Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අද පසළොස්වක පෝය දවසක් මුළු ගම්මානේම පුදුම තරං ලස්සනයි. පහන් පැලේ තිබුන පුංචිම පුංචි තෙල් පුරෝපු මැටි පහනින් ආපු එලිය විතරයි එලියකට කියලා මැද මිදුලේ තිබුනේ. මේ අන්ධකාර රාත්‍රියේ ඒ පුංචි මැටි පහනින් එන එලිය අරලිය ගහ ගාව බංකුවේ ඉදන් ඉදපු මට පෙනුනේ කණමැදිරි එළියක් වගේ.
එත් පුරහද හරි ලස්සනට මා එක්ක හිනාවෙලා හිටියා. මුලු නිරුවත් උඩු කයම පුරහද එළියෙන් පාට වැටිලා තියනකොට ඒ පුර හද අද මගේ උඩුකයම එයාගේ කරගෙන තිබ්බා.
මන් එහෙම්මම මගේ පුංචි ගෙදර දිහාවට ඇස් යොමුකරා.
"අනේ"මට හීල්ලුනා. පහුගිය දොහේ වැහැපු වැස්සට තෙමිච්ච පිදුරු වහලෙන් බේරුන වැහි වතුර තාමත් සාලේ පුරාවට තියනකොට අම්මට නංගිට බිම පැදුරු කඩමල්ලේ නිදාගන්න බැරි උනා. ඉතින් මගේ පන ඩිංග වුන උන් දෙන්නට මන් ඉස්තොප්පුවේ දාලා නිදාගන්න බූරු ඇද සාලෙට ඇදල දීලා උන් දෙන්නගේ පැදුර කොට්ට අරන් මන් ඉස්තොප්පුවේ එලා ගත්තා.
රෑ 11 ත් පහුවුනත් නින්ද අහලකවත් නොතිබ්බ මම අරලිය ගහ ගාව බංකුවට වෙලා කල්පනා කලේම මගේ ජීවිතේ ගැන. සමහර වෙලාවට මට මැරෙන්න තරම් හිතෙනවා අනේ එත් මන් නැති උනොත් මගේ අම්මාට නංගිට කව්ද ඉන්නේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
