දවස් තුනකට විතර පස්සෙ සුපුරුදු පිඩාකාරී.....කලබලකාරි......අවිවේකි දවස් ටිකක් අස්සෙන් අද කෝපි පාට හැන්දැ දවසක්....... මුලු ස්කොලෙම ළමයි අද ස්කොල් ඉවර වෙලා නතර උනේ හෙට තියෙන අවුරුදු උත්සවේට ස්කොලේ හැඩ කරන්න.....ෆිෆෙක්ට් ලත් ළමයි එක්ක ස්කොලෙ නැවතුනේ ඒ ගොල්ලො නැතුව ළමයින්ට කිසිම වැඩක් කරගන්න බැරි නිසා.......ඉතින් නාද්යත් එයාගෙ චක්ගොලයො ටිකත් එක්ක මේ මුලු දවසම හෙට තියෙන අවුරුදු උත්සවේ වෙනුවෙන් නැහෙන ගමන්...... ගොක්කල , කෙසෙල් කදන් වලින් සිංහල ආරෙට හදන පොල් තෙල් පහන හදන්න නාද්යලාගෙ පන්තියට හම්බෙලා තිබ්බෙ.......නාද්යත් අර කොට්ටොරුවොන්ට නැටුම් උගන්නලා මේ දැන් ඇවිත් පුටුවක් උඩ දපලා වාඩිවෙද්දි........
මේ දවස් ටිකෙම නැහිලා නැහිලා කොහොම හරි හොද තත්වේකට ඒ අයියලාගෙ නැටුම ගන්න නාද්යට පුලුවන් උනා. වැඩි වෙලාවක් යන්නෙ නැතුව ආයු තාත්තා කිව්ව විදිහටම කෙසෙල් කදන් ටිකක් අරන් ආවේ පොල් තෙල් පහන හදන්නෙ නැතුව යන්න බැරි නිසා. හෙට ඉතින් මුලු ස්කොලෙම අවුරුදු සිරිය වැලදගන්න යන නිසා නාද්යත් ඒකට පුදුම ආසාවෙන් හිටියේ.......
ඔය අතරෙ අයුන් මේ පන්තිය අස්සට ඔලුව දැම්මෙ එයත් සැහෙන වැඩ ගොඩක හිරවෙලා ඉද්දි......කොහොම හරි ෆිෆෙක්ට් කෙනෙක් උනාම ඒ හැමදේම ගැන හොයලා බලන එක ලොකු වගකිමක්....ඔය එල්ලන් ඉන්න බැජ් එක ඇතුලෙ තියෙන්නෙ මහා ලොකු වගකිම් ගොඩක්....ඒක හරියට කරන ගොඩක් ළමයි ඉන්නෙත් අතලොස්සයි...... සමහර අය හිතන් ඉන්නෙ බැජ් එකක් ගහගත්ත පළියට හැමෝගෙම ලොක්කා කියලා.....එහෙම නෙමේ ඒ ගොල්ලො හැම ළමයෙක්ම ආදරෙන් බලාගන්න ඔනේ......ඔය චරිතෙ ඇතුලෙ ඩිනෙව් කියන්නෙ පට්ට ෆෆෙක්ට් මනුස්සයෙක්..... එයා මොන හිතෙ ප්රශ්නෙක හිටියත් තමන් කරන වැඩේ හරියට කරන ජාතියෙ මනුස්සයෙක් . ඉතින් ඩිනෙව්ත් ගැන ප්රින්සිපල් උනත් හිටියෙ වෙනම ආඩම්බරේකිම්......
" මල්ලි වැඩෙ හරිද ?"
අයුන් අයියා පන්තිය ඇතුලට ඇවිල්ලා එහෙම ඇහුවාම නාද්ය ගෙම්බා පොළෙ ගැහුවා වගේ ඉන්නෙ නැතුව පොඩ්ඩක් කෙලින් උණා.......
" තව ටිකක් තියෙනවා අයියේ...... අපි රැ වෙන්න කලින් කරලා දෙන්නම් "
ESTÁS LEYENDO
සෙංකඩගල & අහඹුවක් 2
Poesíaමට මේ ලොකෙ වටින දේවල් දෙකයි තියෙන්නෙ පළවෙනි එක නාද්ය දෙවෙනි එක හොකි ස්ටික් එක ............! Start - 2025/11/7
