හත්වැනි පරිච්ඡේදය.

Start from the beginning
                                    

     "පුංචි මහත්තයා. ....  "

    

    තාමත් වචනයක් නොකියපු බුම්මට්ට මහත්තයා බර හුස්මක් පිටකෙරැව වෙනකොට  ඊලග තත්පරේම  ඒ කටහඩ මට ඇහුන... වෙනදාටත් වඩා හරි බරට......

     "  දැහැන්. ...................... තාරැගෙ අම්මගෙ නම මොකද්ද. ..... ?

     බුම්මට්ට මහත්තයා මගෙ තාරැගෙ අම්මගෙ නම ඇහුව. ... මගෙ  නෝනගෙ නම  මොකද්ද කියල  අහන්නැතුවම එයා තාරැගෙ අම්මගෙ නම මොකද්ද කියල ඇහැව්ව. .....

..

..   "  ශ්. .. ශ්වේතා. .... එයාගෙ නම ශ්වේතා. ......."

  මට එකසැරේටම කටට ආවෙම පන්තියේ ගෑනු ලමයෙක්ගෙ නමක්  වෙද්දී  සුදූගෙ නම කියන්න බැරිකමට මම ඒ නම කියල දැම්ම .....

     "එයා නැති උනේ මොනව වෙලාද..."

        " ඇක්සිඩන්ට්  එකකින්. ......  එයයි මායි  එදා ටවුමට ගියේ දරැවට ඕන කරන බඩු වගයක් ගන්න. .... ඒ උනත්  අපි නොහිතපු විදියට  ඒ හැමදේම වෙනස් උනා. .....  හැමදේම. ..... ".
. ..

මම දන්නෑ  මගෙ කටින් කොහොම  ඒ තරම්  වචන ආවද කියන්න  ඒ  උනත් මම කීව........ ඒ උනත්  එදත් එහෙමමයි...... සුදුයි මායි ගියේ තාරැට ඕන බඩුටික ක් ගන්න. ...
. ඒ උනත් .... ඒ උනත්  ඒ  ගමන ඇයි එහෙම  උනේ. .......
.......

.
   " එයා ... එයා හරියට මගෙ අම්ම වගේමයි..... හැමවෙලේම  මන් ගැන හොයල බැලුව. ......පුංචි මහත්තයා දන්නවද   එයාට තිබුනෙ හරි අහිංසක හිනාවක්. ....හැමෝම එයා  ලග නතර කරගන්න හිතෙන... .  එයා තාරැට හුගක්  ආදරේ කරා.....ඇයි කියන්න මම දන්නෑ... ඒ උනත්  අපි ලගින්  ඉන්න ඕන අය  හරි ඉක්මනට අපෙන් ඈතට යන්න යනවා. .. නොකියම යන්න යනවා. .... අදටත්  මම තාම ඒ ආදරේට හරි ලෝබයි....  ඒ හිතට මහ හුගක්  ආද. ....

  මම  බලන්  උන්න..... කණ්ණාඩි මේසෙන්  පේන  ඒ  මූණ  දිහා. ....  ඒ ඇස් මගෙ කටින්  කියවෙන වචනයක් වචනයක්  ගානෙ  මහ අමුතු උනා වගේම මගෙ වචන අසම්පුර්ණ කරල දැම්ම. .....

    "ඇති..... දැන් ඔය ඇති ...... ... දැහැන්ට දැන් යන්න පුළුවන්. ...."

    මම ඇස් වලට කදුළු පිරැණ  ආයෙමත් මූණෙ හිනාවක් ඇදිල මැකිල ගියා. ...   . ..  ඒත් ඊටත් කලියෙන් මම ගැස්සුන. ...... මොකද පුංචි මහත්තයා  මට යන්න කීව.... ඒකත් හරි බරට...

නිසල සඳ නුඹWhere stories live. Discover now