ඒ අස්සෙ මන් පසුතැවුනා....මවාගත්ත බොරු තරහකින් උනත් පුංචි එකාට සැර කරපු එකට මට රිදුනේ නැතුවම නෙමෙයි. වචනයක් ඇත්නම් කදුලු පුරවගන්න ඒ ඇස් මගෙ ඔලුව පුරාම ඇදෙන්න ගත්තා......දැන් මට බැන බැන ඇති....සමහරවිට....කදුලු පුරවගෙනද දන්නෙත් නෑ. හොඳ වැඩේ බොටත් කටපියන් ඉන්න බෑනෙ ආක්ෂ!! දැන් විදෝපන්......මටම විදෝපන් කියලා බැනපු මගෙ හිත සැනසුමක් හොයාගෙන ජනෙල් කවුළුවෙන් එපිටට දිව්වා...
"සුරගනක් විලස ඈ...සැරසිලා එනතුරා....හිදිමී....මේ යාමේ......සොදුරියෙ නුඹ කොහේ කොතැනදෝ.....දකින තුරු ඉවසුම් නැ..හ්..~උඹෙ අම්මට.....මගෙ කොන්ද කඩන්නෙපා වස්සෝ...අපෙ අම්මට ඉන්නෙ මන් විතරයි"
මන් මගෙ ඇදට පැන්නා උනත් ඔය කෑ ගැහුවේ මගෙ දේහදාරී ශරීරෙට යට වෙච්ච විශාකයා....ජනෙල් කවුළුව ලගට වෙලා මනෝ පාරක් ගහන් හිටපු මගෙ මනෝ ලෝකෙ සින්දුවක් හින්දා මොහොතින් කැඩිලා බිදිලා යද්දි ඇස් කොනට අහු උනේ මන් කියලා එකෙක් ඉන්නවද ගානක් නැතුව කාමරේට ඇවිල්ලා ඇදේ හාන්සි උන විශාකයව....
මන් ෆෝන් එකත් මේසෙ උඩින් දාලා මගේ ඇදේ හාන්සි වෙලා හිටපු විශාකයගෙ ඇගට පැන්නා.....දැනුන සතුට හොඳම යාලුවගෙන් පිට කරේ නැත්නම් වැඩක් නෑ. මූ හිටියෙ මුනින් අතට වෙද්දි මන් පැනපු ගමන්ම මාවත් පෙරලගෙන අනික් පැත්ත හැරුණ ඌ...උඹෙ අම්මට කියලා පටන් ගත්තා දෙස් තියන්න. යකෝ මේක මාර කෙලියක්නෙ. ඇගට පැන්නෙ මන්. එන්නෙපා අම්මව ගාව ගන්න. යකෝ, නැන්දා නැන්දා කියාගෙන වරෙංකො. මන් නැන්දව පෙන්නන්න උඹට.
"බලපන් උදේ පාන්දරම අයන් කරපු ඇඳුම පොඩි කරානෙ උඹ..."
ඇදෙන් බැහැලා ෂර්ට් එක හද හද මට කෑ ගහන විශාක දිහා මන් ඇහි බැමක් උඩට කරගෙන බැලුවා. එන පොටනම් හොඳ නෑ වගේ. ලගදිම මොකක් හරි කෙක්කක් පටලගන්න වගේ යන්නෙ. මේ ආක්ෂට හිතුණ දෙයක් වැරදිලා තියෙද...නැහැනෙ..
මොනවා උනත් ඌ එහෙම අදහසක් හිතට ආවත් මට කියනවා....ඒක ෂුවර්....මොකද අපි අතර මෙච්චර කාලෙකට රහස් තිබිලා නෑ....කවුරු අපේ ජීවිත වලට ආවත් හොඳම යාලුවා කියනෙකා වගේ තව එකෙක් නැති වේවි....ඒ තරම් අපෙ යාලුකම හයිය එකක් උනා....ඉතින් මනුස්සයෙක්ට ඕනෙම එහෙම යාලුකමක්....සැපේදි වගේම දුකේදිත් තනි නොකරන මනුස්ස ආත්මයක්......ඔව් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විශාකයා....ඌ මගෙ ඕන දේකට සප් එක දුන්නා...බොක්කෙන්ම.....ඒ කරලා වැඩ කා ගත්ත අවස්තාත් නැතුව නෙමෙයි....ඒ හැමදේකින්ම අපි විනෝදත් උනා....ඉතින් එච්චරයි....මගෙ ජීවිතේ ගෙවුනේ හරිම සැහැල්ලුවෙන්...
YOU ARE READING
| අපේ යාලු පුංචි භූතයා | Ongoing..
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...
තිස් දෙවෙනි සිහිනය 💭
Start from the beginning