පූල් එකෙං ඇවිත් වොෂ්රූම් එක පැත්තට යන ගමං මහා විසාලෙට කල්පනා කර කර එද්දි එකපාරටම දැක්ක දෙයිං මාව එතනම දිය වෙලා ගියා... මිෂී !! එයා swimmer කෙනෙක් ද!!!!.. මම වොෂ්රූම් එකේ දොර ඇරගෙන ඇතුලට යද්දිම.. ශශිකලා අක්කා එක්ක බර කයියක් දාගෙන කිටත් දාගෙන මිෂී announcing කරන පැත්තට ඇදුනා... මම දැක්කෙ නෑ වගේ එහෙමම ඇතුලට ඇවිත් බොක්ස් රූම් එකක් අස්සට ගිහිං ටක් ගාලා දොර වහ ගත්තා...

" What i see just now ? Oh... No no no impossible.. i never saw her before even our practices.. "

මම එහෙමම දොරට ඔලුව තියාගෙන ටයිල් එක දිහා විනාඩි දහයක් විතර බලාගෙන හිටියා.. දෙයියනේ එයා.. swimmer කෙනෙක්..... නෑ නෑ නෑ... මම බොක්ස් රූම් එකෙන් එළියට ඇවිත් BT දාගෙන head cap එකත් ගලවගෙන එළියට එද්දි... Breast stroke event එක තිබ්බෙ.. මිෂීත් එතන හිටියා.... මම pavilion එක පැත්තට යන එක නවත්තලා event එක දිහා බලාගෙන හිටියා.. එයා නොසෑහෙන්න හොදට swim කරනවා.. ඇත්තටම බලාගෙන ඉන්න ආස හිතෙන විදියට... මට දැනුනෙ මගේ කකුල් එකට බැදලා වගේ.. මම එයා finish කරන කල් ඒ දිහාම බලාගෙන හිටියා... ඒත් මට හිතාගන්න බැරි මෙච්චර ස්කෝලෙ දේවල් ගැන දන්න මම ඇයි මිෂී සොනෂ්යා එදිරිසිංහ swimming කරනවා කියලා දන්නෙ නැත්තෙ.. ඇයි !!!! ශශිකලා අක්කාත් දන්නවා.... ඇයි මම දන්නෙ නැත්තෙ... ෂිට්..

මම අත් දෙකත් මිට මොලවගෙන එහෙමම pavilion එකට ගියා.. යද්දි අපප්ච්චී අයියයි ෂවේන් අයියයි ඔටුවයී කස්ටියම ඉදං සිරි නරඹනවා... හතර දෙනාම එකම විදියට ඇදලා... කළු අත් දිග ෂර්ට් එකට තමන් කැමති විදියෙ ට්‍රවුසර්ස්.. අප්පච්චිගෙ හැඩ බලහංකො ෂේඩ්ස් දෙක්කුත් දාලා....... අච්චර ලස්සනට ඉන්නැද්දි එතනට මූණ පුප්පගෙන යන්න හිත දුන්නෙ නැති නිසා ගොනා වගේ මල් හිනාව දාගෙන මම අප්පච්චිලා ඉන්න තැනට ගියා..

" ඇගේ නං ගෑවෙන්න එපා.. තෙතයි ඔයා.. එහාට වෙලා ඉදගන්න ප්ලීස්.. "

" අනේ නිකං ඉන්න අප්පච්චි... සෝභනේ නැතුව.. තල්ලු කරනවා පූල් එකට හොදේ.. "

" මේ කවුද බං අර ලස්සන කෙල්ල.. මම මීට කලිං දැකලා නෑනෙ ඒකි පීනනවා.... "

" තමුසෙ හරි නැතෑ අයියෙ මම දැකලත් නෑ... මම හිතන්නෙ.. පිටිං ප්‍රැක්ටිස් වෙන කෙනෙක්... "

You've reached the end of published parts.

⏰ Last updated: May 12 ⏰

Add this story to your Library to get notified about new parts!

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now