Chapter 12

161 35 33
                                    

" ප්‍රීත්... ප්‍රීත්... ඒයි බන්... ඇයි මේ... මොකද වුනේ..."

විහාධ්ගේ බයවුන කටහඬ කණ ලඟින්ම ඇහෙද්දී එයාගේ උරහිසට වාරැ වෙලා හිටිය මම ඉහින් කටින් දාඩිය දාගෙන නැගිට්ටේ සද්දෙට හුස්මක් උඩට අදින ගමන්... මුලු පපුවම කවුරැ හරි තද කරන් වගේ... මට ෂීට් එකේ කෙලින් වෙන්න බෑ පපුව උඩ මහා බරක් තියලා....

ඒත් එක්කම වගේ වීල් එකත් පාරේ කොණකට කරලා නතර වුනාම විහාධ් අත් දෙකෙන්ම මාව ගුලි කරලා බදාගත්තා....

" අනේ බන් ප්‍රිත්වි...⁣ මේ බලපන් විහාධ් දිහා බලපන්... උඹට අමාරැද... හුස්ම ගන්න බැරිද..."

" න්... නෑ... විසාදයා අවුලක් නෑ... පපුවේ කැක්කුම ඇල්ලුවා එකපාරට..."

" ආපහු ? ගොඩක් රිදෙනවාද... ඉදහන් අ... අපි-"

" ලමයෝ මොකෝ වුනේ... මොකක් හරි අසනීපයක්ද ?"

වීල් එකේ අන්කල් බහින්නත් හදද්දී මම පපුව තද කරගෙනම ශීට් එකේ කෙලින් වුනා... මාව කුදලන් දැන් ආයේ හොස්පිටල් ගෙනිච්චොත් මහතැන මාව හොස්පිට්ල් කෙසේ වෙතත් මෝචරියකට ඔබාවි... තොට එකතැන ඉන්න බැරි පණු ගායට අසනීප කරගන්නවා කියලා...

" ගොඩක් ආමරැද කොල්ලෝ... මේ ලඟ ආසිරි එක තියෙන්නේ යමුද එහෙට..."

" අනේ අන්කල් යමු-"

" ඕන්නෑ ඕන්නෑ... මේ ගෑස් වලට... ගෑස් වලට..."

විහාධ්ව වෙව්ලනවා හෝ ගාලා... ඒ අස්සේ ඉර එලියට මුවා වෙලා හිටිය සූරියකාන්ත මල දිහා බලාගෙන ඉඳලා මගේ ඇස් නිලංකාර වෙලා වගේ... අනේ මට ඒක මග ඇරැනා නේ... මුලු ඔලුවම කීරි ගැහිලා ගිහින්... අඩුම ගානේ බයටම සුදුමැලි වෙලා තියෙන විහාධ්ගේ මූණ දිහා බලන්නවත් ඔලුව උස්සන්න බෑ... තව නම් බෑ මගේ ඇස් වලින් කඳුලු පනී....

" මෙයාට ආමරැයි වගේ... හොස්පිටල් යන්..."

" එපා... ඕන්නෑ දැන් හොඳයි... ඒක ඇරිලා ගියා.."

මම ආමරැවෙන්ම ඇස් ඇරගත්තා... මුලු උරහිස් දෙකම මසල් පේන් එකක් ⁣වගේ රිදෙනවා... ඉල ඇට ටික ටික ඇඟ ඇතුලෙම ඇකිලීගෙන යන්න වගේ වේදනයි... හිතාගන්න බෑ සැරින් සැරේ මොකක් වෙනවද කියලා ඇත්තටම...

WEST COAST | WC | ONGOING Where stories live. Discover now