" මට සමාවෙන්න දේව්... අඩුම සතියකට සැරයක්වත් ඔයාව බලල යන්න එන මන් නැවතුනාම ඔයාට කොහොම දැනෙයිද කියල මට එක පාරක්....එක පාරක් හිතල බලන්න තිබුණා... මට...මට සමාවෙන්න දේව්..."
ඔව් මගේ ඇස්වලින් කඳුලු වැටෙනවා.. නොවැටි කොහොමද මේ මගේ හැමදේම... මගේ...මගේ ආදරේ වෙද්දි... පොඩිම පොඩි අයිතියක්වත් නැති මගේ ආදරේ වෙද්දි....
" ඒත් පණ එදා...එදා ඔයාගේ ආදරේ ඉස්සරහ...ඔයාගෙ මනූ ඉස්සරහ... ඒ ඇස්...ඒ ඇස් ඉස්සරහ මන් හරි අසරණ වුණා රත්තරන්... මන් තවත් මො..මොකට මෙතන්ට එනවද අහද්දි හැමදාමත් වගේ මන් අසරණ වුණා දෙයියනේ... ම..ම..මට සමාව දෙන්න දේව්... අනේ මට....මට.... සමාව දෙන්න දේව්...."
මම මගේ දේව්ට කවදාවත් වැරැද්දක් කරන්න හිතුවෙ නැහැ. ඒත් දෛවය හරි දරුණුයි. නොහිතන වෙලාවක අපේ හැමදේම උදුරගන්න තරම් දෛවය හරි දරුණුයි..
" මන්...මන්...මන් හිතුවනේ පණ එයා ඇවිත් ඔයාව බලාගනී කියල.. එයා එදයින් පස්සෙ මෙතන්ට ආවේ නෑ කියල මන් දන්නේ නෑ රත්තරං...මට සමාවෙන්න."
සමාව ඉල්ලනවා ඇර මන් මොනා කියල කරන්නද රත්තරං.. එදා ඔයාගෙ මනූත් සාධරණයි.. මේ දේවල් සිද්ධ වුණේ මන් නොහිතා කරපු වැරැද්දෙන්නේ... මට සමාව දෙනවා නේද දේව් ඔයා.. මම එදායින් පස්සෙ ඔයාව බලන්න නාවේ තව දුරටත් මට ඔයාගෙ මනූගෙ හිත රිද්දන්න ඕන කමක් තිබ්බෙ නැති නිසා දේව්.. ඒත් මන් දැනන් හිටියේ නෑ ඒ මනූ ඔයාව බලන්න ආපු අන්තිම දවස කියල.. එයාට වැරැද්දක් කියන්න බෑ එයා සාධරණයි.. එයාගෙ හිත හදාගන්න වෙන්න ඇති එයා USA යන්න ඇත්තේ... මට සමා වෙන්න දේව් ඔය දෙන්නගේ ලස්සන ආදර කතාවත් නැති වුණේ මන් නිසා...
"ඔයාට මතකද දේව් ඒ කාලේ...."
_________________________________________
මෙතනින් එහා යන්නේ අතීත සිද්ධි ළමයි ආපහු වර්තමානෙට ආවහම මන් කියන්නම්....
🍂👣
