයේයි පෙරේදායි දවස් දෙකේ උඹ මොකො කලේ online ආවෙත් නෑ..මම whatsapp calls 10ක් විතර ගත්තා..🙄 "
" ආහ් මේ V..."
" V? "
" ආහ්..අපේ cousin කෙනෙක් ආවානේ..එයත් army බයස් V..එයා ආපු හින්දා මම එයා එක්ක හිටියේ..දවස් දෙකම ..ඊයේ වැඩට යන්නත් බැරි උනා එයා නිසා 🙄🙂 "
" ආහ්......ඊයේ වැඩට ගියෙත් නැද්ද? කවුද අප්පා ඒ තරම් වටින cousin "
" ඕ..එයාව ගෙදරට ගිහිං බැස්සුවා..ඒ හින්දා යන්න බැරි උනා "
" ඔහ්..එහෙමද හාහා "
තව ටිකකින් යුවිට සේරම කියවෙනවා..
ඇත්තටම යුවිට අනුත්තරාට ඒ දෙවල් කියන්න ඕන උනත් ටේ හ්‍යුන්ග් ඒ දේවල් කාටවත් කියන්න එපා කියපු නිසා යුවි ඒ දේවල් හංඟගෙන හිටියා
" අන්න taxi එක ඇවිත්..අපි යන් "
යුවි අනුත්තරාවත් ඇදගෙන එළියට ගියා..
"ඒ උඹ lightstick එක ගත්තද ? "
" අඩො යකු අමතක උනා..කබඩ් එකේ නේ..හොඳ වෙලාවට මතක් උනේ..අනෙ උම්මා උම්මා උම්මා..තෑන්ක්ස් ඕයි "
" අනෙ ඔහේගේ උම්මා එක තියාගෙන ගිහිං අරන් වරෙන් නැත්තම් ඔයාට අත තමා වන වන ඉන්න වෙන්නේ 😂 "
යුවි ඉක්මනට ගිහිල්ලා කබඩ් එකෙන් army bomb එක අරගෙන ඇවිත් අනුත්තරා එක්ක taxi එකට නැගලා කොළඹට පිටත් උනා..
Stadium එකට ටිකක් දුරින් taxi එක නැවැත්තුවා..
Taxi එකට සල්ලි ගෙවලා අනුත්තරායි යුවියි පයින්ම stadium එක ළගට ආවා..
Concert එක පටන් ගන්න තව වෙලාව තිබුණත් එතන ගණන් කරන්නවත් බැරි තරම් විශාල සෙනඟක් හිටියා..
ඒ අතර ලංකාවේ ජනප්‍රිය නලු නිළියන්ද උනා..
එතන වැඩිපිරිසක් හිටියේ ගෑණු ළමයි..
බහුතරයක් අය BTS tshirts ඇඳගෙන ඇවිත් තිබුණා..
හැමෝගෙම මුහුණු තිබුණේ සතුටින් පිරිලා ගිහිං..
Concert එක පටන් ගන්න තව පැය එකහමාරක් තිබුනා..
හැමෝම කණ්ඩායම් වශයෙන් stadium එක ඉස්සරහ හිටියේ ඇතුළට ගන්නේ කොයි වෙලාවටද කියලා ඇඟිලි ගනිමින්..
වෙලාව පැමිණෙන තුරු තවත් සමහර අය stadium එකට ඇතුල් වෙන පාරේ ගහලා තිබුන bts billboards එක්ක photos ගත්තා..
Stadium එකට එන පාර දෙපැත්තේ සවි කරලා තිබුන BTS සාමාජිකයන්ගේ රුව සහිත Feather Flags නිසා මුළු පාරම ලස්සන වෙලා තිබුණා..
යුවි නම් ඒවා දිහා අමුතු විදියට බැලුවේ නෑ මොකද ඊයේ එයා මේ සේරම දැක්ක නිසා..
ඒත් අනුත්තරා නම් එතනට ආව වෙලේ ඉදන් සෙල්ෆි 100ක් ගත්තා..😂
Stadium එකට ළං වෙනවත් සමඟ යුවිට දැනුණේ පෙර අත් නොවිඳපු අමුතුම සතුටක්..
Army ලා සතුටින් ඉන්නවා දැක්කම එයාටත් ගොඩක් සතුටු හිතුනා..
" අනුත්තරා.. මගේ photo එකක් ගන්නකො "
යුවි අනුත්තරාට තමන්ගේ phone එක දීලා එතන තිබ්බ BTS billboard එකක් ඉස්සරහට ගියා..
📸📸✌🏻✌🏻
යුවිත් අනුත්තරාගේ photos ගත්තා..
එතනින් නොනැවතුනු මේ දෙන්නා stadium එක ඉස්සරහ ඉඳන් ගොඩක් photos ගත්තා..
" අනේ බන් මට බඩගිනියි වගේ..මොනා හරි කමුද ? " යුවි අනුත්තරාගෙන් ඇහුවා
" අපො තමුසේ නම් මහා😂 කා ගත්ත ගමන්මයි..හාහා ඉක්මනට කාලා එමු මේක පටන් ගන්න කලින්.."
යුවියි අනුත්තරායි stadium එකෙන් ටික දුරකට වෙන්න තිබුණ shop එකකට ගිහිං කාලා බීලා නැවත stadium එක ළගට එන්න ගත්තේ ටිපිටිප්ත් කන ගමන්..
" මේක රහයි නේ බන්..අලුත් ජාතියක් "
" තාම පොඩි එකා වගේ බන්.."
" ඔයත් කන්නේ එහෙනම් ඔය 😒 ඔයත් පොඩි එකෙක්ද 😒"
" උඹ මොකටද මටත් එක්ක ගත්තේ? මම මේ විසික් කරන්න බැරි හින්දා කන්නේ 😝 "
" ආහ් එහෙනම් දීපන් මෙහාට😂 "
යුවි විහිලුවට වගේ අනුත්තරාගේ ටිපිටිප් එක්ක උදුරගන්න හදද්දිම කවුද යුවිගේ ඇඟේ හැප්පුණා..
එච්චර වේගෙන් නොවුණත් යුවිගේ ටිපිටිප් පැකට් එක යුවිගේ අතින් බිමට වැටුණා..😂
ඇඟේ හැප්පුණේ කවුද කියලා බලන්නෙත් නැතුව යුවි බැලුවේ බිම වැටිච්ච ටිපිටිප් පැකට් එක දිහා..
" දැන් ආයේ යමංකො ටිපිටිප් ගන්න..සෙද්ද 😒 කවුද යකූ මගේ ඇඟේ හැප්පුනේ.."
ටිපිටිප් එක දිහා ටික වෙලාවක් බලන් හිටපු යුවි ආයි ඉස්සරහ බැලුවේ ඒ කවුද කියලා බලන්න..
" හානේ..ඔයා?? 😂😂 අම්මො මට බෑ 😂😂 "
අනුත්තරා යුවිගේ ඇඟේ හැප්පුණ කෙනා දිහා බලන් හිනා උනා
" චනුකි ඔයා?? අම්මටසිරි මම දන්නේ නැහැනේ haters ලත් bts concert බලන්න එනවා කියලා 😏 "
" සොරි ඔයාගෙ ඇඟේ හැප්පුණාට "
" සොරි තමා 😑 පුදුමයි සොරි කිව්වා..සොරි කියලා හරි යන්නෑ මට දැන් අලුත් එකක් ගෙනත් දෙන්න "
" හ්ම්ම්! කොහෙද තියෙන්නේ ඕවා? "
" woahhh...මට මේක අදහගන්නත් බෑ..ඔයා චනුකිමද? වාව්.. 😂 "
" යකු මේකි වෙනස් වෙලාද කොහෙද " අනුත්තරා බිම වැටුන ටිපිටිප් එක කුණු බඳුනකට දාන්න යන ගමන් කිව්වා
" මේවා තියෙන්නේ අර එහා පැත්තේ කඩේක..ගිහිං දැන් මට එකක් අරන් එන්න..නැත්තම් මම කෑහනවා මෙතන hater කෙනෙක් මට සද්දේ දානවා කියලා..හරිද? 😏 "
යුවි ටිකක් මැර පාට් එකෙන් කිව්වා..
" හරි " එහෙම කියලා චනුකි යුවිට ටිපිටිප් එකක් ගේන්න යන්න ආපසු හැරිලා යන්න හැදුවා
" ඒහ් ඒහ්..චනුකි..මම නිකන් කිව්වේ..මට ඕන නෑ ටිපිටිප්.."
"හරි බායි "
එහෙම කියලා චනුකි ආයිත් stadium එක පැත්තට යන්න හදද්දි යුවි ආයෙත් කතා කලා
" ඒහ්....චනුකි......"
" ඇයි මොකද? "
" ඔයා මොකද මෙහේ කරන්නේ ? "
" ඇයි?
" ඔයා BTS ලට කැමති නෑනේ 😑 ඇයි ආවේ..කෙල්ලෝ කියලා කිව්වා නේද? "
" ඉස්සර "
" ආහ් ඉස්සර ඇයි දැන් ඔයාත් army කෙනෙක් ද ? "
" හ්ම්ම් "
" හොඳයි ඈ 😉 "
යුවි චනුකිගේ තට්ටුවක් දාලා අනුත්තරා එක්ක එතනින් ගියා..
" අඩො ඒකි වෙනස් වෙලා බන් "
අනුත්තරා ඇස් දෙකත් ලොකු කරන ගමන් කිව්වා..
" සිරාවට බන්..මට නම් හිතාගන්නත් බෑ..කමක් නෑ පස්සේ හරි එයාට තේරිලා නේ.."
"හුම්ම් හුම්ම් "
"හෂියාා......ඕ සොරි යුවියා....හායි "
යුවිගේ යාලුවෝ ටිකක් යුවිව දැකලා දුවගෙන ආවා
" අනේ.....ඔයාලා...අනේ...මට පිස්සු වගේ..අපි එහෙනම් හම්බ උනා...ඔයාලා හම්බ වෙයි කියලා මට හිතුණේ නෑ 😭 මට සතුටුයි දෙයියනේ😭😭 "
යුවි එයාගේ army යාලුවෝ ටික පිස්සුවෙන් වගේ කියෙවන ගමන් hug කලා..
Whatsapp එකෙන් chat කරලා fit උන යාලුවෝ ටික දැක්කම යුවිට ගොඩක් සතුටු හිතුනා..
මොකද ඒ එයාලාව හම්බ උන පළවෙනි වතාව නිසා..
" ඔයා ටිකට් ගත්තේ මොන row එකේද?" යුවිගෙන් යාලුවෙක් ඇහුවා
" මමයි මෙයයි 2nd row " යුවි අනුත්තරා වත් පෙන්නන ගමන් කිව්වා
" අපි සෙට් එක 3 rd 😊..2nd row එකට නම් BTS ලව ටිකක් හරි ළඟට පෙනෙයි නේද ? "
" අනේ මන්දා එතනට ගිහින්ම තමා බලන්න වෙන්නේ..අනික 1st row කොච්චර seats තියෙනවද දන්නේ නෑනේ 😒 "
" මොනා උනත් අපිට මෙහෙම chance එකක් ලැබුණ එකම කොයි තරම් දෙයක්ද?😭නේද? අපි කවදාවත් හිතුවේ නෑනේ අපෙ රටෙත් concert එකක් තියෙයි කියලා"
" ඒක නම් ඇත්ත..මට නම් දැන් පිස්සු වගේ😭 "
" ඒක තමා😭 අපි සෙල්ෆි එකක් ගමුද? "
" හාහා ගමු.."
" මේ ඔයාගේ යාලුවාටත් එන්න කියන්න🤭 "
" අහ් 😂..මෙහේ එනවා අනුත්තරා.." පැත්තකට වෙලා මේ මොනාද වෙන්නේ වගේ බලන් හිටපු අනුත්තරාව යුවි යාලුවෝ ගොඩට ඇදලා ගත්තා 😅
📸📸✌🏻✌🏻🤘
" අපි එහෙනම් යන්නම් යුවියා..හොඳට enjoy කරන්න.."
" ඔයාලාත් 😉 "
යාලුවන්ගෙන් සමුඅරන් යුවියි අනුත්තරායි stadium එකේ entrance එක ළඟට එනකොටම කට්ටියව stadium එක ඇතුළට ගන්න පටන් ගත්තා..
හැමෝමවම security guards ලා චෙක් කරලා ticket එක අනුව පිළිවෙලට පෝළිම් වශයෙන් stadium එක ඇතුළට යැව්වා..
3rd,4th සහ 5th row වල අයට ඉන්න තිබුණේ balcony එකේ..
හැමෝම තම තමන්ට අයිත් row එක අනුව seats වල ගිහිං ඉඳගත්තා..
යුවියි අනුත්තරායිත් ගිහිං 2nd row එකේ තිබුණ seats වලින් ගිහිං ඉඳගත්තා..
" මෙතනට හොඳට stage එක පේනවා නේද අනූ ? "
" මම හිතුවේ අපිට මෙකේ පිටිපස්සෙන්ම වගේ ඉදගන්න වෙයි කියලා..මේ සෙනඟ දැක්කම 😒"
" කමක් නෑ අපිට ටිකක් ඉස්සරහම වගේ හම්බ උනානේ..අනේ දැන් නම් පිස්සු වගේ ඕයි..ඇඬෙන්නත් වගේ.."
" මටත් ඇඬෙන්න වගේ බන්🥺🥺🥺 BTS ලාගේ මූණු ටිකවත් හරියට පෙනුණේ නැත්තම් මම මෙතන පස් කනවා 😒 බලපන්කෝ "
"පස් කන්න එපා😂😂 අපිට ළඟට පෙනෙයි බන් "
" උඹට නම් මොකො BTS ලව දැකලා තියෙනවනේ..අල්ලලාත් තියෙනවනෙ 😒 අපිට කොහෙන්ද එහෙම luck එකක් 😒 "
" හරි හරි බන් ඉතිං 😒 අපිටත් හොඳට පෙනෙයි අනේ "
" අර ඉස්සරහ පේළියේ උන් ටිකට නම් මරු නේද? 🥺🥺 "
" ඒක තමා 😐 "
යුවියි අනුත්තරායි stadium එකේ හතරවටේ බලන ගමන් කතා කර කර හිටියා..
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ලංකාවේ මිනිස්සුන්ගේ කිසි එකමුතුකමක් නෑ කිව්වට ලංකාවේ army fandom එක නම් ඊටවඩා හාත්පසින්ම වෙනස්..
අද එයාලා වැඩ කලේ වෙනදාටත් වඩා එකමුතුකමින්..සහයෝගයෙන්...
Organizing committee එකත් තම උපරිම සහයෝගය මේ වෙනුවෙන් ලබා දුන්නා..
වෙලාව ගතවනවත් සමඟ stadium එකේ crowd එක එන්න එන්නම වැඩි උනා..
ඒත් එක්කම එකවරම stage එකේ screens වල BTS MVs play වෙන්න ගත්තේ army ලා හයියෙන් කෑගහද්දි 😍😍😍😍
(මවාගන්න 😭😭😭)
Hi readers
ගොඩ කාලෙකින් නේද?
ඔන්න මම අද chapter එකක් දුන්නා ඔයාලා ඉල්ලපු නිසාම..
මේ සතියේ අන්තිම මගේ exam එක පටන්ගන්නවා 😭(ඒත් තාම පාඩම් කරලා ඉවරත් නෑ 🙂)
Chapter එක පොඩියි වගේ සමාවෙන්න 😐
Chapter එක හොඳයි නම් vote එකක් comment එකක් දාගෙන යන්න..
අපි හිතින් concert එකක් බලන්න යමු ඉතිං 😒✋