" සමහර ගමන්...
තනියම ගියාම සැනසීමයි...
එතකොට...
කවුරුත් නෑ මගින් හැරෙන්න..
කවුරුත් නෑ අත් හරින්න...
හේතුවක් නෑ දුකක් දැනෙන්න...
උවමනාවක් නෑ..මටත් නවතින්න...
ඉතින්...
තනියම යන්න....
මම වගේ...
ඔයා විදවන එකක් නැති වේවි..."
( JJK)
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
" ජීමින්..., අපි සර්ජරි එකට රෙඩි වෙමු..ඔයාගෙ මල්ලි ඔන්න ඒකට හැමදේම ලෑස්ති කරල.."
" මොකක්?"
සුපුරුදු විදිහටම ඒ ඇස් වල පුදුමය තැවරිලා...
ඒ ඇස් දිලිසෙනවා...
හියුන් සතුටින්...
" ඔව්...තව පැය තුනකින් අපි ඒක කරමු.... ජීමින් බඩගිනි නම් දැන්ම මොනව හරි කන්න..පැය දෙකක් ඔයා නොකා ඉන්න ඕන හොදද?"
ඩොක්ටර් එහෙම කියල ආයෙත් රූම් එකට ගියේ මටත් ඔලුව වනලා කතා කරන ගමන්..
" ජ...ජන්ග්කුක්-ආහ්?? ඔයා.."
" හියුන් එලියෙන් ඉන්න...මම ඩොක්ටර් හම්බෙලා එන්නම් හොදේ..."
හියුන් මොකුත් කියන්නත් කලින් ඒ අත්වලින් අල්ලගෙන රූම් එකට ගිහින් ඇරලපු මම ආයෙත් එන්න ආවෙ ඩොක්ටර් හම්බෙන්න..
යන්නත් හැරිල මම ආයෙත් බැලුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව තියෙන ඒ මූණ දිහා..
හියුන්..,
ඔයා සතුටින් නේද හියුන්...?
ඔව්...
මම පොරොන්දු වුණා වගේම...
ඔයාට මේ ලෝකෙ පෙන්නනව හියුන්...
මම ඒක කරනවමයි...
.....
.....
.....
.....
.....
" ඔයා ඇස් දෙකක් දන් දෙන්න හොයා ගත්ත පේෂන්ට් කොයි හොස්පිටල් එකේ ද ඉන්නෙ ජේකේ? අපි ඉක්මනට එයාව මේ හොස්පිටල් එකට ගේන්න ඕන..ඔයා කිව්වෙ එයා මේ ලගමයි කියල නේද?"
කොලයක මොනවද මන්ද කුරුටු ගාන ගමන් doctor මගෙන් අහනවා..
මම ඔහේ බලන් හිටියෙ මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව..
" ජන්ග්කුක්??"
පිලිතුරු නැති මගෙ මූණ දිහා doctor බලාගෙන...
" doctor..."
" කියන්න දරුවෝ...මට අද ඔයාගෙ මූණෙ වෙනසක් පේනව.."
එයාටත් මගෙ කලබල හිත ගැන තේරිල..
දෙපාරක් නොහිතම පුටුව පැත්තකට කරල මම doctor ඉස්සරහ දණ ගැහුවෙ අත් දෙක එකතු කරල මූණ බිමට හරවගෙන..
මම දන්නව..කීයටවත් නැත්තන් එයා මේකට කැමති වෙන්නෑ..
ඒත්..
ඒත්..
මට ඒක කරන්න ඕන...
මගෙ හියුන් වෙනුවෙන්...
" ජ..ජන්ග්කුක් මොකද මේ ආහ්?? "
" ඩොක්ටර්...ප්ලීස්...මගෙ.. මගෙ හියුන්ට මගෙ ඇස් දෙක දෙන්න...ප්ලීස් ඩොක්ටර්...මම වැදල ඉල්ලන්නෙ ඔයාගෙන්..."
අත් දෙක එකතු කරල මම ඉල්ලපු එකම ඉල්ලීම..
මට මොකුත්ම කරන්න බැරි වුණා මගෙ හියුන් වෙනුවෙන්..
මොකුත්ම..
ඒත් මට බෑ තවත් එහෙම ඉන්න...
ආසයි..එයා ඇස් ඇරල ලෝකෙ දකිනව බලන්න..
ඒ ඇස් සතුටින් දිලිසෙනව බලන්න..
මාත් එක්ක හිනා වෙනව බලන්න..
ඒත්..
ඒත් හියුන්ට මාව පෙන්නන්න හිටියොත්..
මට කවදාවත් බැරි වේවි එයාට ලෝකෙ පෙන්නන්න...
හියුන්..,
මේ හිතුවක්කාර මල්ලිට සමාව දෙන්න හියුන්..
මම වෙනුවෙන්..,
මම වෙනුවෙන් ශක්තිමත් වෙන්න...
මම පොරොන්දු වුණ විදිහටම..
ඔයාට මේ ලෝකෙ පෙන්නන්නම්..
ඒත්..
ඔයාගෙ ජේකේට ඔයා හිනා වෙනව බලන්න ඉන්න බැරි වෙයි හියුන්...
ඔයාට ඔයාගෙ ජන්කුක් එක්ක හිනා වෙන්න බැරි වෙයි..
ලස්සනයි කියපු ඔයාගෙ මුරණ්ඩු මල්ලිව..ඔයා හාවෙක් වගේ කියපු ඔයාගෙ පුංචි මල්ලිව..
ඔයාට දකින්න බැරි වෙයි හියුන්..
ඒත්..
ඒත් හැමදාම මම ඔයා ගාවම ඉන්නව..
හැම මොහොතෙම..
මොකද මගෙ ඇස් දෙක අද ඉදන් ඔයාගෙ..
මාව මතක් වුණ වෙලාවට..
ඔයාගෙ පෝන් එකේ තියෙන අපි දෙන්නගෙ සෙල්කා එක...
ඒක බලන්න හියුන්..
අපි සතුටින් එකට ගත කරපු ඒ දවස්...
ආය මට ඔයත් එක්ක ඉන්න බැරි වෙයි...
..
අනේ..!!
මට සමාව දෙන්න හියුන්..
මට සමාවෙන්න..ඔයාව දාල යන එකට...
....
....
....
....
" ජන්ග්කුක්...!! මො..මොනවද මේ කියවන්නෙ දරුවෝ... මම කො..කොහොමද ඒක කරන්නෙ? අනිත් එක..අනිත් එක ජීමින් කීයටවත් මේකට කැමති වෙන්නෑ...අනිවාරෙන්.. ඔයා ඉන්න තත්වෙ එක්ක ..ඔයාගෙ ජීවිතේ...නැ..නැති වෙයි ජන්ග්කුක්.."
" මම දන්නව..මම දන්නව..ඒත්..එයාට මේක කියන්න එපා ඩොක්ටර්...
ඇස් අරිනකන්..මගෙ හියුන් මේක දැන නොගෙන ඉදීවි...මම දන්නව..එයා දුක් වෙයි..ගොඩාක්..මොකද..මොකද හියුන් මට ගොඩක් ආදරෙයි....ඒත්..මගෙ කැපකිරීමට එයා වටිනාකමක් දේවි ඩොක්ටර්....එයා ඒක කරාවී..."
" මෙච්චර කල් ඔයාව ජීවත් කරවන්න උත්සහ කරපු මගෙ අත් දෙකෙන්ම මම ඔයාව මරන්නෙ කොහොමද ජන්ග්කුක්!!! මට....මට බෑ දරුවෝ ඒක කරන්න...මට බෑ...."
ඒ ඇස් වලත් කදුලු...මට සමාවෙන්න..මට සමාවෙන්න...මෙච්චර අමාරුවක දැම්මට..ඒත්..මට වෙන කරන්න දෙයක් නෑ..මගෙ හියුන්ව මට බේර ගන්න ඕන..
" මගෙ අවසාන ඉල්ලීමවත් ඉෂ්ට කරන්න ඩොක්ටර්..!! ප්ලීස්...."
" මෙච්චර ලස්සන හදවතකට දෙවියෝ මෙහෙම කලේ ඇයි ජන්ග්කුක්?? මට ඔයාව බේර ගන්න බැරි නම් මම ඩොක්ටර් කෙනෙක් වුණ එකේ තේරුම මොකද්ද..?"
" ජීවිතේ මමත් කවදම හරි ලොකු පවක් කරන්න ඇති... ඒත්..ඒත් ලබන ආත්මෙකවත් මට සතුටින් ජීවත් වෙන්න මේ ආත්මෙදි මට මේක කරන්න දෙන්න ඩොක්ටර්? දෙවියෝ උනත් එතකොට මම ගැන අනුකම්පා කරාවි..."
" අනේ දරුවෝ..!!"
මම දන්නව..මේක ගොඩක් අමාරුයි...
ඒත්...
මට වෙන විකල්පයක් නෑ...
මම..
මම වැරදි නෑ නේද?...
....
....
....
....
" ජන්ග්කුක්-ආහ්?? මම..මම ආයෙත් ලෝකෙ දකින්න හදන්නෙ... මට...මට ඔයාව දකින්න පුලුවන්..මගෙ පුංචි මල්ලිව... අපි වෙනද යන බෙන්ච් එකට ගිහින් කොෆි බොමු හොදද? ඕ...මම ඔයාට dance කරල පෙන්නන්නම්කෝ..."
මගෙ අත් අල්ලගෙන කතුර වගේ කියවන හියුන්ගෙ ඇස් සතුටින් දිලිසෙනව..
මම කොහොමද කියන්නෙ හියුන්?
මේ මල්ලි ඔයා ලග ඉන්න අවසාන දවස අද කියල..
අදින් පස්සෙ..
අදින් පස්සෙ ජන්ග්කුක් කියල කෙනෙක් මේ ලෝකෙ නෑ කියල..
හියුන්...,
ඔයා...
ඔයා හැමදාම මගෙ සොහොන ලගට එනව නේද?
ඇවිත්...
මාත් එක්ක කතා කරනව නේද?
දැන් වගේම?
මම දන්නෙ නෑ මට ඇහෙයිද කියල..
ඒත්..
ඒක කරනව නේද?
වෙනද වගේ කාගෙ හරි ඇගේ වැදිල ඔයා වැටෙන එකක් නැති වේවි...
මොකද..
මගෙ හියුන්ගෙ ඇස් දෙක පේනව..
මේ කුකීගෙ ඇස් කොහොමත් ගොඩක් පේනව හොදද..
ඉතින් හිතේ හැටියට ඔයාට ලෝකෙ දකින්න පුලුවන් වේවි....
" හී..හියුන්.."
" ඕ..ජන්ග්කුක්- ආහ්??"
" ලබන ආත්මෙකත් මගෙ හියුන් වෙලා..ඔයා මගෙ ලගට එනව නේද හියුන්?"
" යා..කොල්ලො මොකද මේ..?"
" නිකන්..මට නිකමට හිතුන අහන්න.."
" කියන්න හියුන්..එනව නේද? ඔයාව..ඔයාව මගේ ලෙයින් උපන් සහෝදරයා කර ගන්න මට බැරි වෙයි..මොකද..මම මගෙ හියුන්ට පොරොන්දු වුණා එයාගෙ මල්ලි වෙනව කියල..ඉතින්..මේ ආත්මෙදි වගේ..කොතනකදි හරි..ඔයා මං ලගට එනව නේද? ඔයාගෙ මල්ලි ලගට?"
" අනිවාරෙන් ජන්ග්කුක්... මම එනව..මගෙ මල්ලි හොයාගෙන.."
මට ඒ හොදටම ඇති හියුන්...
දන්නවද?
තව පැයයි..
තව පැයයි මම ඔයා ලග ඉන්නෙ..
තව එක පැයකින් ...
මම සදහටම..
ඔයාව දාල යනව හියුන්...
ඒත් මම සතුටින්...
මම හියුන් වෙනුවෙන් දෙයක් කලා..
ඉතින්..
මට සතුටින් හියුන්...
මන් වෙනුවෙන් ලෝකෙ දකින්න..
වෙනද වගේම හිනා වෙන්න...
ඒත්...
මම වෙනුවෙන් එක පුංචි කදුලු බින්දුවක් වට්ටන්න..
ඒක ඔයාගෙ පුංචි මල්ලිගෙ ආදරේට වටිනා කමක් දේවී..
හියුන්.... සරන්ග්හේ.....
....
....
....
....
....
යන්න හැදුවත් යන්න නොදෙන මගෙ ආත්මය...
මගෙ ශරීරය පහල ..
ජීමිනී හියුන්ට එහා පැත්තෙන් ...
මමත් ඇස් පියාගෙන..
හියුනුත් ඇස් පියාගෙන...
හියුන්...,
මාව මතක තියා ගන්න..
ඔයා ලග පොඩි ලමෙක් වගේ හුරතල් වුණ පුංචි මල්ලිව...
ඔයාට ගොඩක් පින් හියුන්..
කවුරුත් ආදරේ නොකර අතෑරල දාපු මට සහෝදරයෙක් වුණාට...
මේ ලෙඩ හදවතට සහෝදරයෙක්ගෙ ආදරය දුන්නට..
මට ජීවිතේ විදින්න ඉගැන්නුවාට...
ඉතින්...
තව චූටි වෙලාවකින්..
ඔයා ඇස් අරීවි...
ඒත් මම...??
මම සදහටම යන්න ගිහින් ඉදීවි...
ඒත්...
මගෙ ආත්මය ඇයි තාම මෙතන...??
මට බෑ ඔයා අඩනව බලන්න...
හියුන්...,
මම යනකන් ඇස් අරින්න එපා හියුන්..
.....
.....
.....
" ජීමින්??"
එයා ඇස් අරින්න හදන්නෙ? මගෙ හියුන් ඇස් අරින්න හදන්නෙ..?
මගෙ පණ නැති සිරුර..එහා කාමරේ කොනක සුදු රෙද්දකින් වහල දාල...
ඒත් මම තාමත් ඔයා ගාව...
එයා හෙමින්..
හෙමින් ඇස් අරිනව..
වටේට ඔතපු බැන්ඩේජ් එක ගලවල ,පුලුන් කෑලි ටිකක් පැත්තක...
එයා...
එයා ඇස් ඇරිය...
මගෙ හියුන් ඇස් ඇරිය..
ඒ ඇස් සතුටින් දිලිසෙනව...
අනේ හියුන්.....
" ඩොක්ටර්?? මට..මට ජේකේව බලන්න ඕන...එයා..එයා කොහෙද?"
මගෙ හියුන්ට මාව බලන්න ඕනලු...
මුලින්ම මාවද හියුන් ඔයාට බලන්න ඕන..?
ඒත් මම කොහොමද එන්නෙ?
මම..
මම..
මම මැරිලනෙ හියුන්..
" ඩොක්ටර් කො එයා..කොහෙද මගෙ මල්ලි..? ඇයි එයා මෙතන නැත්තෙ? ජන්ග්කුක්- ආහ්? ජන්ග්කුක්- ආහ්? ඔයාගෙ හියුන්ට ඇස් පේනව..කොහෙද ඔයා..? යා..කොල්ලො..ඉන්න තැනකින් එලියට එනව..හොරා පොලිස් සෙල්ලම් කරන්නැතුව "
මගෙ හියුන් කාමරේ පුරාම මාව හොයනව..
මම...
මම අසරණයි හියුන්...
ඔයාගෙ ඉස්සරහට ආවත්..
ඔයාට මාව පේන්නෑ..
හියුන්..
ඔයාගෙ මල්ලි මෙතන...
ඔයාගෙ ලග ඉන්නෙ..
පේන්නෙ නැද්ද හියුන්....
මාව?...
" ජී..ජීමින් කලබල වෙන්නැතූව ඉන්න ඔහොම.. "
" කෝ ඩොක්ටර් කොහෙද එයා..."
එයා තාමත් මාව හොයනව....
දුවගෙන..
දුවගෙන හොස්පිටල් එක පුරා එයා මාව හොයනව.
හති දාගෙන මම හිටපු රූම් එක ගාවින් එයා දුවගෙන ගියා..
ඒත්...
හදිසියේම කකුල් දෙක එක තැන නතර කරගෙන..
බැලුවා...
මගෙ මළකද වහල දාපු රූම් එක දිහා..
" ජ..ජන්ග්කුක් ආහ්??? ඔ..ඔයා..මෙතනද? මට දැනෙනව ඔයා මෙතන ඉන්නව..යා..යා...කොහෙද ඉන්නෙ..?"
ඒත්...
එක පාරට හැම තැනම ඇස් ඇරපු එයා අතට ගත්තෙ පෝන් එක..
පීර පීර ඒකෙ පොටෝ බලපු එයා..
අන්තිමට ඒක හොයා ගත්ත..
ඒ මූණෙ මම දකින්න ආසම හිනාව..
ඔයාගෙ මල්ලි ලස්සනයි නේද හියුන්..
" මම කිව්වෙ.. ඔයා හාවෙක් වගේ කියල.."
හෙමීට හිනාවක් අතරින් මුමුණපු එයා ආයෙත් කාමරේ පුරා ඇස් යවනව..
හියුන් මෙතනින් යන්න...
ඔයා මාව මෙහෙම දැක්කොත් අඩාවි..
ඒත් නෑ..
එයා යන්නෙම නෑ..
" යා..... !!!! ජන්ග්...??? "
ආයෙත් එයාගෙ ඇස් නැවතුනා....
මගෙ...මගෙ..මැරුනු මළකඳ දිහා..
සුදු රෙද්දෙන් වහල දාල තිබ්බ රෙද්ද...
වෙව්ලන අත් වලින්...
එයා හෙමීට අයින් කලා....
ඒ ඇස්...
එක මොහොතකට එක තැන ගල් ගැහුන වගේ නතර වුණා...
වෙව්ලන ඒ අත් මගෙ පණ නැති සිරුරෙ කම්මුල් දෙකේ එහා මෙහා යනව..
මට..මට ඔයාව දැනෙන්නෑ හියුන්..
මට ඔයාගෙ උණුසුම දැනෙන්නෑ...
" ජ...ජ..ජන්ග්කුක්-ආහ්??? ජන්ග්කුක්- ආහ්??? ජන්ග්කුක්- ආහ්..??? "
" මේ ඔයා නෙවෙයි නේද? ම...මල්ලි.... ක..කතා කරන්න මොකද මේ....යා..ජොන් ජන්ග්කුක්!!!!! කතා කරනවා...!!! කතා කරනවා....!!!!!!!!!"
මගෙ උරහිස් හොලවන ගමන් හියුන් කෑ ගහනව..
එයා..හොදටම අඩනවා..
මගෙ හියුන් හොදටම අඩනවා..
අනේ හියුන්...අඩන්න එපා...
ප්ලීස්....
ඔයා..කතා කලාට මම එන්නෙ කොහොමද...?
" යා..හ්!!! මා...මාව අඩවන්න එපා... ජන්ග්කුක් ඇයි මේ..? මාත් එක්ක අද පාර්ක් යන්නැද්ද ආහ්? අද අපි කෝපි බොන්නෙ නැද්ද? හියුන් එක්ක සෙල්කා ගහන්න එන්නෙ නැද්ද ජන්ග්කුක්?? ඇයි..ඇයි.. ඇයි කතා කරන්නැත්තෙ? දුක නැද්ද හියුන් ගැන.."
" ඕහ්..!! මම ඔයාට රිද්දුවද...අයියෝ..මගෙ මල්ලිට රිදුනද? මන් ඇල්ලුවත් ඇති ඔයා කෑ ගහනව..මට.සමාවෙන්න ජන්ග්කුක්-ආහ්!! කෝ..කෝ නැගිටින්න..අපි යං..අපි යං ඇවිදින්න..."
ඒ කටහඩ බිදිල ගිහින්... මට නැගිටින්න බෑ හියුන් ..මට එන්න බෑ ආය...
" ජන්ග්කුක්!!!!!!!!!!!!!! ඇයි...ඇයි..ඇයි හියුන්ව දාල ගියේ?? ඇයි? ආපහු එන්න ජේකේ.... එන්න... වඳින්නම්.. එන්න ... ආයෙත්....ඔයා පොරොන්දු වුණා ...ම..මාත් එක්ක ඇවිදින්න එනව කියල...ම...මට මට රිදෙනව ජන්ග්කුක්..මට රිදෙනව..හියුන් කොහොමද මේක දරා ගන්නෙ? "
මට සමාවෙන්න මගෙ හියුන්... ඔයාව බදාගෙන අඩන්න ඕන.. ඒත්.. ඒත් මට බෑ හියුන්..මට බෑ...
මට සමාවෙන්න..
ඔයාව තනි කලාට...
ඒත්..
කවදම හරි...
මම ආයෙත් එනව හියුන්...
ඒක පොරොන්දුවක්....
මේ කුකී ඔයා හොයාගෙන..එනව..
එනවමයි....
....
....
....
....
....
....
....
"මා මැරුනු දිනක එන්න...
මා බලන්න ඇවිත් යන්න...
කිසි දිනයක නොහෙලු කදුලු...
එක බිදුවක් හෙලල යන්න...
දෑස තදින් පිය වුණාට..
දෙකොපුල් සීතල වුණාට..
පෙර පැවතුන දේ සිහි කර..
නලලෙ හාදුවක් තියන්න..
නෙත් දහසක් නොමැති වුණත්..
මගෙ යහගුණ ගී ගයන්න...
මල්ලි ලෙස එකම වරක්..
මා අමතා සිනාසෙන්න ...
දුක අමතක කර දමන්න..
මගෙ දගකම් සිහි කරන්න..
මුවගට කර කිසිත් නොකියා..
පස් අහුරක් දමා යන්න..
සොහොනින් නුඹ පිට වෙන විට..
මහ තනිකමක් මෙමට දැනෙයි..
කපුරු මලක් ලගින් තබා...
ආපසු නොබලාම යන්න...
●JJK●
...
...
...
...
________________/●/●/________________
කඩා නොවැටෙන පරිදි හදවත..
පිරෙව්වා සොයුරු හිස්තැන ඔබ...
වඩා මිහිරිව දැනෙන හැගුමෙන්..
හෙටත් අදහමි ඔබගෙ ඇස් ගැන...
විඩාපත් මොහොතකදි මගෙ ලග..
දග කමින් වැහි බිඳිති වස්සන ..
කුඩා කර ඇහි පියන් නටවන...
අහිංසක සිනහවයි ලස්සන...
උරහිසට හිස තියා හඩනා...
බොලද කොලු රුව මවමි මනසින්..
අරමුණක් නැති පරිදි හිනැහෙන..
සැහැල්ලුව පා කරන සිත යට..
පොලොව වෙත ඔය දෙඇස් බැදගෙන..
ලොවම අමතක කරන මොහොතට..
දඟකාර ලෙස නිතර හිනැහෙන..
කුඩා සොහොයුරු මවමි හැකි ලෙස..
ගණන් නොකරමි ගෙවුන දින සති..
මතක පමණක් හිතින් සමරමි..
ඔබෙන් එන ඒ සුවද සිහි කර..
හදවතින් මම කදුලු සලනෙමී..
රුවන් රන් මුතු වලට වැඩියෙන්..
සොයුරු සෙනෙහස හටම ලොල් වුණි..
එවන් ඇසුරක මතක ඇසුරෙන්...
අදත් සැනසෙමි... හෙටත් සැනසෙමි...
●PJM●
💫💫💫
A/N
NO Word...😐😐😐
Waiting for the final chapter..💜💜
Vote and comment guys..
🌹RUTH🌹