ඔක්කොම ඉවර වෙලා ගේට් එක ගාවට එද්දි.. කාර් ඒකේ හිටියෙ... අපේ අම්මා අරං හදාගත්ත එකා.. ඌව දැක්කා විතරයි ඔවේන් රතු වෙලා.. උට හීන් දාඩියත් දාන්න ගත්තා.. ඊට පස්සෙ දගර පණුවා වගේ එහෙට මෙහෙට පැන පැන ඉදලා.. ඌ මට බෑග් දෙක දීලා බස් එකේ එන්නං කියලා යන්න හදද්දීම අයියා සුටුස් ගාලා වාහනෙං බැහැලා ගිහිං.. ඔවේනෙයාව ඇදගෙන ගිහිං කාර් එකේ දොර ඇරලා ඒක අස්සට එබුවා.. මම ඔය ඔක්කොම ඉවර වෙනකල් කවුද වගේ.. බෑගුත් උස්සගෙන කාර් එක ඉස්සරහට වෙලා ඉද්දි.. මිෂීත් වාහනේ යන ගමං ඔලුව වනලා යනවා කියලා කට හෙල්ලුවා.. මං වට්ටි අම්මා වගේ.. බෑගුත් එල්ලගෙන පරිස්සමින් යන්න කියලා කියද්දිම අපේ අයියා ඇවිල්ලා ඔලුවට එකක්.. ගැහුවා.. කැර්ර්රියා..

" මෙහෙ වරෙං යන්න... මට බුලත් ගෙනියන්න කියලා නං ෂවේන් කිව්වෙ නෑ.. "

" ආව්වා ඕඉ.. මොකටද බුලත්.. "

" උබට දෙන්න.. "

" කෑ ගහන්නැතුව එනවා යන්න දැං ඉතිං... මම මේ හිටියෙ ඕ ගොල්ලොන්ගෙ ෆිල්ම් එක ඉවර වෙනකල්.. "

" කට නං තියෙනවා මොනා නැතත්.. "

" මොනා නැතත් කියන්නෙ මොකක්ද ඔක්කොම තියෙනවා.. "

" ඔව් මටත් පේනවා.. ඔක්කොම තියන වග.. නැගපං.. "

අපි දෙන්නා.. එන ගමනුත් වැඩකට නැති වචන වලිං ඇන කොටාගෙන ආවෙ.. ඔවේන් හ්ම් සද්දෙයක් නොකර ඔහේ.. උලමා වගේ ෂටර් එකෙන් එළිය බලාගෙන ආවා... අපි ඇවිත්.. අම්මගෙ විශේෂ බෝජන සංග්‍රහය බඩ පැලෙනකල් බුක්ති විදලා.. ඇටි හැලෙන්න.. නිදා ගත්තා.. මරල දැම්මා වගේ නින්දක් සෙට් උනාම කෝමත සැප.....

" හේගා... මේ ඉස්කෝලෙං කෝල් එකක්.... හේගා... ළමයො නැගිටිනවා.... දැං දවල් වෙලා.. මේ ඉස්කෝලෙං කෝල් එකක්.. "

ඉස්කෝලෙං..!!! මල හත්තිහුත්තයි යකෝව්..
මම රිටක් වගේ සිං ගාලා නැගිටලා ෆෝන් එකත් උස්සගෙන විදගෙන ගියේ ගේ පිටි පස්සට..

" හෙලෝව් ගුඩ් මෝනිං.. "

(" ගුඩ් මෝනිං හේගා.. මම කෝච් රේගන් කතා කරන්නෙ.... මේ පාර.. කලිංම මීට් එකකට යන්න වෙලා තියෙනවා හදිස්සියේ.. ඔයාට පුළුවන් නේද.. අද හවසට ප්‍රැක්ටිස් එන්න.. ")

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now