📤"I'm on my way to studio.."
📥"kay..text me after you done.."
📤"Humm..Are you listening to my program today..?"
📥"Nah..I'm kinda busy.."
📤"😒🗡️"
මං එයාට ඉමෝජි දෙකක් යවලා චැට් එකෙන් ලීව් වෙලා වර්ක් අයි ඩී එක මැශින් එකට තියලා එන්ට්‍රන්ස් එකෙන් ස්ටුඩියෝ එක ඇතුලට ආවා.
වීකෙන්ඩ් එක උනත් ස්ටුඩියෝ එකේ කට්ටිය ටිකක් බිසී. එක එක ජාතියෙ ඩෙනිම්ස් වලට ස්ටුඩියෝ ලෝගෝ එක ගහපු ශර්ට් ඇඳපු කෙල්ලො බොරුවටත් එක්කද මන්දා ෆයිල්ස් උස්සන් එහෙට මෙහෙට යද්දි මං දන්න අඳුනන අයට සැලියුට් එකක් දාලා ලිෆ්ට් එකට එහාපැත්තෙ තියෙන ස්ටෙයා කේස් එක නගින්න ගත්තා.
අද ලිෆ්ට් එකේ යන්න හිටියොත් මට ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න වෙන්නෙ හෙට උදේට.
"ගුඩ් මෝනින් මාශ්..අද පරක්කුයි නේද.."
මාර්කටින් ටීම් එකේ යසිත් මට තට්ටුවක් දාගෙන ම පල්ලෙහාට යද්දි මගෙ ඔලුව අනිච්ඡානුගවම දෙපැත්තට වැනුනා.
මේ යකා හැම සෙනසුරාදා උදේකම ඔය ප්‍රශ්නෙ අහනවා. එපාවෙන්නැද්ද මන්දා.
මං මෝනින් ප්‍රෝග්‍රෑම් එකට එන්නෙ පරක්කු වෙලා කියලා ස්ටුඩියෝ එක ඉස්සරහ ඉන්න බල්ලගෙ ඉඳන්ම දන්න එකේ ඕක ආයෙ අමුතුවෙන් අහන්න ඕනයැ.
"මාශ්..මොනාද ඕයි කරන්නෙ..ආන් අරෙහෙ ලොක්කට මල පැනලා..වරෙන්කො ඉක්මනට.."
"ලොක්කට මල නෙවෙයි මොනා පැන්නත් කරන්න දෙයක් නෑ ස්වීටී..ඌට වගේ ෆෙරාරියක් නෑනේ මට උදේ පාන්දර එන්න.."
මං මේකප් රූම් එකට ගිහින් පොඩි ටචප් එකක් කරගෙනම ඉක්මනට සවුන්ඩ් පෲෆ් On-Air ස්ටුඩියෝ එකට රිංගගත්තා. ඊටපස්සෙ මයික් එකත් ඇජෙස්ට් කරන් හෙඩ්සෙට් එකත් දාගෙන ස්ක්‍රීන් අරවා මේවා ඔන් කරගත්තා. ඊටපස්සෙ හෙඩ්සෙට් එක බාගෙට දාන් සෙල්ෆි එකක් අරන් අපේ ෆ්බී පේජ් එකෙයි ට්විටර් එකෙයි පෝස්ට් කල්ලා ටෙක්නිකල් රූම් එක දිහා බැලුවම ඩිරෙක්ටර් කියන යක්සයා රැව්වත් ඉශේන් අයියා මට තම්බ්ස් අප් එකක් දුන්නා. විනාඩියකින් විතර කම්පියුටර් එක එහාපැත්තෙ තියෙන රෙඩ් ලයිට් එක ග්‍රීන් ලයිට් වෙද්දි මං උගුර පෑදුවා.
