මගේ තාත්තා කිව්වා,
"යාලුවොත් එක්ක Loy Krathong යන්නෙ තාමත් loser ලා තමයි."
මගේ අයියා කිව්වා,
"මචං, උඹ නම් හොඳටම hopeless. උඹට කෙනෙක්ගෙන්වත් 'මාත් එක්ක Loy Krathong යමුද?' කියලා අහගන්න බැරිද?"
ඒත් මගේ යාලුවෝ කිව්වේ...
"හේයි, හේයි."
මේ trick එක නම් සියයට සියයක්ම වැඩ කරනවා.
"..."
"හේයි, හේයි."
මම වේලිලා තිබුණු තොල් දෙක දිවෙන් තෙත් කරගත්තා.
අයියෝ... දැන් මොකද කරන්නේ?
මම practice කරපු විදිහට නම් එයා මොනවාහරි reply කරන්න ඕනේ. නිකන් මගේ දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි.
"මගේ යාලුවෙක් ඔයාට කැමතියි."
මම ඒක කියලා දැම්මේ සාමාන්‍යට වඩා ටිකක් හයියෙන්.
Loy Krathong උත්සවේ තිබුණු රතිඤ්ඤා සද්දෙත්, හැමතැනම තිබුණු කලබල සද්දෙත් එක්ක වටපිටාවම පිරිලා තිබුණා. හැමෝම වගේ තමන්ගේ partner එක්ක ඇවිල්ලා, එකට Krathong ගඟට පා කරමින් හිටියා.
අනික, මේ මගේ university එකේ පළවෙනි අවුරුද්දනේ. මං වගේ තනිකඩව ඉන්න එකෙක්ට ඒක ටිකක් දුක හිතෙන දෙයක් වෙන්න ඕනේ...
නෑ, ඒක හරි නෑ.
ඒක හොඳටම depressing.
"ඔයාගේ යාලුවා?"
"අහ්... ඔව්."
කවුරුහරි මෙයාට කියලා තියෙනවද?
මෙයා හිතාගන්නවත් බැරි තරම් cute කියලා?
"මගේ නම Friend."
කිසිම තේරුමක් නැති විදිහට cute.
Freshman orientation එකේ පළවෙනි දවසේ ඉඳන්ම මේ මෝඩයාව පිස්සු වට්ටන්න තරම් cute.
මට සමානම උසක් තිබුණත් cute.
එයාට කිසිම දෙයක් ගැන ගාණක් නැති ගාණට ඇඳගෙන හිටියත් cute-විශාල, ටිකක් රැලි වැටුණු student uniform shirt එක, orientation එකේ ඉඳන්ම අඳින පරණ sneakers දෙක... අන්තිමට එයාගේ අත් දෙකේ තිබුණු පාන් වලින් හදපු Krathong එකත් cute.
"Friend? මොන Friend ද?"
බෑං!
මගේ හිතටම කෙලින් වෙඩිල්ලක් වැදුණා වගේ මට දැනුණා.
එයා මගේ මූණට පාන් Krathong එකෙන් ගැහුවා. මූණත් හොඳටම annoyed.
ඔය look එක මම හොඳට දන්නවා...
එයාගේ යාලුවෝ අපි දෙන්නට විහිළු කරන්න පටන් ගත්තා. ඒ නිසා වටේ හිටපු හැමෝම අපේ දිහා බලන්න ගත්තා.
මගේ යාලුවොත් ගස් පිටිපස්සේ හැංගිලා ඉන්න එක නවත්තලා, මේ උත්සවේ දීප්තිමත් lights යට ඉඳන් මාව cheer කරනවා ඇති කියලා මට හොඳටම sure.
VOCÊ ESTÁ LENDO
Duang with You | Sinhala
Romance"සමහරවිට ආදරය කියන්නේ... අපි සොයන දෙයක් නෙවෙයි. අපි නොදැනුවත්වම හමුවෙන කෙනෙක්."
