💫MAGIC SHOP💫(COMPLETED)

By rushell_melson_97

21.1K 3.3K 731

⚠️⚠️ warning ⚠️⚠️ Please read the description before reading this book.. This is not a love story. Nor is i... More

INTRODUCE
CHAPTER 4
CHAPTER 5
CHAPTER 2
CHAPTER 6
CHAPTER 7
CHAPTER 3
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10( FINAL)

CHAPTER 1

2.7K 358 41
By rushell_melson_97

(ලමයි..වට්පෑඩ් එක පිස්සු නටනව🥺🥺🥺💜💜💜 චැප්ටර් මාරු වෙලා පෙන්නන්නෙ..කියවනකොට චැප්ටර් අංක බලල කියවන්න..🤧🤧)

තමන්...

තමන් තමන්ගෙ නෙවෙයි කියන හැගීම ඔයාට දැනිල තියෙනවද? එකම එක දවසක හරි? එක පුංචි වෙලාවකට හරි?

ආදරේ කරල තියෙනවද?

අවංකවම? හදවතින්ම?

ඔයාටත් ඒ ආදරේ ඒ විදිහටම ඒ කෙනා දීල තියෙනවද?

අන්න එහෙනම්  ඔයාටත් ඒ හැගීම දැනිල ඇති...

මේ මටත්...මේ මටත්...

මේ දැන් ඒ හැගීම දැනෙනව...?

ඒත්...?

ඒත්.... අපි අතරෙ වෙනසක් තියෙනව ....

ඒ මට ඒ හැගීම දැනෙන්නෙ ආදරේ නිසා නොවෙන හින්ද...

මම දැන් මම දිහාම බලාගෙන...හදවත පුච්චනව වගේ හැගීමක් දැනෙනව මට....

ඒත්...ඒත් මන් සතුටු වෙනව එක පැත්තකින්...

ඒ මාව මම වෙන කෙනෙක් ගෙන් දකින නිසා....

...

...

...

මට තාමත් මතකයි ඒ අතීතය... ඒත් ඒ අතීතය අතරෙ අතරමං වෙන්න මට වෙලාව ඇති වෙයිද?

ඊට කලින් මට යන්න වෙයිද?

ඒත් ...ඒත් මට අතරමං වෙන්න ඕන...මට මතක් කරන්න ඕන ඒ අතීතය....

අහගෙන ඉන්නව නේද ඔයා?

මගේ කතාව??

...

...

...

...

...

ජීවිතය....

ජීවිතය....හරිම පුදුමාකාරයි...

තත්පර ගානකින් මුලු ජීවිතයම කණපිට ගහන්න පුලුවන්....

ඔව්...මටත්...මේ මටත් එක දවසක ඒක වුණා...

" ජන්ග්කුක්...., දැන්වත් ඔය කාමරෙන් එලියට එන්න පුතා.... මට මගෙ අනිත් දරුවත් මගෙ ඇස් ඉස්සරහම නැති වෙනව බලන්න බෑ .... කියන දේ අහල එලියට එන්න.... අනේ දරුවෝ...මට මෙහෙම දුක් දෙන්න එපා..."

කාමරෙන් එලියෙ ඉදන් මගෙම අම්ම මට කතා කරනව..

මටත් ඒ තුරුලට යන්න ඕන... තුරුලු වෙලා ඇස් දෙක පියා ගන්න ඕන...ඇති වෙනකන් කෑ ගහල අඩන්න ඕන... හදවතේ දුක වචන කරල පිට කරන්න ඕන...

ඒත් ඒත් මට නැගිට ගන්න බැරි තරමට කකුල් පණ නෑ...

කොහොමද ඉවසන්නෙ ඒ වේදනාව.....

මගෙ ...මගෙ ඇස් ඉස්සරහම...මගෙ ඇස් ඉස්සරහම මගෙ හියුන් මාව දාල ගියා...

එයා යන්න ගියා...

ඈතට.. ගොඩක් ඈතට....

"Soul නගරයේ gangnam  වල ප්‍රධාන පෙලේ ව්‍යාපාර සමාගමක් වූ JEON සමාගමේ ප්‍රධාන ගොඩනැගිල්ල තුල ඇතිවූ හදිසි ගින්නකින් jeon පවුලේ වැඩිමහල් පුතු Jeon Junghyun හදිසි මරණයකට ගොදුරු වී ඇත..මේ බව වැඩි දුර තොරතුරු........................"

එක දිගට...එක දිගට..මගෙ කන් දෙකට ඇහෙන එකම දේ....

ඒ වෙලේ හියුන් මාව නතර නොකලා නම් මටයි ඒ දේ වෙන්නෙ...

මම ....මම එවෙලෙ මගෙ සෙල්ලම් කාර් එක ඉල්ලල ඇඩුවෙ නැත්තන්.... අදටත් අදටත් හියුන් මගෙ ලග..මේ මගෙ ලග...

" කුකී.... අනේ!! අඩන්න එපා...ඔයා දන්නවනෙ හියුන් ඔයා අඩනවට ආස නෑ කියල... හරි හරි මම ගෙනත් දෙන්නම්...මම මේ දැන්මම ඒ කාර් එක ගෙනත් දෙන්නම්.. කොහෙටද ඒක ගියේ අර රූම් එක ඇතුලට නේද? යා.....මේ කොල්ල ගෑස් රූම් එකට යන්න එපා කියල දවසක් අප්ප කිව්ව අමතකද ම්...?

" හි...හියුන් මටත් එන්න ඕන...ම..මටත් එන්න ඕන"

" මගෙ හොද කුකීනෙ... ඔයා....ඔයා පහල ගෙස්ට් රූම් එකට යන්නකෝ....මම ඒක අරන් එන්නම්..."

" හියුන් ඉක්මනට එනව නේද?"

" ඔව්...ඉක්මනට එනවා.... මගෙ පුංචි මල්ලි එක්ක සෙල්ලම් කරන්න ඕනනෙ...ඉක්මනටම එනව හොදද?"

" අනේ..!! ඉක්මනට හොදද?"

" යා....මේ පොඩි බබා තාම අඩනවනෙ...අඩන්න එපා කුකී... ඔය බෝල ලස්සන ඇස් දෙකේ කදුලු තියෙනකොට හරි කැතයි..බලන්නකෝ මේ හොටු පෙර පෙර අඩනවනෙ... කෝ යන්න යන්න..."

එයාගෙ අත් දෙකෙන් මගෙ මූණම පිහදල මගෙ නලලට පුංචි හාදුවකුත් දීල..හරි ලස්සනට හිනා වෙලා....එයා ගියා...හියුන් ගියා....යන්නම ගියා....

මගෙ හියුන් ලස්සනයි කියපු මගෙ ඇස් දෙක....එදා...එදා පිච්චිලා මගෙ ඉස්සරහ ඔයා සදහටම ඇස් පියාගෙනම හිටිය ඒ විදිහ දැක්ක මම මේ ඇස් දෙකෙන්....

මගෙ අම්ම සිහි නැති වෙලා වැටෙද්දි...තාත්ත කෑ ගහල අඩද්දි....මම ඔයා දිහාම...ඔයා දිහාම බලන් හිටිය හියුන්....

ඔයාගෙ දකුණු අතේ බාගෙට පිච්චුන මගෙ සෙල්ලම් කාර් එක...පිච්චුන තරමට ඒක ඉටි වෙලා දිය වෙලා ඔයාගෙ අතට ඇලිල...

ඒත් මම බලන් හිටිය...මගෙ හියුන් දිහාම බලන් හිටිය.....

ඒ ඇස් පියවෙලා.....බෙල්ල පාතට නැවිල....

ඔයා කතා කරන්නැද්ද හියුන්...ඔයාගෙ කුකී එක්ක කතා කරන්නැද්ද...මාත් එක්ක සෙල්ලම් කරන්න එනව කියල පොරොන්දු වුණා ඔයා... ඒත් ඔයා ඔහොම ඇස් පියාගෙන ඉන්න එක හරිද.... ඔයා එන්නැද්ද හියුන්...එන්නැද්ද....

මට කාර් එපා...මට මොකුත් එපා... ඔයා එන්න හියුන්..මට ඔයාව ඕන..

රෑට මම නිදා ගන්නෙ කා ලගද...කාවද මම තුරුලු කර ගන්නෙ... ඔයා දන්නව මම කලුවරට බයයි කියල....ගොරවන දවසට මට නින්ද යන්නෑ කියල..

ඉතින්...ඉතින් මාව නිදි කරවන්නෙ කවුද හියුන්.. කවුද?

මට...මට ඔයාගෙ ටෙඩී බෙයා එපා..එදා අඩල ගත්ත ඔයාගෙ ආසම ටෙඩීව මම ආපහු දෙන්නම්...

" හියුන් එපානෙ? හා ඕක තුරුලු කරගෙන ඉන්නකෝ.."

එක දවසක් ඔයා එහෙම කියල අනිත් පැත්ත හැරිල නිදා ගත්ත...

මමත් පණ්ඩිතයනෙ... කතා කලේ ම නෑ මම ඔයාට..

ඒත් රෑ හීතලෙ බයෙන් වෙව්ලද්දි ...මම තද කරල ඇස් පියා ගනිද්දි... ඔයා මාව හෙමීට තුරුලු කරගෙන..

මට....මට ඒවා මතක් වෙනව හියුන්...මට මතක් වෙනවා...

මම කොහොමද ඔයා නැතුව ඉන්නෙ..

තාමත්...තාමත් මේ කාමරේ ඔයාගෙ සුවද හැම තැනම....

ඒත්....ඒ සුවද අස්සෙ තනි වෙලා...

මම අද තනියම....

මම මගෙ හියුන්ට මෙච්චර ආදරේ කරලද...

මගෙ සහෝදරයා නැතුව මම ඉන්නෙ කොහොමද?

අඩ අඩා ම... මම ඔයාගෙ ටෙඩියට තුරුලු උනා..

ටෙඩි බෙයාත් හරිම රස්නෙයි.....ඔයා ලග වගේම...

හියුන්...,

කොහේ හරි ඉදන් බලන් ඉන්නව නේද මගෙ දිහා...

ඔයාගෙ පුංචි කුකී දිහා....

මම....මම...මම ශක්තිමත් වෙන්නම් හියුන්....

පොරොන්දු වෙනව මම....

ඒත්.....

ලබන ආත්මෙත් මගෙම හියුන් වෙනව නේද ඔයා...?

මට පොරොන්දු වෙන්න...

පින්කි  promise....

ඔව්...ඔයා පොරොන්දු උනා...

රෑ අහසෙ පායපු පුංචි දිලිසෙන තනි තරුව..

ඒක නිවි නිවී පත්තු උනා...

හරි හියුන්....

එහෙනම් මගෙම හියුන් වෙන්න... මම බලන් ඉන්නම්....

....

....

....

....

....

....
A/N
හෙන චුට්ටන් නේද..🥺🥺 සොරි හොදේ..


💫💫💫

🌹RUTH🌹

Continue Reading

You'll Also Like

314K 1.1K 44
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
126K 5.2K 66
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛 Going on. [Ignore grammatical mistakes. I will improve my writing gradually.]
83.4K 1.9K 49
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...
211K 6.9K 63
𝓬𝓸𝓷𝓬𝓮𝓪𝓵 | Veronica Lodge and Jughead Jones have been enemies for as long as they've known eachother. They both don't know anything about one a...