Episode 02

122 4 3
                                        

🍂🍂

බිත්ති වලින් එහා වැස්ස පොලව එක්ක සෙල්ලම් කරද්දී... හුලන් රවුම් රවුම් කැරකෙද්දී ශයිරි මෙලීගේ මතක වල ගිලෙනවා.පොතේ පලවෙනි පිටු කිහිපයම ඉරලා දාල. සටහන් පටන් ගන්නේ අවුරුදු විස්සකට කලින් දිනයක් එක්ක.

ශයිරි ඒ කාලේ ගැන හිතනවා.ඒ වෙනකොට ශයිරිගේ අම්මි යි තාත්ති යි බැඳලා අවුරුදු දෙකක් ගෙවිල ගිහිල්ලා.ශයිරි අම්මිගේ බඩේ මුල්ම කාලේ. අර අත පය හොල්ලන්නෙ නැතුව, දඟලන්නේ නැතුව වකුටු වෙලා ඉන්න කාලේ. මුලින් වෙනම ජීවත් වෙන කනිෂ්ක තමාරා ආයි ගල්කිස්සේ මහ ගෙදරට එන්නේ ඒ කාලේ.මෙලී ඒ කාලෙත් තමාරා ගේ බඩට අත තියල ශයිරිට කතා කළා කියලා තමාරා ශයිරිට කියලා තියනවා.

ශයිරි ඒ මතක වලින් එලියට ඇවිත් මෙලනිගේ මතක හිමීට කියවන්න පටන් ගන්නවා.

මෙලනි මුලින්ම ලියලා තියෙන්නේ අමතර පන්තියක සිදුවීමක්. මෙලනි පන්ති ගියේ බම්බලපිටියේ  කියලා ශයිරි දන්නවා. සිසු සිසුවියන් පිරිච්ච අමතර පන්තියක් ශයිරි ගේ මනසේ මැවෙනවා. ඒකෙ මැද හරියේ බංකුවක ඉඳ ගෙන ඉන්න යොවුන් වයසේ මෙලනි එයාට පේනවා.

" එක්ස් කියුස් මී "
ඒ ගැඹුරු විනීත කටහඬට මෙලනි පිටිපස්ස හැරිලා බලනවා. ඒ උස කෙට්ටු පිරිමි ළමයෙක්. මෙලනි ඉන්න පේලියට පිටිපස්සේ පේලියේ ඉඳ ගෙන ඉන්නේ.
" මට පෑනක් දෙනවද "

ඒ තමයි නිරන්ද දැකපු මුල් දවස කියල මෙලනි ලියල තියනවා.

ඒ ළමයගේ එහා පැත්තේ හිටියේ දිරේන් සහ කළිඳු.
" නිරන්ද පෑනක් ගෙනත් නැහැ මෙලී. පෑනක් දෙන්නකෝ " දිරේන් මෙලනිට කියනවා.ඒ දෙන්නව මෙලනි දන්නවා.කළිඳු කියන්නේ මෙලනිගේ හොඳම යාළුව, රන්දිමා ගේ පෙම්වතා.

දිරේන් එයාගේ යාළුවා. රන්දිමා මෙලනි වගේ උසස් පෙල කරන්න කොළඹට ආපු කෙනෙක් නෙවේ. කලින් ඉඳලම කොළඹ ඉස්කෝලේ ගිය කෙනෙක්.

ශයිරි මොහොතක් අකුරු වලින් ඇස් මුදවා ගෙන එලිය බලනවා. තවමත් වහිනවා.සීතල එක සැරේට තදට දැනෙන්න ගත්තු නිසා ශයිරි දෑත් බැඳ ගන්නවා.මෙලනිගේ පාසල් සමය ගැන එයා දන්න කරුණු සිහියට නගා ගන්න උත්සාහ කරනවා.

අවපස සමයක...( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin