ඔව් ඔව් පුළුවන් බැරි මොකද කියන කියන හැමවෙලේම එන්න යන්න උඹ පෙට්‍රලි ගහනවනෙ මට වැඩිය නැටුවොත් අපෙ අයියව සෙට් කරනව තොට අමු කුකුළා....

(" හේගා.. මම එහෙනං.... බලාගෙන ඉන්නවා.... 5:30 වෙද්දි එන්නෝන..  තව අය එනවා ඒ නිසා මට හෙල්ප් ඒකටත් එක්ක ඔයා අනිවා එන්නෝන.... ")

" ඕ ඕ හරි කෝච් මම එන්නං... "

(" ඕකේ එහෙනම් මම තියනවා.. බායි ජීසු පිහිටයි..")

" හරි කෝච්.. "

Beep beep beep

එස්සෑම් ලියලා නිදහසේ ඉන්න දෙන්නෑනෙ මුං.. අනෙ අම්මපා මම ගිය ආත්මෙ... මහ පජාත වැඩ කරන්නැතී නේ... මේ ආත්මෙ කියලා වෙනසක්යෑ.... ඒ කියන්නෙ හත්තිලව්වෙ මේ දුක් ටික ලබන ආත්මෙත් මේ විදියටම ගෙවන්න ඕනද.. බුදු හාමුදුරුවෝ නිවන් දකින්න අච්චර කට්ටක් කෑවෙ ඇයි කියලා.. තේරෙන්නෙ දැං තමා.. චැක්.. ඒ කාලෙ ඉඳිය නං මොකක් හරි කර ගන්න තිබ්බා මම කියන්නෙ නිවනට අහල පහලිං ඉඩමක් හරි ගන්න... ඇත්තටම ඒ කාලෙත් කාලකණ්ණියෙක් වගේ ඉන්නැතී බණක් භාවනාවක් වත් නොකර ඔහේ... ගල් පෙරේතෙයා වගේ.. නෙදකිං.. ආත්ම ගාණක ඉදං එන කාලකණ්ණි කමක් නේ යකෝ මේක... !!!!

"අම්මේ....... !!!!!"

(" මොකද බෙරිහන් දෙන්නේ... කන්න ඕනි වෙලාද... ඕනවට වැඩී දැං හොදද..... ")

" නෑ නෑ මේ මම නිකං.. ම් අහ්ම්.. උගුර සවුත්තු වෙලා වගේ දැනුනා ඒකයි මම බැලුවෙ මේ... හෙහේ.. "

මම පිටි පස්ස පැත්තෙං ඉස්සරහට එබිලා බැලුවේ අප්පච්චිගෙ කාර් එක තියේද කියලා.. මම හිතන්නෙ වැඩට යන්නැති... ඒත් අයියා කිව්වනෙ අද ඕෆ් එකක් කියලා... අනේ මංදා මහ පගෙයගෙ මරිසි වැඩී දැං.. ඉදපංකො ඔව්ව අල්ලයි මගේ ඔටුවා...
මම හිමින් හිමින් බිත්තියත් අල්ලං ඉස්සරහට ඇවිත් ඔලුව දැම්ම විතරයි.. එකපාරටම සුනාමියක් වගේ.. පචොස් ගාලා මගේ සොදුරු මූණත් තහඩුවට..  වතුර කන්දක් එක පාර වැදුනා...

" උගෙ අම්මටහ්.... කියනවා.... අප්පච්චී මං..... "

තව ඩිංගෙං උදේ පාන්දර.. ආ සමා වෙන්න දවල් පාන්දරම... කනව අප්පච්චිගෙං වතුර පිටිංම කනේ පාරක්.. ඈයිස් මැරතන් එකක් පරාද උනා වගේ ෆීලින් එකක් ගන්න තිබ්බා හැබියි..

" හයියෝ... සුදු නෝනේ.... මොනවද මෙතන කරන්නෙ... හම්මොහ් හ්හහ්හ්හා.. හේෂ්.... ඔය තුවායක් අරං එනවා... අයියෝ.. මගේ කෙල්ල... හ්හහ්හ්හා... "

" අනේ ඉන්නකො අප්පච්චි ඔයා නං හරි නරකයි.. "

" ඉතිං මම දන්නවද ළමයො.. ඔයා ඔයපැත්තෙං එනවා කියලා.. එක්කො අඩි සද්දෙයක්වත් දැමිමනං ඩිංගක් බේරෙන්න තිබ්බා.. මට දුක.. අරක වාහනේ රෝද ටික හෝදලා ඉතුර වෙච්චි වතුර එකම වැදිච්චී එක.. හොද එකක් නං කමක් නෑ..  "

" අම්මේ... !!!! "

(" මොකද බෙරිහන් දෙන්නේ නැගිටපු වෙලේ ඉදං.. ")

" අම්මෙ මේ අප්පච්චි වහ්ම්ක්හ්ම්ම්ම්... "

" කෑ නොගහ ගිහිං නා ගෙන එනවා එළියට ගිහිං එන්න.. කෝච් කෝල් කරල කිව්වා.. ඔයාට මීට් එකක් එනවා කියලා ලග... අපි යං බඩු ටිකක් අරං එන්න... හාහා ඉක්මන් කරන්න... "

" අන්නේම එන්නකො අප්පච්චි... මම ඕන්නං තව කුණු වතුර එකක් කන්නං... "

" යනවා යනවා... රස්තියාදුකාරයා... "

" උම්මා උම්මා උම්මා... "

දෙයියනේ අපේ අප්පච්චිට මොනා වෙලාද මේ... හරි පුදුමයි...
මම ටක් ගාලා එතනිං කැපිලා අප්පච්චිට උම්මා පා කර කර පස්සෙං පස්සට එන්නැද්දි.. අපේ මහ පගයා තුවායක් උස්සං එන ගමං ඉදලා මගේ ඇගේ හැප්පුණා... මම එතනම තොක් ගාලා ගෙම්බා වගේ වැටුනා... වැටුනා කියලා සැලෙනවද නෑ.. මම ආයෙ නැගිටලා අයියගෙ මූණ කුණු වතුරයි.. දූවිලියි තියෙන අත්දෙකෙන් අල්ලල කට උල් කරල උම්මා කියලා.. ගෙට දුවලා ගිහිං වොෂ් එකක් දාගෙන ටක් ගාලා කාලා එළියට පැන්නා....

මල්සර දෝණි සොපින් කරන්න යනවෝ........ !!!!!

කතාව පරක්කු වෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාව පරක්කු වෙන්නෙ... ඇත්ත වශයෙන්ම මගේ තියෙන කාර්ය බහුලත්වය නිසා සහ.. 🙂😁 කාලකණ්ණි නිදිමත නිසයි තමා..
සමාවෙන්නෝන.... තරහ වෙන්නෙ නැතුව ඉන්න ඉතිං.. මම කතාව දෙනවා දිගටම... මාසයක් හමාරක් තමා කෝමත් පරක්කු උනොත්..

අද කෑල්ල නං පොඩී... හේතුව ඊ ලග එක සෑහෙන්න දිගයි ඒකයි... එහෙනං.. ළමායි.. ආයෙ මාසෙකිං හම්බෙමූ.. 

See you in the next part guys 🌼😉
Love you 😘🤟🏼

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now