💫MAGIC SHOP💫(COMPLETED)

By rushell_melson_97

21.1K 3.3K 731

⚠️⚠️ warning ⚠️⚠️ Please read the description before reading this book.. This is not a love story. Nor is i... More

INTRODUCE
CHAPTER 1
CHAPTER 4
CHAPTER 5
CHAPTER 2
CHAPTER 6
CHAPTER 7
CHAPTER 3
CHAPTER 8
CHAPTER 9

CHAPTER 10( FINAL)

2.2K 355 400
By rushell_melson_97


❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄


" ජේකේ..!!!!!! තමුන් සින්දු හදනවද නිදා ගන්නවද ආහ්...??? "

හීන ලෝකෙක අතරමං වෙලා හිටිය මම එක පාරට නැගිට්ටෙ කාගෙ හරි කෑ ගැහිල්ලකට...

" ජින් හියුන්?"

" ඔව් ඔව් ජින් හියුන් තමා..අපිට practice දවසෙත් සින්දු හදනව කියල තමුන් මේ රූම් එකට රිංගුවේ උදේ පහට..දන්නවද දැන්  වෙලාව..? රෑ හතයි... තමුන් මේ මුලු වෙලාවෙම මේක අස්සෙ නිදිද ඈ..."

" ආ...ආ ....ආ.... මම එතකොට අද කෑවෙ නැද්ද?"

" ඒක තමා මාත් අහන්නෙ? දවසටම අද මොකුත් කාල නෑ නේද?... අපිත් දැන් dorm එකට ආවෙ... ඉන්නව ඉන්නව මම මොනව හරි හදන් එනකන්..."

සුපුරුදු සද්දෙ දාගෙන ජින් හියුන් පහලට ගියේ මගෙ ඔලුවට පාරකුත් ගහල..

ඒත්....???

එතකොට....

මම මේකට වෙලා...

මෙච්චර වෙලා දැක්ක ඒ හීනෙ?.....

මගෙ...

මගෙ කලින් ආත්මයද?

එතකොට ජීමින් හියුන්... මගෙ කලින් ආත්මෙදිත් මාත් එක්කම ඉදලද?

ඒක...

ඒක ඇත්තටම එහෙමද?

මට හැම දාම..

හැම රෑකම...

පෙනුන ඒ බොද වුණ හීනෙ...

සම්පූර්ණ කථාව මේකද?

එතකොට ඒ නිසාද..මට ජීමින් හියුන්ගෙ හුරු බවක් දැනෙන්නෙ...?

ඒ මගෙ කලින් ආත්මෙ නිසාද?

ඒත් ...

ඒත් එයාට මේ දේවල් මතක නැද්ද?....

....

....

....

....

....

සංගීත කාමරේ පැත්තක මේසෙක ...

මෙච්චර වෙලා මම අමාරුවෙන් හදන්න උත්සහ කරපු  අලුත් සින්දුව..

දවස් ගානක් ගියත්..

මේ වෙනකන් ..

මට ඒක හදා ගන්න බැරි වුණා..

ඒත් ආයෙත්...

ආයෙත් මම ඒ කොල වල වචන කලා..

ලස්සන අකුරු ටිකක්...

ලස්සන වචන ටිකක්...

මගේ නොවන...

මගේ කලින් ආත්මයේ...

ලස්සන මතක ටිකක්...

ඒත්.. එක තැනක..

තාමත් හිස් තැනක්...

මට එදා පුරවන්න බැරි වුණ හිස්තැන...

මගේ හීන වල කෙනා පුරවන්න කියල දීපු හිස්තැන...

ඔව්...

මගෙ හීන වල..

කලින් ආත්මෙදි අවසාන වතාවට..

එයා පොරොන්දු වුණ විදිහටම..

ආයෙත් ආව..

නීහඩව හැමදාම මගෙ ඉස්සරහ හිටපු එයා...

එදා..

මගෙ ආත්මය අතුරුදහන් වෙන්න මොහොතකට කලින්..

මගෙ ලගට ඇවිත් කතා කලා...

ඒ බොද වුණ ඡායාව...

එදා පැහැදිලි වුණා...

දන්නවද...?

මගෙ හීන වල බොද වුණ ඡායාව කවුද කියල?

එදා මගෙ පුංචි කාලෙ ඉදන් මගෙ හීන වල හිටියෙ කවුද කියල...

මම අඩන හැම වෙලාවකම..මාව සැනසුවේ කවුද කියල..

මගේ කදුලු දෑතින්ම පිහදැම්මෙ කවුද කියල..

ඒ ...

මගෙ හියුන්...

මගෙ දෙවෙනි හියුන්....

පාර්ක් ජීමින්......

....

....

....

....

....

පුදුමයි නේද?

එදා කනත්තෙදි අපි හමුවෙන්න කලින් ඉඳන්ම...

එයා මාත් එක්කම ඉදලා..

මගෙ හෙවනැල්ල වගේ..

මගෙ ලගින්ම..

හීන වලට ඇවිත්..

හැම දාකම..එයා මාව ජීවත් කරල...

දෙවියනේ!!!

මම එයා ගැනම එයත් එක්ක කතා කලා නේද ?

එතකොට ඒ ඇස් කඳුලින් බරවුණේ ඇයි කියල..

දැනුයි මට තේරෙන්නෙ.....

ජීමින් හියුන්...,

මගෙ සහෝදරයා...

මේ මල්ලිට එච්චර ආදරෙයිද???

එයා හොදටම දැනගෙන හිටියා..

හීන වලදි මගෙ හදවත ගැන..

මම ගන්න තීරණ ගැන...

එච්චර තේරුම් ගැනීමක්?

කොහොමද වෙන්නේ????

....

....

....

....

....

සීරුවට මගේ හීනෙදී මුහුදු වෙරල ගාවදි ජීමින් හියුන් මට දීල ගිය පුංචි ලියුම් කෑලි වල තේරුම... ඒ එක්කම මගෙ උපන් දිනේ දවසෙදි පාර්ක් එකේ බංකුවට වෙලා එයා කියපු සින්දුව....

මගෙ මතක වල හීනෙන් පවා තදින්ම සටහන් වුණා..

මකන්න බැරි තරමටම...

මම ඒ හැම වචනයක් ගානෙම හරිම පරිස්සමට අකුරු කලා මගෙ සින්දු පොතේ පිටුවක...

හරිම පැහැදිලිව...

සීරුවට...

ඒත්...

ඒත්...

අර හිස්තැන....?

මම මොකද්ද ඒකට කරන්නෙ?

...

...

...

...

...

...

"නම්ජුන් හියුන්!!!  යුන්ගි හියුන්....මම...මම..සින්දුවක් හැදුව...ඒත්..හො..හොදද මන්ද...මට ඒකෙ එක තැනක් පුරවගන්න බෑ..."

මූණත් දෙක කරගෙන මම ගියේ ඒ දෙන්න ලගට..

" කෝ දෙනව මම පුරෝලා දෙන්න ඕක ෂෝක් එකට.."

ජුනී හියුන්ට දෙන්නත් කලින් මගෙ අතේ පොත උදුරගෙන වී හියුන් කෑ ගහන්න පටන් ගත්තෙ මම ඔරවලා ඒ පැත්ත බලද්දි..

හිස්තැන පුරවයි ද නැත්තන් පොත එක්කත් කියව කියව කතා කරයිද මන්ද මෙයා..

" වාහ්..!! ජේකේ..!! තමුසෙද ඕයි මේක ලිව්වෙ??  වෙන්න බෑ?? "

වී හියුන් පුදුමෙන් කියනකොට ලැජ්ජාවට මගෙ කම්මුල් දෙක රතු වෙන්න ඇති...

ඇයි දැන් මට බෑද..? මම දැන් පොඩි නෑ කියල එයාල දැන ගන්න එපැයි...

" කෝ දෙනව ඕක මෙහාට..ජන්ග්කුක්!! වාඩි වෙන්න..!"

වී හියුන්ගෙන් ආයෙත් පොත උදුර ගත්ත ජුනී හියුන් සීරුවට මගෙ පොතේ තිබුන වචනයක් වචනයක් ගානේ කියෙව්වෙ..බොහොම බැරෑරුම් විදිහට...

ටිකක් වෙලා යුන්ගි හියුනුත් ඒක දිහා බලල දෙන්නත් එක්කම මගෙ දිහා බලන් හිටියෙ හිස් බැල්මෙන්..

අයියෝ...

ඒක හොද නැද්ද??

" ජේකේ..!! ඔයාමද මේක ලිව්වෙ?? "

කොහොම කියන්නද මෙයාලට?  මගෙ කලින් ආත්මෙ හිටිය ජීමීන් හියුන් මට ඕකට උදව් කලා කියල..

" ඔව් හියුන්..ඇයි අවුල් වගේද ඒක..?"

" ගායිස්..මම හිතන්නෙ මේ සතියෙ අපි රෙකෝඩ් කරන්න හිටිය මම හදපු සින්දුව පැත්තකට දාල මේක රෙකෝඩ් කලා නම් හොදයි වගේ.. ජේකේ..මේ හිස්තැනත් ඔයාම පුරවන්න... නමකුත් ඔයාම දාන්න..ඒ කරල මට ගෙනත් දෙන්න... කන්න ජින් හියුන් රූම් එකට එවයි... අද කිචන් එක සුද්ද කරන්න ඕන ජේකේ නේද? අපි ඒක කරන්නම්....ඔයා ඕක ලියල ඉවර වෙනකන් කිසිම වැඩක් කරන්න බෑ  හොදද? දැන් කාල යන්න රූම් එකට.."

කතුර වගේ කියවගෙන කියවගෙන ගිය හියුන් හිනා වුණේ  මගෙ ඔලුවත් අත ගාන ගමන්..

" ජේකේ..!! නියම වැඩක්...මේකා දැන් පොඩි නෑ... "

යුන්ගි හියුන් කිව්වහම මම ආයෙත් රතු වෙන්න ඇති..

" හියුන්.. කෝ ජීමිනී හියුන්..?"

හීනෙ දැකල ඉවර වුණ වෙලාවට ඉදන් මට හියුන් එක්ක කතා කරන්න ඕන වුණත්..එයාව දකින්න ඕන වුණත්..

මට තාමත් එයාව හම්බුනේ නෑ..

" එයා වොෂ් රූම් එකේ ජන්ග්කුක්... "

"ආ හරි හොබී හියුන්..."

ඔලුවත් ඔහේ වනපු මම කාල ආයෙත් ආවෙ dorm එකේ සංගීත කාමරේ ඇතුලට..

ආයෙත්...

එක දිගට..

තත්පර ගානක්...

විනාඩි ගානක්...

මම හිස්තැන පුරවන්න මහන්සි වෙන්න ඇති...

" ජන්ග්කුක්-ආහ්??? "

ඒ ආමන්ත්‍රණය...

මට හොදටම හුරු කටහඩ..

මගෙ මූණෙ හිනාවක් ඇදුනෙ නීකන්මයි..

" ජීමිනී හියුන්..?"

සුපුරුදු ලස්සන හිනාවෙන්ම එයා මගෙ ලගට ආවා..

" කොල්ලා සින්දුවක් හැදුව කියල ආරංචියක් ආවා..!! කෝ කෝ පෙන්නන්න.."

මගෙ අත් දෙකට මැදි වෙලා මේසෙ උඩ දිගැරල දාපු පොත..


නිරායාසයෙන්ම එයා ඒකට එබිල ඒ වචන පේලි කියවන්න ඇති...

ඒ ඇස්..

පුදුමෙන් ලොකු වෙලා..

කඳුලින් පිරිලා...

නැ..

මට පේන හැටිද ?..

" ජ..ජන්ග්කුක්-ආහ්..??? මේ...මේක..මේක ඔ..ඔයාද ලිව්වෙ...?"

වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් මගෙ මූණට එබිල හියුන් අහනවා...

" ආහ්? ඔව් හියුන්..ඒත් මට මේ හිස්තැන පුරවගන්න බෑනෙ?"

" හිස්තැන??"

එයත් ඒ හිස්තැනට ඇස් යවන්න ඇති..

" lknow that you’re hesitating because even if you say the truth
In the end it will all return as scars
I’m not going to say anything blatant like “find strength”
I will let you hear my story, let you hear it

What did I say?
I said you’d win, didn’t I?
I couldn’t believe it (really)
Could I win it?
This miracle that isn’t a miracle
Did we make it?
(No) I was here
You were the one that made your way to me
I do believe your galaxy
I want to listen to your melody
Your stars in the Milky Way
Don’t forget that I found you anyways
At the end of my despair
You’re the last reason
For me who was standing at the edge of the cliff
Live

On days I hate being myself, days I want to disappear forever
Let's make a door in your heart
Open the door and this place will await
It's okay to believe, the ___________will comfort you

While drinking a glass of hot tea
And looking up at the Milky Way
You’ll be alright, oh, this here is the ___________

________________________
________________________
________________________
________________________

Like a rose when blooming
Like cherry blossoms when being scattered in the wind
Like morning glory when fading
Like that beautiful moment
I always want to be the best
So I was impatient and always restless
Comparing myself with others became my daily life
My greed that was my weapon suffocated me and also became a leash
But looking back on it now, truthfully
I feel like it’s not true that I wanted to be the best
I wanted to become your comfort and move your heart
I want to take away your sadness, and pain

On days where I hate myself for being me, on days where I want to disappear forever
Let's make a door. It's in your heart
Open the door and this place will await
_______________

While drinking a glass of hot tea
And looking up at the Milky Way
You’ll be alright, oh, this here is the ____________

_______________________
_______________________
_______________________
_______________________

Would you believe me if I said that I was scared of everything too?
All the sincerity, the remaining times
All your answers are in this place you found
In your Milky Way, inside your heart

You gave me the best of me
So you'll give you the best of you
You found me. You knew me
You gave me the best of me
So you'll give you the best of you
You'll find it, the galaxy inside you

_______________________
_______________________
_______________________
  _______________________ "

හියුන්ගෙ මූණෙ පුංචි හිනාවක්.....

" මම උත්සහ කරන්නද ජන්ග්කුක්-ආහ්?? ඒ හිස්තැන පුරවන්න?"

හියුන්ගෙ මූණෙ පුංචි  බලාපොරොත්තුවක්...

" අනිවාරෙන් හියුන්...."

" හ්ම්..."

එහෙම කියපු එයා මගෙ දිහා විනාඩියක් විතර ඔහේ බලන් ඉන්න ඇති..

හියුන් මොකක් හරි හිතේ හිර කර ගෙන ඉන්නව..

ඒත් මොකක්ද?

...

...

ඊලගට එයා අකුරු කලා..


පුංචි වචන ටිකක්...

"So show me (I'll show you)
So show me (I'll show you)
So show me (I'll show you)
Show you show you"

ඒ වචන.....

" හියුන්..."

"කාලෙකට කලින්...එක දවසක.... කෙනෙක් මට එයාගෙ ඇස් දෙකෙන් ලෝකෙ පෙන්නුවා...එදා එයා මට වැටෙන්න නොදී අල්ලගත්ත..."

" එච්චර කැප කිරීමක් කලේ කොහොමද ජන්ග්කුක්-ආහ්??? මේ හියුන් වෙනුවෙන්? ආහ්..?"

" ජීමිනී හියුන්...."

ඒ කියන්නෙ ...

ඒ කියන්නෙ

එයාටත් මතක තිබිල..

මටත් කලින් ඉදන්ම..

එයා දැනගෙන ඉදල...

එදා වගේම..

" හියුන්..."

ආයෙත්..

මම ඒ අත් දෙක අතරට මැදි වෙලා ඇඩුවා..

හිතේ හැටියට ඇඩුවා..

එදා මගෙ හිත හදපු හියුන්..

අද මාත් එක්කම අඩනවා..

ඒත්..

වෙනත් වගේම ඒ අත මගෙ ඔලුව පුරා දුවනවා...

" හි.හියුන්..."

" දන්නවද? මට ඒ දේවල් පෙනුන දවසෙ ඉදන් මම කොච්චර දුක් වුණාද කියල ආහ්?  ඇස් ඉස්සරහ මගෙ මල්ලි ඉදලත් .. මට බැරි වුණා  මේ දේවල් කියන්න.... ඇයි ...ඇයි ජේකේ...ඇයි.. ඇයි එදා එහෙම කලේ..? මේ හියුන්ට ජීවත් වෙන එක කොච්චර අමාරු වුණාද කියල දන්නවද? තමන්ගෙ ලෙයින් ඉපදුනේ නැතත් තමන්ගෙ සහෝදරයා වගේ හිටපු උඹ එදා ඔය ඇස් දෙක මට දීල සදහටම ඇස් පියා ගෙන හිටියහම...මේ හියුන්ට දැනුන දේ දන්නවද...?  "

" මට හිතුන ජේකේ..මම උඹට වඩා ඉස්සර වුණා නම් කියල.. එහෙනම්..එහෙනම්.. මගෙ හදවතෙන් උඹ එදා ජීවත් වෙන්න තිබුණා.....ඇයි ජන්ග්කුක්... මම වෙනුවෙන් එච්චර දෙයක් කලේ...? පොඩි එකා වුණ උඹ එච්චර පණ්ඩිත තීරණයක් ගත්තෙ කොහොමද..?"

" අනේ හියුන්....!!"

" මම හැමදාම සොහොනට ආවා..දන්නවද? හැම දවසකම මම කතා කලා... හිනා වුණා එතනට වෙලා..කපුරු මලක් තියල හැමදාම මම යන්න ගියා.. ඒත් මාත් එක්ක උඹ කතා කලේ නෑ..හරියට තරහ වෙලා වගේ... මම ඇඩුව ජන්ග්කුක්..ඇඩුවා... හැමදාම ඇඩුවා..."

" ඒත්..මම ඉවසුවා..උඹ වෙනුවෙන්... මතකද..හොබී හියුන් උඹේ ඇස් දෙකට විහිලු කරද්දි මම කෑ ගහපු හැටි..උඹේ ඇස් හාවෙක්ගෙ වගේ ලොකුයි කියල tae කියද්දි මම බැනපු හැටි...ඒ ...ඒ උඹේ ඇස් දෙක තරම් වටින ඇස් දෙකක් මම නොදන්න නිසා ජන්ග්කුක්..ඔය ඇස් දෙකෙන් මම ලෝකෙ දැකපු නිසා..ඒ හින්ද දැන් අඩන්න එපා... උඹට රිදුනත් මම ආස නෑ ඔය ඇස් දෙකට රිදෙනවට.."

" යා...හ් හියුන්..ඇස් දෙක මගේ.. ඉතින් මට රිදුනහමත් ..දුක් වෙනවා...!!"

එක පාරට කෑ ගහල කිව්වහම හියුන්ගෙ මූණෙ හිනාවක්......

" මට තරහ වෙන්න ඕන උඹත් එක්ක...මාව තනියම දාල ආව එකට..ඒත්...ඒත්... මම තරහ වෙන්නෙ නෑ...මොකද උඹ පොරොන්දු වුණ විදිහටම මාව හොයාගෙන ආයෙත් ආව නිසා..."

හිනා වෙන ගමන් හියුන් තදින් මාව වැළද ගත්තා...

තනි වෙලා හිටපු කාලෙක..

කාත් කවුරුත් නැතුව අසරණ වුණ කාලෙක..

ඒ උණුසුම මට නැගිටින්න  අත්වැලක් වුණා..

නොතෙමී ඉන්න වහලක් වුණා..

ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වුණා...

ඉතින්...

ඒ උණුසුම නැතුව එදා මම ජීවත් වෙන්න තීරණය කරනවට වඩා...

මට ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇති කරපු මගෙම සහෝදරයා වුණ ඔයාගෙ ජීවිතයට ජීවයක් දීපු එක...

ඒක වැරදි නෑ හියුන්...

කවදාවත් නෑ...

සමහර විට...

එදා එහෙම නොකල නම්..

අද..

අද මම මෙහෙම ඔයාල ලග නොඉන්න තිබුණා...

ඉතින් මම සතුටු වෙනව හියුන්..

ඒ කැපකිරීමට...

හදවතින්ම...

...

...

...

...

...

...

" උඹ සින්දුව හදල ඉවරද? මෙච්චර ඉක්මනට..?"

Dorm එකේ සුපුරුදු මේසෙට වෙලා අපි හත් දෙනා ඉද්දි හොබී හියුන් අහපු ප්‍රශ්නෙ....

ඒ එක්කම මගෙ ඇස් නතර වුණේ ජීමින් හියුන් ලග..

එයා හිනා වෙනව..

" යා...කුකියා දක්ෂයා... "

වී හියුන් පැනපු ගමන් මගෙ මූණ මිරිකුවේ මම කෑ ගහද්දි...

ආහ් ඇත්තට...කොයි වෙලේ හරි මගෙ කම්මුලේ කෑල්ලක් වී හියුන්ගෙ අතේ තියෙයි...

" ඒක ලස්සනයි ජේකේ...මාර ලස්සනයි... මට හිතා ගන්න බෑ උඹට මේ වචන කොහෙන් ආවද කියල.. ආර්මිල අනිවාරෙන් කැමති වෙයි මේකට..ඔන්න බලන්නකෝ..මට ඒක ඉර හද වගේ විශ්වාසයි.."

ජුනී හියුන්ගෙන් ඕනවටත් වඩා ප්‍රශංසාවක්...

ඒක එච්චර ලස්සනද?

ඔව්..

මගෙ ජීවිතේ මම එක දවසක නැගිටින්න හේතු වුණ වචන ටික..

ඉතින් ලස්සන නොවී තියේවිද?

" ඒත් මේ අතරින් පතර තවත් හිස් තැන්..? ඒ මොනවද ජන්ග්කුක්? "

" ම්.... ඒ සින්දුවේ නම දාන්න ඕන තැන් හියුන්..."

" ඉතින් නමක් හිතුවද?"

ජින් හියුන්ගෙ ඒ ප්රශ්නෙත් එක්ක මම ආයෙත් බැලුවෙ ජීමීන් හියුන් දිහා...

" එයා දැනටම නම දන්නව හියුන්...නේද ජන්ග්කුක්-ආහ්??? "

මගෙ උරහිසට අත තියල ජීමීන් හියුන් හිනා වුණා..

ඔව්...

"මම දන්නව නම..."

එක දවසක..

හීනයක් ඇතුලෙ...

මුහුදු වෙරලකදි...

කෙනෙක් මට...

ඇත අස්සෙ ක්ෂිතිජය පෙන්නලා

පෙන්නපු ආලෝකය...

නොසන්සුන් වුණ හිතට..

පිළිතුරක් හොයා ගන්න බැරි වුණ ප්‍රශ්නෙකට..

උත්තර දීපු ..

ක්ෂිතිජයෙන් ආපු අලුත් මාවත...

ඒක තමයි...

මේකට ගැලපෙනම..

සුදුසුම නම...

"MAGIC SHOP... ඒ  MAGIC SHOP..."

....

....

....

....

" හිමිදිරියෙ සීතලට

පිණි වැටුනු හුග දුරක්..

නෙතු පියලි සැලි සැලී..

මිමිණුවේ මිතු දමක්..

අතින් අත අල්ලගෙන..

තව යන්න හුග දුරක්..

එනවාද සොහොයුර..

සසර මග තව වරක්..

...

...

...

...
  _____________🌹END🌹_____________

💫💫💫

A/N...💜💜

ඔන්න...

කතාව ඉවර වුණා...

ඒත්...

මේ author note එකක් කියවලම යයි කියල හිතනව..

ඉතින්? මොකද හිතෙන්නෙ කතාව ගැන..?

හිතට දැනුන ද? චුට්ටක් හරි..?

මම හිතනව මම පොඩ්ඩක් හෝ සාර්ථකයි කියල..

අනිත් එක මම මේ කතාව ලිව්වෙ මගෙ අනිත් කතා දෙක ලියන ටයිප් එකට නෙවෙයි..

ඔයාලටත් ඒක තේරෙන්න ඇති..නේද?

මේ කතාව ලියන්න මට හේතු ගොඩක් තියෙනව..

ඉන්න..මම ඒවා කියන්නම්..

වට්පෑඩ් use කරන ඔයාල ඕන තරම් දැකල ඇති BTS ship story.. එහෙම නේද? ඒත්..?

ඒත් සහෝදර බැදීමක් ගැන මිතුරකමක් ගැන ලියවුණ පොත් හරි අඩුයි නේද?

හොදයි...මම ජීකුක්  ෂිපර් කෙනෙක්.. but not heard ship..only soft ship..

ඒ වගේම මම වීමින්..තේකුක් ෂිප් වලටත් කැමතියි..ඒත් soft ship ම විතරයි..

මේ වට්පෑඩ් එක USE කරන ගොඩක් ෂිප් ඕතර්ස්ල BTS ship  ff ලියනව..

ඒත් love story  විදිහට..

සමහරු කියනව තමන්ගෙ බයස් කෙල්ලෙක්  එක්ක දාල ලියන්න දුක නිසා එහෙම ලියනවලු..

ඒවා ඉතින් අනේ මන්දා...

ඉතින් බැරිද ඕතර්ට ඕතර්ව තමන්ගෙ බයස්ට දාල ලියන්න?

නෑ ඉතින් මම පුංචි විසදුමක් කිව්වෙ එයාලට..

වැරදියට හිතන්න එපා🤭🤭..

මම අලුත් ඕතර් කෙනෙක්..ලියන්න ඉගෙන ගන්න කෙනෙක්..

ඒ වගේම රීඩර් කෙනෙක්..

මම මේ වට්පෑඩ් ඇප් එකේ තියෙන BTS  fan fiction  කිහිපයක්ම කියවල තියෙනව..

ආදරය..වේදනාව..සහෝදරත්වය.. මේ හැම දේම ඒ පොත් වල මම දැක්ක..

ඒ වගේම..

ඒ හැම පොතකම පෙනෙන අර්ථයට වඩා ගැඹුරින් දෙයක් ඉගෙන ගන්න තිබුනා..

අපේ ජීවිතයට..ලොකු පාඩමක් කියල දුන්නා..

මම ගොඩක් දුක් වෙලත් ඇති පොත් කියවල..

එකම එක පාරක්...

එක කතාවක එක සිද්ධියක්.. මාව ගොඩක් emotional  කලා..

ඒ.. සහෝදරයෙක්..තමන්ගෙ සහෝදරයන්ව දාල ජීවිතේ අතෑරල යන සිද්ධියක්..

මම දන්නෙ නෑ ඔයාලගෙ මතේ මොකද්ද කියල?

ඒත් ජීකුක් ෂිප් එකක් ඇතුලෙ තේකුක් ෂිප් එකක් ඇතුලෙ වගේම අනිත් ෂිප් ඇතුලෙදිත් lover කෙනෙක් විදිහට දකින ආදරේට වඩා.. lover කෙනෙක්, lover ගෙන් වෙන්වෙන වේදනාවට වඩා..

සහෝදරයෙක් තමන්ගෙ සහෝදරයට දක්වන ආදරය.. සහෝදරයෙක් අනිත් සහෝදරයන්ගෙන් වෙන් වෙන වේදනාව මට ගොඩක් දැනෙනව..

ඒක හරිම ලස්සනයි..

ඒකයි වෙනසකට මම මේ වගේ story එකක් ලිව්වෙ..

මම දන්නෙ නෑ මම සාර්ථකද කියල..? ඒත් මම සතුටු වෙනව මම ඒ දේ උත්සහ කලා වගේම අවසන් කරපු එකට..

එක නංගි කෙනෙක් මගෙන් අහල තිබ්බ..

" අක්කේ ff  වලට පොඩී ප්‍රශ්නයක් ගිහින් නේද? හේටර්ස්ල නිසා පොත් ගොඩක් ඕතර්ස්ල අයින් කරනව.. ඔයත් අයින් කරනවද" කියල

ඒත් මම අයින් කරන්නෑ..😂

මොකද හේටර් කෙනෙක්ට කියවල BTS ලට අපහාස කරන්න පුලුවන් විදිහට කිසිම තැනක මම  ff ලියල නෑ..

ඕන නම් ලින්ක් එක හරි යවන්න..🤭

කියවල කමෙන්ට් එකක් දායිනෙ..🤭

ආ..තවත් දෙයක්...

සමහර  ff වල මම දැකපු දෙයක් තමයි..ඒ ඒ පොතක එක චැප්ටර් එකක් ලියන්න ඕතර් කෙනෙක් කොච්චර මහන්සී වෙනවද කියල..

කොටස් තිහ හතලිහ පනහ  තියෙන  ff  වල ඒ ඒ කොටසින් කොටසට කතාවෙ ප්ලොට් එක හදන්න..කතාව ගලාගෙන යන විදිහ හරියටම manage  කරන්න..ඕතර්ස්ල ගොඩක් මහන්සි වෙනව..

ඒ වගේ මහන්සි වෙලා නිර්මාණාත්මක විදිහට ගොතපු කතාවක් තමයි ඔයාල කියවන්නෙ..

ඒ අතරෙ තේරුමක් නැති විදිහට ලියපු ff තියෙනව ඉතින්..

( දැන් මේ මම කියන්නෙ මගෙ  ff හොදයි කියල නෙවෙයි ඈ..වැරදි අදහස් ගන්න එපා..😒)

Ship ff ලියන එක වැරදියි කියල කියනවට වඩා මම මෙහෙම කියන්නම්..

ලියන්න... කියවන්න පුලුවන් විදිහට..

අපහාස නොවෙන විදිහට..

ගොඩක් අය කියනව " මම BTS ලට අපහාස කරන්න නෙවෙයි මේවා ලියන්නෙ..මේක ඇතුලෙ ඉන්නෙ bts members ල නෙවෙයි..." අරකයි මේකයි කියල..

ඒත් ඉතින් ඕක කියවන එකා ඔය කතාවෙ ජීමින්...ජේකේ.. තේ හියුන්..  කියල තියෙනකොට වෙන කෙනෙක්ව මවා ගන්නෑනෙ නේද?

" චූටි ඇගිලි.. කොට පෙනුම...හීනී ඇස්.." දැන් එතකොට ඔතන ඉන්නෙ ජීමීන් නෙවෙයිද?

ඔතන මවා ගන්නෙ කියවන කෙනා ජීමින්ව නෙවෙයිද?

මම දන්නෑ ඉතින් මට නම් නම තිබ්බහම..නමට අදාල කෙනාගෙ පෙනුම ඒ විදිහටම තිබ්බහම මැවෙන්නෙ ඉතින් අර ස්ටේජ් එකේ නටන ,සින්දු කියන BTS ලව තමයි..🤷‍♀️..

කතාවක් කියන්නෙ love,romance ,sex විතරක්ම නෙවෙයිනෙ නේද?

"21+  තියෙන්නෙ කියවන්න එපා.." කියල තිබ්බට ඉතින් පොඩි අය කීයවන්නැතුව ඉන්නෙ නෑනෙ..

ඉතින් පොතක් ලියන ඕතර් කෙනෙක් හොදට හිතල පොත් ලියන්න ඕන..මොකද මේකෙ ඉන්නව ලොකු අය වගේම පොඩි අයත්..

කෙටියෙන් කෙලින්ම කිව්වොත්..BTS members ල දෙන්නෙක් අතරෙ ඔයාල bed sence  එකක් ලියනවනම් ඔලුවෙන් හිටගෙන නෑ කිව්වත් ඔයාල කරන්නෙ අපහාසයක් තමයි....

ඉතින් නිදහසට කරුණු කියල බෑ ඔයාලට ඒකෙන් පැනල යන්න..

මම BTS ship ff .. I mean heard ship story කියවන කෙනෙක් නෙවෙයි..

දැන් අහන්න එපා එහෙ නම් ඕවා දන්නෙ කොහොමද කියල😂

අපිටත් ඕවා ආරංචි වෙනවා..

ඉතින්..

මට රිපෝට් වදීද දන්නෙත් නෑ ඕවා කියවල😂.

කමක් නෑ..දුකක් නෑ..කියල ඉන්නව..

ඉතින් මම හිතනව මේ කතාව ඔයාලට මතක හිටින වෙනසක් වේවි කියල..

ගොඩක් අය 9 chapter එක කියවල ඇඩුවලු නේද?🤭🤭🥺🥺

සොරි ඈ..

දැන් එහෙනම් හිනා වෙන්නකො..

අද අනිවා කමෙන්ට් එකක් දාන්න හැමෝම..

එහෙනම් ආයෙ සුපුරුදු පරිදි DLM ff එකෙන් හම්බවෙමු..

අවසාන වශයෙන්..මගෙ ආසම  ff එක until the spring comes again..

FICTION AWARD  එකේ best foreign language story  වලින් win කරල තියෙනව..

Congratulations sis YOU_I_97 🥳💜 I'm so happy and..proud of you..

💜SEE YOU AGAIN 💜

  _____________🌹RUTH🌹_____________





Continue Reading

You'll Also Like

326K 1.1K 44
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
5.7K 1.2K 11
@fangirleuphoria , @ivyydinaxx මේ දෙන්නගෙ Meme collections දැක්කම මටත් හිතුනා memeland එකක් හදන්න....😊 මේකේ තියෙන හැම meme එකක්ම මන් හදපු ඒවා නෙවෙයි...
32.1K 620 27
ប្រភេទរឿងនឹងរូបបែបស៊ីអារម្មណ៍ ស្រើបស្រាល🔞 គ្រប់រសជាតិ Sweet Hot....
3.4K 625 13
[ YOONMIN ] Don't Copy My Work 🚫 Sinhala Yoonmin Start - 22/04/2022 End - 03/07/2022