"ඇයි පුතේ මෙතන නිදාගෙන ඉන්නේ"
අම්මාගේ කටහඬ ඇහුනේ හීනයකින් වගේ. ඇස් අරිනකොට උඩ අහස පිරුණු තරු. සීතල සුළඟ මගේ කම්මුල් සිපගත්තා. හිමිට ඇස් ඇරලා බලද්දි මගේ අම්මා එහා පැත්තේ හිටියා.
"මුකුත් නෑ අම්මේ... වැඩ කරපු කාලයේ අඩුම නිදහසේ නිදාගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් මම ඒ කාලෙ ඉඳන්ම ආසයිනේ අහස දිහා බලන් ඉන්න"
අම්මා මගේ ළඟින් වාඩි උනා. එයාගේ අතින් මගේ කොණ්ඩෙ අතගෑවා. ඒ ස්පර්ශේ අවුරුදු ගානකට පස්සේ දැනුණා.
"ඒක විතරමද හේතුව?" අම්මා ඇහුවේ හරියටම මගේ ප්‍රශ්නේ දැනගෙනම වගේ.
"ඔව් අම්මා වෙන ප්‍රශ්නයක් නෑ. මම ටිකක් අහසයි, තරු දිහා බලන් හිටියා. මට ඒ දේවල් ගොඩක් miss උනානේ"
ඔව් මම බොරුවක් කිව්වේ..ලොකුම ලොකු බොරුවක් හිතේ තියෙන ගින්න අහසට කියලත් නිවෙන්නේ නෑ.
"ඒ මොකක් ගැනද කියලා මටත් කියනවද?"
"හ්හ? "
එකපාරටම අම්මා දිහා බැලුවා. මගේ හිතත් ගැස්සුනා.
"මොනවද..කවුද... ඒම කා ගැනවත් නෙවෙයි කල්පනා කරේ.."
අම්මා හිනා උනා. ඒ හිනාවේ දුකක් තිබුනා.
"මං දැන් කිව්වද ඔයා කා ගැන හරි කල්පනා කරනවා කියලා"
මම කට වහගෙන හිටියා. මොනවා කියන්නද?
මම ආදරේ කලේ මගේම බොස්ගේ මල්ලිට කියන්නද?
මට ඉන්න තැනේ ඉදලා ඉගෙන ගන්න කන්න,බොන්න දීපු මිනිස්සුන්ට ද්‍රෝහී වෙලා
මම එයාලගේ ළමයට ආදරේ කරා කියන්නද?
නැත්තම් මම එයාව අත් හැරලා ආවා කියන්නද?
නැත්තම් එයා වෙන ගෑනු ලමයෙක්ව කසාද බඳින්න යන නිසා මම හැමදේම දාලා ගෙදර ආවා කියන්නද?
ඔව් ඒනිසා මගේන් එක වචනයක්වත් පිට උනේ නෑ..
උත්තරයක් නැති නිසා මම ආයෙත් අහස දිහා බලාගත්තා. තරු මට හිනා වෙනවා වගේ මට තේරුනේ.
අම්මාත් එතනින් නැගිටලා යන්න කලින් එක දෙයක් කිව්වා.
"කොයිම වෙලාවක හරි ඔයාට මට ඒක කියන්න ඕන කියලා හිතුනොත් මට කියන්න. මේ අම්මා ඉන්නවා ඔයාට"
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඒදා රෑ මම ගොඩක් වෙලා අඬමින් අහස දිහා බලන් හිටියා...ඒත් ඒ කදුලු පිහදාන්නවත් කවුරුත්ම මගේ ලග හිටියේ නෑ.
ඊට පස්සේ දවස් කීපයක්ම මම එහෙම හිටියා. කා එක්කවත් වැඩිය කතා කලේ නෑ. රෑට අහස බලන් නිදාගත්තා. ඒක තමයි මට තිබුනු එකම සැනසීම.
ඇස් පියාගත් හැම තප්පරේම Rome මගේ ලඟ ඉන්නවා වගේ. එයාගේ සුවඳ, එයාගේ කටහඬ... හැමදේම මතක් උනා.... ඔව් මට එයාව ගොඩක් මතක් උනා.
ඒ හැමවෙලේම මම මගෙන්ම ඇහුවේ
" මම ආදරේ කරපු එක වරදක්ද? "
__________________________________________________
Hi guys!
This is a Romemok story based on Me and Thee Series 🫶
End of today's chapter...
Byeee!
Tell me your thoughts?
Thank you for all the love ❤️
❤️...❤️......❤️......❤️...LOVE YOU...❤️......❤️......❤️...❤️
YOU ARE READING
You are my star - ROMEMOK
Fanfictionහඳට පෙම්බදින තරු අතර, මම වෙමි එක තනි තරුවක් වරම් අහිමි වුවද අහසට පෙම් බදින.
