Chapter 5

10 2 2
                                        

මම හිටියේ ඇදේ හාන්සි වෙලා ඒ මදිවට අන්දුන් කුන්දුන් වෙලා...අද තිසා ගෙදර නැහැ හිටියන් උට හරි කියන්න තිබ්බා...මං කොයිකටත් මැසේජ් එකක් දැම්මා වූ අද එනවද අහන්න...රිප්ලයිත් නැහැ එක්කෝ උට වැඩ ඇති...නවියාට කියනවද කියලත් හිතෙනවා එක්කෝ ඕන නැහැ...

අහස පොලොව ගැටගහන්න කල්පනා කර කර හිටපු මම පියවි සිහියට ආවේ ස්ක්‍රීන් ඔෆ් කරලා තිබ්බ ෆෝන් එකත් ඔන් කරගෙන ආපු මහ රෑ නොටිෆියට

මම ෆෝන් එක අතට ගත්තේ අනිවා නවියා හරි තිසා හරි වෙන්නැති කියලා හිතාගෙන....හැමදේම කියනව කියලා හිතුවට මොකෝ දැන්නම් කියනවද නැද්ද කියලා හිතෙනවා....

අනේ උකේ දේසාන් මාව කාපන්...මේ පගයා මක්කටද මට මැසේජ් දාන්නේ

මුගේ සීලාචාර කම පෑල දොරෙන් පැනලා යනවා මැසේජ් කරද්දි මං හිතන්නේ...කෝ යකෝ හායි හෙලෝ...එක්කෝ මූ පලමුවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ කාලේ එකෙක්ද කොහෙද...පර සුද්දගේ වචන පාවිච්චි ⁣නොකරන්නේ ඒකනේ

ඇයි දැන් මම බය වෙන්නේ...මමඈ වැරැද්දක් කරේ මූනේ අපප්බ්‍රන්ස කියෙව්වේ

කමක් නෑ මූයි නවියා කෝමත් මගේ පිට් එකනේ

මමත් ඉතින් ආපහු රිප්ලයි කරා

'ඕ කියහං '

' යහස් හෙට එනවද නවිදුට එන්න වෙන්නැහැලු අම්මට අසනීපයි කියලා'

' අප්පට එහෙනම් පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එමු වැඩ ඉවර වෙලා '

' උදේට කොහොමත් වැඩ නෑනේ යහස් ඒ වෙලාවට ගිහින් එමු යහස් එනවද යන්න '

'යමු යමු පවු ඒකා තනියම ඕවා කොහොම කරගන්නවද මන්දා '

' හ්ම්ම්'

'එල එල '

' යහස්ට මං එක්ක කේන්තිද'

'අර මක්කටද බං '

' නිකන් ඇහුවේ යහස් දැන් නිදාගන්න ගුඩ් නයිට් '

'එල එල ගුන බුස '

මං එහෙම්ම ම ඇඳට වැටුනේ අද නම් මහ අපප්බ්‍රන්සම දවසක් කියලා හිතන ගමන්








'යහස් මොනවද ගන්නේ '

' අම්මටත් දැන් කොහෙවත් යන්න බැරුව ඇතිනේ නවියත් රෑ වෙනකන් වැඩ නිසා මං බැලුවේ එලවලු මොනාහරි අරන් යන්න'

Cinnamon Eyes -OngoingWhere stories live. Discover now