❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
හිම .....
අද හිම වැටෙනව...
අවුරුදු දොලහකට පස්සෙ...
මම මගෙ හියුන්ගෙ සොහොන ගාව....
එයා මාව දාල ගිහින් අදට අවුරුදු දොලහක්..,
පුදුමයි නේද?
මම තාමත් ශක්තිමත්ව ජීවත් වෙනව..
ඒත්...
ඒත් මම මරල දැම්ම..
අර හිටපු බොලද කුකීව..
මේ අවුරුදු දොලහටම මම කිසිම දවසක හිත පිරෙන්න හිනා වෙන්න නැතුව ඇති...
කාගෙත් හුරතල්... පුංචි ...බොලද ...අහිංසක කුකී...
එයා තව දුරටත් නෑ අද...
හියුන්....,
අදත් මම ආව ඔයාව බලන්න...
දන්නවද...
අදත් මට තව කෙනෙක් නැති වුණා...
ඔව්....
අද මම මගෙ පලවෙනි වගේම ..අවසන්...එකම ආදරේට තිත තිබ්බා....
අයෙරා....
යුන් අයෙරා....
හියුන්ට පස්සෙ මගෙ ජීවිතේට මම ඇතුලු කර ගත්ත එකම කෙනා...
මගෙ ආදරේ....
අද මට ඒක නැති වුණා...
නෑ....
එයා මාව දාල යන්න ගියා...
මගෙ දරදඩු හිත එක පුංචි වෙලාවකට හරි ලිහිල් කරපු එකම කෙල්ල...
ඒත්...ඒත්...මගෙ ඇත්ත තත්වෙ එයා දැනගත්තට පස්සෙ මාව දාල ගියා...
" කුකී.., ඔයා දන්නවද? මේ ලෝකෙ වැඩිපුරම මම ආදරේ ඔයාට.."
එදා....එහෙම කියපු එයා... අද කිසිම ගානක් නැතුව මාව දාල ගියා හියුන්...මේ මාව දාල ගියා...
ඒත් කමක් නෑ...
ඒත් මට දුක... එයා හරි ලස්සනට වෙන කෙනෙක්ගෙ අත අල්ලගෙන..මගෙ ඇස් ඉස්සරහම ඇවිදන් ගියා...
" let's brake up jungkook..."
කිසිම හිතක් පපුවක් නැති ගානට අද එහෙම එයා කිව්වහම...
මට...මට උත්තර නැති වුණා....
මොහොතකට මම ඒ මූණ දිහා හිස් හැගීමකින් බලන් හිටිය..
" අයෙරා...මගෙන්..මොකක් හරි වැරැද්දක් වුනාද? ම්...ඇයි මේ?"
මම ඇහුව එයාගෙන්...ඒ ඇස් දිහා බලාගෙනම...ඒත්..ඒත් ඒ ඇස් මාව මගාරිනව...
" මට ඕන ජීවිත කාලෙම මාව බලා ගන්න කෙනෙක් ජන්ග්කුක්....නැතුව ...නැතුව heart problem එකක් තියෙන හෙට අනිද්ද මැරෙන්න ඉන්න මනුස්සයෙක් නෙවෙයි...??"
ඒ වචන....ඒ වචන මාව අසරණ කලා...
ඒත්...ඒත් එයා හරි..
මන් වගේ ලෙඩෙක් කොහොම එයාව බලා ගන්නද?
ඒත් මම මැරෙනව කියල කවුද එයාට කිව්වෙ?
සමහර විට...සමහර විට මට ජීවත් වෙන්න පුලුවන් වේවි...
Doctor එහෙම කිව්ව මට...
ඉතින් මට බැරි වෙන එකක් නෑ නේද?
" හ්ම්....good luck babe...Saranghae..."
ඒත් ...ඒත්...මම සමුදුන්න එයාට..අවසාන වතාවට එයාව වැලදගෙන...
ඒ ඇස් ලොකු වෙලා....
පුදුම වෙන්න ඇති එයා... මගේ ප්‍රතිචාරෙට...
ඒත් මම එහෙම කලා...මම එයාට ආදරෙයි කිව්ව..
මොකද...ඒ මගෙ අවසාන වතාව නිසා..
ආයෙත් කිසිම දවසක හිතට එකඟව මට එයාට ඒ වචනෙ කියන්න බැරි වෙන නිසා..
මම ආයෙත් එයාට ආදරේ නොකරන නිසා..
අයෙරා...... , කිසිම දවසක...ආයෙත්...මට ඔයාව එපා...එකම ආත්මෙකදිවත්...
....
....
....
තාමත් මම හියුන්ගෙ සොහොන ඉස්සරහ...
අතේ තිබ්බ පුංචි කපුරු මල් කිනිත්ත මම තිබ්බ මගෙ හියුන් ගාව..
මේ හදවත නතර වුණ දාක මට ඔයාගෙ මල්ලි වෙලාම ඉපදෙන්න පුලුවන් වෙයිද හියුන්..
මේ හදවත ඉක්මනටම නතර වේවිද?
ඒක දැනටමත් දුර්වලයි....
පපුව ඇතුලෙ පිහි පාරක් යනව වගේ සැරින් සැරේට දැනෙන මේ වේදනාව එක පාර නවතිනවනම් එක අතකට සැනසීමක් හියුන්..
මගෙ වේදනාව ඔයාට පේනවද හියුන්...?
කිසිම ලෙඩක් නොතිබුන ඔයා එදා සදහටම ඇස් පියා ගන්නව වෙනුවට ලෙඩෙක් වෙච්ච මම මැරුන නම් අද ඔයා ලස්සනට ජීවත් වෙයි හියුන්...
මට දුකයි...මට දුකයි හියුන්...
මගෙ මේ වේදනාව කියන්න කෙනෙක්...මගෙම කියල දැනෙන කෙනෙක්....ඔයා වගේ කෙනෙක්...මට හම්බෙන එකක් නැද්ද හියුන්...?
නැත්තන් සදහටම තනි වෙලා ඉදල සද්ද නොකරම මේ හදවත නවතීද?
හ්ම්...
මැරුන ඔයාව මම ආයෙත් රිද්දනව නේද?
මට සමාවෙන්න හියුන්...
මට සමාවෙන්න...
මම යන්නම්....
පරිස්සමින්....
ඒ එක්කම මම ගියේ කනත්තෙන් එලියට...
සිහි කල්පනාවක් නැතුව...
යන්නන් වාලේ....
ඔහේ ඇවිදගෙන...
ඒත් එක පාරට...
" ආ...හ්....!!!"
මට ඉස්සරහින් ඇවිදගෙන ආපු කෙනා...
එක පාරට කෑ ගහගෙන බිම වැටුනා...
ඒත් ඇයි එයා මගෙ ඉස්සරහින් අයින් නොවුනෙ..
පිස්සුද මේ මනුස්සයට....
" තමුන්ගෙ ඇස් පේන්නැද්ද ආහ්..!! "
තිබ්බ තරහටම මම කෑ ගැහුව...
ඒත් කිසිම සද්දයක් නොකරම එයා බිම වැටිල සද්ද නොකරම...ඉස්සරහ බලාගෙන....
මේ මනුස්සයට පිස්සුද...?
" තමුන්ගෙ කන් ඇහෙන්නෙත් නැද්ද ආහ්...? "
ආයෙත් මම කෑ ගැහුව...
" මගෙ....මගෙ...මගෙ සැරයටිය...මගෙ සුදු සැරයටිය... ඒක ඒක..මට ඒක හොයල දෙනවද ? ප්ලීස්... "
මගෙ හදවත....මොකද්ද මම ඒ කලේ...?
දෙවියනේ...!!!! එයා..එයා ඇත්තටම අන්ධයිද...
බිම දනගහගෙන එයාගෙ අත් දෙකම එහා මෙහා කරන ගමන් එයා කතා කලේ හෙමින්..ගොඩක් හෙමින්...
එයාගෙ ඇස් පුදුම විදිහට කලබල වෙලා..
ඒ වගේම බය වෙලා...
මම වගේ තිරිසන් මනුස්සයෙක්..... ෂිට්!!! ඇස් පේන්නැද්ද කියලත් ඇහුව නේද මන්?
"... ආ...ආ...ම...මට සමාවෙන්න...මට සමාවෙන්න... ඉන්න.. මම උදව් කරන්නම්... "
එහෙමම මම එයාව නැගිට්ටවලා සැරයටිය අතට දුන්නෙ ඒ අත් වල ,ඇදුම් වල තිබ්බ වැලි මගෙ අත් දෙකෙන් ගසාලන ගමන්..
" Thank you so much .."
ඇස් දිහා නොබල උනත් මගෙ ඔලුවට අත තියල එයා මට thank කලා...
මට වටා ටිකක් කොටට පේන පෙනුම .... කලු කලිසම වගේම කලු හූඩි එක... නලල වැහෙන්න දාපු කලු කොන්ඩෙ... නොපෙනුනත් දීප්තිමත් වුන පුංචි ඇස් දෙක..මූණෙ නිතරම තියෙන ලස්සන හිනාව...
ඒ දේවල් දැක්ක විතරයි මට මං ගැනම මහ කලකිරීමක් දැනුන....
හැම දේම සර්ව සම්පූර්ණ මම කිසිම දවසක හිනා නොවුනත්...ඇස් අන්ධ එයා හරි ලස්සනට හිනා වෙනව....
" මේ...ඔයාට කොහෙට හරි යන්න ඕනද? මම උදව් කරන්නද? "
" නෑ...අනේ...එපා..මම නිසා කරදර වෙන්න.....වෙනදට මේකට එන අය මම එන පාරෙන් අයින් වෙලා ඉඩ දෙනව... සැරයටිය අකුලගෙන ආවත් එයාල දන්නව මම අන්ධයි කියල.... හැම දාම එන නිසා මටත් මේ පාරවල් හුරුයි..... "
" අනේ ඇත්තටම මම එවෙලෙ කල්පනාවෙන් නෙවෙයි ඇවිදන් ආවෙ..ඇත්තටම මම.."
" ආහ්...!! ඒකට කමක් නෑ...මගෙනෙ වැරැද්ද..මමනෙ සැරයටිය අකුලන් ආවෙ... හිතන්න එපා..."
මගෙ අතින් එච්චර වැරැද්දක් වෙලත්..එච්චර හිත් රිදෙන වචන පිට වෙලත් ...ඒ කෙනා මට ඒ තරම් හොදින් කතා කරන්නෙ කොහොමද....?
ඒත්..අන්තිමට වදෙන් පොරෙන් මම එයාව එතනම ලග තිබුන පාර්ක් එකට අරගෙන ගිහින් බංකුවකින් ඉන්දෙව්ව..
" thank you so much mister handsome.."
මොකක්? Mister handsome? එයා කොහොමද මම හැන්ඩ්සම් කියල දන්නෙ...
" ඔයා...ඔයා ඇයි එහෙම කතා කලේ...?"
" සරලයි...ඒ මම ඔයාගෙ නම නොදන්න නිසා..."
" හරි...ඒත් මම කැත වෙන්නත් පුලුවන්නෙ..?"
" මගෙ ඇස් පේන්නැති බව ඇත්ත... ඒත් මම දන්නව... හදවත ලස්සන මිනිස්සුත් හරි ලස්සනයි... ඉතින් ඔයත් handsome වෙන්නම ඕන..."
ඇස් පේන්නැති උනත් එයා හරි ලස්සනට ලෝකෙ දකිනව... කොච්චර ලස්සන අදහස්ද...
මගෙ හදවත ලස්සනද?.... ඒත්...ඒත් ඒ හදවත...ඉක්මනට නවතියි කියල එයා දන්නව නම්..?
" මම ජන්ග්කුක්.. ජොන් ජන්ග්කුක්....වයස විසි තුනයි"
" මම පාර්ක් ජීමින්... ඕ... ඔයා මට වඩා පොඩි ලමෙක්නෙ..."
එහෙම කියල හිනා වුණ එයා ආයෙත් මගෙ ඔලුව අතගානව...
මොකද්දෝ හේතුවකට...මට මගෙ හියුන්ව මතක් වුණා...එයත් එහෙමයි... මගෙ ඔලුව අත ගාන්නෙ..
" පොඩියිද? එතකොට ඔයා මට හියුන්ද වෙන්නෙ? වයස කීයද?"
" මට විසි පහයි...ඔයාට වඩා දෙකක් වැඩිමල්.."
දෙවියනේ...!! මගෙ හියුන්ගෙ වයසෙමයි...
"ඒත් ජීමිනී හියුන් ගොඩක් පොඩියිනෙ...."
මම එහෙම කතා කලා විතරයි එයාගෙ මූණෙ හිනාව නිකන්ම අතුරුදහන් වුණා... ආහ්..මම එයාව රිද්දුවද මන්ද....මටත් බෑනෙ කට තියන් ඉන්න ඇත්තට..
" අ..අනේ හියුන්..සමාවෙන්න..මම..මම"
" නෑ නෑ හිතන්න එපා.. මට හිත රිදුනෙ නෑ ජන්ග්කුක් ආහ්..."
ජන්ග්කුක්-ආහ්...?? තාම අපි මුණ ගැහිල විනාඩි ගානයි...ඒත් මම එයාව මගෙ හියුන් කෙනෙක් කරගෙන..එයත් මාව එයාගෙ ලගම කෙනෙක් කරගෙන...
තත්පර ගානකට අපි අතරෙ තිබ්බෙ ලොකු නිහඩ බවක්....
ඒත් අන්තිමට එයා කතා කලා...
" හ්ම්.... දන්නවද...මටත් හිටිය ඔයාගෙ වයසෙ පුංචි මල්ලියෙක්..."
" මොකක්ද?"
" ඔව්..... එයත් මේ එහා පැත්තෙ කනත්තෙ එක තැනක අඩි ගානක් යට නිදාගෙන....සදහටම..."
තොල් දෙක එකට තද කරගෙන එයා ඒ වචන කිව්වෙ දුක හංගගන්න අසාර්ථක උත්සහයක යෙදෙන ගමන්..ඒ අතරෙම එයාගෙ බෙල්ලෙ තියෙන පුංචි මාලය හෙමීට පිරිමදිනව...
සමහර විට...ඒකෙ අයිති කාරයා...එයාගෙ පුංචි මල්ලි වෙන්න ඇති...
" එයත් මට ඉස්සර කට පුරා ජීමිනී හියුන් කියා ගත්ත ගමන්මයි...පිස්සු කොල්ලෙක්...... "
එහෙම කියල එයා හිනා වුණේ එයාගෙ මල්ලිගෙ දග වැඩක් මතක් වෙලාද කොහෙද?
" එයා...එයා වගේමයි ඔයත් මට අද කතා කලේ.... ඉතින් මට මගෙ මල්ලිව මතක් වුණා..."
මගෙ පැත්තට මූණ හරවල හරි අහිංසක විදිහට හිනා වෙන ගමන් එයා උත්තර දුන්නා...
දෛවය ඇයි මෙච්චර නපුරු...? එයාට එයාගෙ මල්ලි නෑ...මට මගෙ හියුන් නෑ...ඒ ඇස් දැක්කහම පේනව..එයා එයාගෙ මල්ලිට කොච්චර ආදරේද කියල...
ඒ වුණත් එයා මන් වගේ නෙවෙයි...
දකින කෙනෙක්ගෙ මුලු හදවතම පහන් කරන තරමට...හරිම සන්සුන් විදිහට..ලස්සනට හිනා වෙනව....
ඒ අතින් බලනකොට මම කොච්චර වැරදිද?
...
...
...
...
...
...
💫💫💫
🌹RUTH🌹