PART 1🍃

2 1 1
                                        


හීතලයි,සනීපයි... නගරෙක ජීවිතේට වඩා සුන්දරයි... හිතන්නකෝ ගස් පිරුනු පැත්තක පොඩි ලීවලින් හදපු ටිසෝට් එකක වහින වෙලාවක කෝපි එකක් බිබී සිංදුවකුත් අහගෙන ගහන මනෝපාරෙක ලස්සන...

I saw piece of heaven
Waiting,impatient,
For me, down
And I was running
Far away
Would I run off
The world someday
Nobody knows
Nobody knows

හිතට වදිනම සිංදූ... මේවගේ වෙලාවටනම් මෙහෙම සිංදුවක් දාන් පැත්තකට වෙලා ඉන්න එක තමයි නිදහස කියන්නේ...මම හිතුවේ නෑ ලංකාව මේ වගේ නිදහස් රටක් කියලා...

මම මැක්සිකෝවල ඉදන් ලංකාවට ආවේ... මගේ නම ශ්වෝන් බ්‍රියේන් සන්තියාගෝ.. අම්මා ලංකාවේ කෙනෙක් වෙද්දි තාත්තා මැක්සිකෝවල කෙනෙක් උනා ඒත් තාත්තා වැඩියෙන්ම ඉන්නෙ මෙහේ... මගේ study වලට මම හිටියේ මැක්සිකෝවල... දැන් මට අවුරුදු 25 ක් වෙනවා...මම එහෙදි හිටියේ මගේ abuela(ආච්චි) එක්ක...

මම නිදහසේ ඉන්න නුවරඑළි පැත්තට ආවා...මම මේ ලොකෙන්  වැඩියෙන්ම ආදරේ දේ ඇහුවොත් මම කියන්නෙ ඒ සොබාදහම...මම දාලා තිබ්බ සිංදුව නවත්තලා හිටපු තැනින් නැගිටලා ජර්සි එකක් දාගත්තා... එලියේ වැස්සනම් පායලා... මට මෙතන ලග ගාඩ්න් එක සුද්ද කරන මනුස්සයා කිව්වා මේ කන්ද පල්ලෙහා ලස්සන පොකුනක් තීනවා කියලා...මම දැන් එතනට යන්න කියලා බැලුවේ... බූට් දෙකත් දාගෙන කැප් එකත් දාගෙන මම එලියට බැහැලා ගියා...

"¿Como estas,hijo mio?"
(කොහොමද මගේ පුතේ)

"Bien,papa"
(හොදින් තාත්තේ)

"කොහොමද කොල්ලො ඔය පැත්ත"

"නරක් නෑ පපා.. මම මේ පොඩ්ඩක් ඇවිදින්න යනවා"

"ම්ම් එහෙනම් මම පස්සෙ ගන්නම්.."

"හරි පපා"

"Cuidate, Hasta luego"

"Cuidate papa"

පපා නිතරම වගේ මට කතා කරනවා... මම එලියට බැහැලා යද්දි අර ගාඩ්න් එකේ මනුස්සයව මම දැක්කා... මම ඒ මනුස්සයට හිනාවකුත් දීලා පහලට බැහැගෙන ආවා කිව්වා වගේනම් මෙතනින් ගිහින් පොඩි වැල්පාලමක් හම්බවෙනවලු... ඒකෙන් ගිහින් ටික දුරක් ගියාමලූ ඒ පොකුන වගේ තැන තීන්නේ...ටික දුරක් ගියාම මට වැල් පාලම හම්බුනා...ඒකෙන් ගිහින් ටිකක් දුර ගියාම මට වතුර සද්දයක් ඇහුනා... ම්ම්ම් ඔය තීන්නේ.. වොහ් මෙතන මාර ලස්සනයිනේ... අමුතුම වයිබ් එකක් තීන්නේ...මම එතන ගලක් ගාවින් වාඩි වෙලා කකුල් දෙකේ බූට් දෙක ගලවලා පැත්තකින් තියලා කකුල් දෙක ඒ පොඩි වතුර පාරට අල්ලන් හිටියා...

"හලෝ කොහොමද"

















































මතු සම්බන්යි🍃

You've reached the end of published parts.

⏰ Last updated: Jan 20 ⏰

Add this story to your Library to get notified about new parts!

MY NATURE Where stories live. Discover now