• शादी ShaDi •
" කවුරුත් කලබල වෙන්න එපා.. මෙච්චර දවසක් ගෙවුන විදියට අපි හැමෝම දැන් ඉස්සරහට තියන දවස් කිහිපයත් ගෙවන්න ඕනා.. කලබල වෙන්න ගියොත් අපි අමාරුවෙන් ලං කරගත්ත ගොදුර අපිට මිස් වෙන්න පුලුවන්..."
තේජස් හරි.. මාසයක් පුරාවට රඟ දක්වපු නාට්ටියෙන් කිසිම ඵලක් නැති වෙන්න පුලුවන් සාගරිකා ලංකාවට එනවා කියන පුවත ලඳ සැනින් හැමෝම ගත කරපු පරණම ජීවිතයටම යන්න ගියොත්...
ඉවසීමේ හොදම හරිය තමයි දැන් තියෙන්නෙ.. දරාගැනීමෙත් හොදම හරිය තමයි දැන් තියෙන්නෙ.. ගහපු සැලසුම්වල හොදම හරිය දැන් ඇවිත් තියෙද්දි එක කෙනෙක්ගෙ මෝඩ හැසිරීමක් නිසා සියල්ල විනාස වෙලා යන්න පුලුවන්...
ඒකයි තේජස් හා අග්‍රව් මෙතරම් කියන්නෙ.. කීයටවත් දැන් නම් මේ ගේම කනපිට හැරෙන්න දෙන්න බෑ...
පවුලක් විදියට එකට එකතු වෙලා කරන මේ වැඩේට වංශනායක පවුලටම සම්මානයක් දෙන්න ඕන බව ඇත්තක්.. නමුත් තේජස් හා අග්‍රව් නොමැති උනා නම් මේ ගහපු සියලුම සැලසුම් ගඟට කපපු ඉණි වගේ ගහගෙන යන්නත් ඉඩ තිබුනා...
දෙයක් කරනකොට ඒ දේට පළපුරුදු ප්‍රවීණයන් ඉන්නකොට ඒ කරන දේ බොහෝ වෙලාවට අති සාර්ථක වෙනවා.. මෙතනදි උනෙත් අන්න ඒ දේ.. තේජස් හා අග්‍රව් ගහපු සැලසුම් නිසා මෙතෙක් ආ දුර හරි සාර්තකයි..
නමුත් කවරෙක් හෝ ඒ සැලසුමෙන් පිට ගියොත් මෙතරම් කල් ගහපු සැලසුම් සියල්ල අසාර්ථක වෙනවා.. ඒක ඒකාන්තයි.. මොකද සාගරිකා කියන්නෙ එහෙම ලෙහෙසි පහසු ගැහැණියක් නෙවෙයි..
තේජස් උත්සහ කරන්නෙම සාගරිකව තනියම කොටු කර ගන්න.. සාගරිකා එයාගෙ ගැන්සිය එක්ක ආවොත් මේ වෙලාවෙ නීතිය පැත්තෙන් නොයන ගමනක් නිසා තේජස්ට අග්‍රව්ට උනත් අමාරුයි සාගරිකා එක්ක හැප්පෙන්න..
ඒ නිසා තේජස්ට අනුව මේක තමයි කපටි වෙන්නම ඕන අවස්තාව සහ.. එක්වරම කිසිම පියවරක් නොතියා ඉන්න ඕනා වෙලාව... මේ වෙලාවෙ පුලුවන් තරම් කපටි වෙලා සාගරිකාව අන්ද ගත්තොත් එතනදි මෙ ගේම සාර්තකයි...
YOU ARE READING
• 𝕾𝖍𝖆𝕯𝖎 • BL
Fanfictionවිවාහය කියන්නෙම ආදරයට කියන තවත් නමක්.. 🩷 MARRIAGE STORY 🩷 SINHALA BL START : 2025 / 08 / 21 END : 2025 / / WRITE BY : 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏
