"ඉක්මනට ඔය බෙහෙත් ටික ගේන්න සුමිත්‍රා අම්මා මෙයා අද හොදටම අවුල්..."
Ishara POV
මම ඉක්මනටම සුමිත්‍රාගෙන් බෙහෙත් ටික අරන් එයාට පෙව්වේ තවත් බලන් ඉන්න බැරිම තැන..
මගෙ අයියා ඉසුරු දෙව්තිලිණ විජේවර්ධන ඒ කියන්නේ විජේවර්ධන කන්ස්ට්‍රක්ෂන් එකේ අනාගත අයිතිකාරයා ගොඩක් නපුරු කාගෙවත් අණකට යටත් නොවෙන හරිම දරුණු මනුස්සයෙක් එයාගෙ ලොකුම අවුල තිබුණේ එයාට පොඩි මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තිබුණා(උපතින්ම නෙවෙයි).ඒ තමයි එක කාලයක් තියෙනවා ඒ කාලෙට එයා ඉස්සරහට කාටවත් එන්න බෑ එයාගෙ නංගි වුණු මට හැර..මරන්න හදනවා එන ඕනි මනුස්සයෙක්ව ඒක අමුතුම මෙන්ටලිටි එකක්..
අපේ අම්මා අපිව දාලා ගියේ මට අවුරුදු දහයෙදි..ඇක්සිඩන්ට් එකක් වෙලා.අපේ අම්මට හොදට වාහන හුරුයි ඒත් එදා මොනා වුණාද දන්නේ උඩ ඉන්න දෙවියො විතරමයි..අම්මාගෙ අම්මා ඉන්නේ බදුල්ලේ එහේ ගිහින් එද්දි තමයි මේ ඇක්සිඩන්ට් එක වුණේ.මොකක්දෝ හේතුවකට එදා අම්මා තනියමම ගියා..ගියේ වාහනෙන් ආවෙ සීල් තියාපු පෙට්ටියෙන්..මගේ ජීවිතේ අඳුරුම දවසක් ඒක.මම ගොඩක් ඇඬුවා ඒත් අයියා ඇඬුවෙ නැහැ.තාත්තාත් ඔ සී ඉදියේ එයා එද්දි මලගෙදර අස් කරලත් ඉවරයි..
එදා ඉදලා මගෙයි මගෙ අයියගෙයි අම්මා වුණේ අපේ ගෙදර වැඩට ඉදපු සුමිත්‍රා අම්මා..තාත්ති ගෙදර එන්නේ අවුරුද්දටම දෙතුන් වතාවයි..එයාගෙ කලම්බෝ බ්‍රාන්ච් එකේ වැඩ බලන්නේ මම මොකද කිව්වොත් අයියා අසනීපෙන් නිසා.
අපි පොඩි කාලේ අම්මාගෙ තාත්තා අම්මට දෑවැද්දට දීලා තිබුණෙ එයාගෙ ටී ෆැක්ටරිය.ඒකත් එක්ක තව ක්ලෝතින් ෆැක්ටරියකුත් දුන්නා.ටී ෆැක්ටරියෙ වැඩ මම බලද්දි තාත්ති ක්ලෝතින් ෆැක්ටරියේ වැඩ බැලුවා.ඒකයි තාත්ති මේ රටේ ඉන්නෙ නැත්තේ..
තාත්තිගෙ තාත්තාට තිබුණේ හොටෙල් එකක්.අයියා Commerce කරපු නිසා බිස්නස් සයිඩ් එක හැන්ඩ්ල් කරන්න එයාට හොදටම පුලුවන් නිසා හොටෙල් එක භාර දෙන්න ඉදියේ අයියට ඒත් අයියාගෙ මේ අසනීපෙ එක්ක ඒක එයාට බලන්න අමාරු වුණා.ඉතින් ඒක බැලුවෙත් මම..
මම ඉෂාරා දෙව්මිණී විජේවර්ධන ඒ කියන්නේ ජගත් විජේවර්ධනගෙයි යමුනා දේවනාරායනගෙයි එකම දුව..මම තමයි තාත්තිගෙ සිංහ පැටික්කි ඉතින්.අවුරුදු22ක් වුණාට මේ පුංචි කාලෙට මම ජීවිතේ ගොඩක් අත්දැකීම් විඳපු කෙනෙක්..කොහොමින් හරි අයියා සිංහ පැටියාව ගොඩ ගන්න වෙන්නෙත් මටම තමයි..යෝහ් කොහොම ආම් බන් කරන්නද මන්දා මේ යෝධයාව
ESTÁS LEYENDO
Painkiller
Fantasíaඅසම්මත බව දනිමි.හුදෙක් නිදහස් වීම සඳහාම පමණි.. " තිරිසනෙක් වුණු මාව මේ තරම් ආදරණීය මනුස්සයෙක් කරාට ඔයාට ගොඩක් පින් මගෙ ඩීන්.."
