🍂🍂
ජීවිතේ සමහර කාල වලට උදා වෙන ශීත සමය අවුරුදු ගණන් තියනවා..
මෙලනි මොකද්ද ඒකෙන් අදහස් කලේ. ශයිරි දන්න තරමින් මෙලනි දුකෙන් ජීවත් වෙන්නේ නැහැ.එයා ජීවිතේ විඳින සතුටින් ඉන්න කෙනෙක්.
හිඩැස... ඇයි එහෙම හිඩැසක් ඇති වුනේ.වෙන් වීමට හේතුවක් වුනේ ඒ හිඩැසද.ඒත් මිනිස්සු හිඩැස් එක්කත් ජීවත් වෙනවනේ.
ශයිරි ටිකක් වෙලා හිඩැස් ගැන කල්පනා කරනවා.හිඩැස් ඇති වෙන්නේ ආදරය නැති නිසාම නෙවේ කියලා එයාට හිතෙනවා. සමහර ආදරය තියන තැන් වල පවා හිඩැස් හිටිනවා. හිඩැසක් නැති කරන්න උනන්දුවක් තියෙන්න ඕනේ. ඒ බැඳීම ඒ තරමට අවශ්‍ය වෙන්න ඕනේ කියලා ශයිරිට හිතෙනවා.
ශයිරි ආයෙමත් පිටු පෙරලනවා. ආයිත් පිටු කීපයක්ම නැහැ. මෙලනි පසු කාලෙකදි සිදුවීම් ඉතුරු කරලා, එයාගේ සිතුවිලි ලියවුනු පිටු ඉරල දාල කියලා ශයිරිට තහවුරු වෙනවා.
ආයෙමත් සති කිහිපයකට පස්සේ දිනයක් එක්ක සටහනක් තියනවා.ශයිරිට හිඩැස අමතක වෙනවා. මොකද ඒ පිටු වල තියෙන්නේ හාදුවක් ගැන.අකුරු වල විතරක් තියන හාදුවකට පවා පුළුවන් හිඩැසක් නැති කරන්න.
වාහනයක් ඇතුලේ ලැබුන පළමු කොපුල් හාදුවක් ගැන විස්තර ලියවිලා තියනවා.
මේ වගේම අළු පාට වැහි බර හැන්දෑවක සීමිත ඉඩක, සැර විලවුන් සුවඳක් මුසු වුනු පරිසරයක කම්මුලක් මත පතිත වුණ පිරිමි දෙතොල් උණුසුම් කියලා මෙලනි ලියල තියනවා.
යොවුන් වියේ අනුරාගයට වඩා ආදරයට බර අවිහිංසක හාදුවක් අරුමයක් කියලා ලියල තියනවා.
පොත උකුල උඩ තියා ගෙනම ශයිරි කල්පනාවක ගිලෙනවා. හාදු සම්බන්දව එයාට අත්දැකීම් නැහැ.ප්‍රේමය නමින් එයාට හාදුවක් මෙතෙක් හිමි වෙලා නැහැ.
නවකතා වල කියවල තියනවා... චිත්‍රපටි වල දැකල තියනවා. ඒ වුනාට සත්‍ය ජීවිතේ අත්දැකීමක් කියවන කොට තත්වෙ වෙනස්.
වැහි අඳුරක පිරිමි උණුසුමක් කියන්නේ පුදුමාකාර ආශ්වාදජනක දෙයක් බව ශයිරි තේරුම් ගන්නවා.ඒ මග අරුණු උණුසුම වෙනුවෙන් පළමු වරට එයාට සාංකාවක් දැනෙනවා. මෙලනි මේ අත් දැකීම් විඳින කොට එයාගේ වයසට කිට්ටුයි. ඒත් එයාට තාම එහෙම කිසිම අත්දැකීමක් නැහැ. ඒක ජීවිතේ හිඩැසක් කියලා ශයිරිට හිතෙනවා.
ESTÁS LEYENDO
අවපස සමයක...( Completed )
RomanceUnfinished love stories are a curse.. අසම්පුර්ණ ආදර කතා කියන්නේ ශාපයක්. ඒක විඳපු කෙනා වගේම අහන කෙනත් රිදවන දෙයක්. අසම්පුර්ණ ආදර කතා එක තැන නැවතුන කතා නිසා ඒවා හරිම ලස්සනයි. ශාපයක් වගේ හැමෝම ඇදල ගන්නවා. මේ අසම්පුර්ණ ආදර කතාවක් සම්පුර්ණ කරන්න ගිහින් ආ...
