" අනේ උබලා ඕනි එකක් හිතා ගනිං.... තොපි ඔක්කොම එකයි මම යනවා.. "

අද ඉස්කෝලෙ දවසකඒ නිසා සික් රූම් එකත් ඇරලි ඇති.. ඒකට ගිහිල්ලා ටිකක් ඇල වෙලා හිටයම හරියයි..

මම ඩ්‍රාමා රූම් එකට ගිහිං... වර්ෂා මිස්ටත් කියලා සික් රූම් එක පැත්තට ගියා.. යද්දි කවුරුත් හිටියෙ නෑ.. ස්කූල් ඩොකත් මම හිතන්නෙ.. නෑ වෙන්නෝනි.. මම ගිහින් සපත්තු දෙකත් ගලවලා ඇදෙන් හාන්සි උනා.. මොන විකාරයක් වෙලාද මට තේරෙන්නෑ..

ටිකක් වෙලා යනකොට දන්නෙම නැතුව මට නින්ද ගියා.. ආයෙ ඇහැරුනේ.. වීණගෙ ටකරං සද්දෙට..

" නැගිටපං මිස් දේසනයක් දෙන්න යන්නෙ.. ඒක අහගන්න යමං.. වරෙං.. "

" ම්හ්.. "

" වරෙං පගෙයො.. "

" හා හා යමං ඉතිං.. අම්මෝ.. "

" හිරි අරින්න ගිහිං අදත් ඉරා ගනිංකො එතකොට හොදයි.. "

ඉරා ගන්න එක කිව්වම මතක් උනේ.. රුමීෂාත් කරන්නෙ ඩ්‍රාමානෙ ඒකි ඇයිද දන්නෙ නෑ ආවෙ නැත්තෙ.. මැසේජ් එකක්වත් දාලා බලන්න ඕනි..

" මේ වෙලාව කීයද බං.. "

" 1:15 යි "

" සිරාවට.. අඩෝ මම සෑහෙන්න නිදාගෙනනෙ ඕඉ... "

"නැතුව.. වරෙං වරෙං.. "

අපි ඩ්‍රාමා රූම් එකට යද්දි ඔක්කොමලා බිම වාඩි වෙලා හිටියෙ.. අද ඔක්කොම ටීම් ටික ඉන්නවා.. ඒත් රුමීෂයි මිෂීයි හැර.. මෙතන මොකක් හරි අවුලක් තියෙයි වගේ මට දැනෙන්නෙ ඇයි.. නෑ නෑ හේගා ඒ උබේ හිත..

" ළමයී ඔක්කොම ඉන්නවනෙ දැං.... කවුද අඩු.... ආ මිෂීයි රුමීෂයි නේ.. ඒ දෙන්නා එයි workshop දවසට.. හරි දැං මම කියන්න යන්නෙ workshop එකේ වැඩේ ගැන හරිද.. අනිද්දා ඒ කියන්නෙ සෙනසුරාදා තමයි අපි වැඩේ කරන්නෙ.. ඒකට මම මගේ ගෝලයො කිහිප දෙනෙක්ට එන්න කිව්වා එයාලා university students ලා.. අ.. මම එකොළහකට එන්න කිව්වා බලමුකො.. හැමෝම එයි කියලා sure එකක් නෑ මට ඒ උනාට.. අඩුම අටක්වත් එයි.. අනික් එක තමයි ඕගොල්ලො සෙනසුරාදට එද්දී.. රැයක් ඉන්න බලාගෙනයි එන්න ඕනි.. අනික තමයි.. මිත්‍ර පාසලේ පිරිමි ළමයි ටිකත්.. workshop එකට එනවා.. මෙතන නැටුම් නටන්න තියා ගන්න එපා.. මම කියලා තියෙනවනෙ... ළමයි දෙසීයක් මේන්ටේන් කරන්න මට ඕගොල්ලොන්ගෙ සප් එකත් ඕන.. ඊළගට.. see more.. "

ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)Where stories live. Discover now