මම !

11 2 0
                                        

මගේ නම *Thev Yugan Ashirwad*.
වයස අවුරුදු 20යි. මම photographer කෙනෙක්.

මම වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. නිහඬයි. නීට්. මට හැමදේම පිළිවෙලට තියෙන්න ඕන. ලෝකේ මට පේන්නේ මගේ camera එකේ lens එකෙන්. මිනිස්සුන්ගේ හිනාව, වැස්ස, පාරේ තනිකම..ඒ ඔක්කොම මම කළු සුදු frame එකකට හිර කරනවා.
මගේ ආසම පාට කළු. හේතුවක් නෑ. කළු වල තියෙන නිහඬකම මට දැනෙනවා. ඒක මම වගේමයි.මම කෑ ගහන්නේ නෑ, රණ්ඩු කරන්නේ නෑ. ඒත් මගේ camera එක කතා කරනවා.
රෑ වගේ, සෙවනැලි වගේ, කතාවක් නැතුව හැමදේම කියනවා.මිනිස්සු හිතන්නේ photographer කියන්නේ සතුට capture කරන අය කියලා. හැබැයි මම capture කරන්නේ තනිකම. නිහඬකම. කළු වල හැංගිලා තියෙන ආලෝකය.මම කැමති මම වෙලා ඉන්න.වෙන කාවවත් වගේ නෙවෙයි.මං වෙනස්ම චරිතයක්... !!!

THODUStories to obsess over. Discover now