🌹 සිව්වන දිගහැරුම 🌹

831 161 91
                                    

🌹 රෝ ස 🌹4

..

..

..

..

ශෝක් කොලු පොඩ්ඩ නේද පුතේ...

ම්ම්.. හුරතල්..

ඉස්සර අර චූටී බට්ටා කාලෙටත් වඩා චූටී බේබී දැන් හුරතල් වගේ මට පෙනුනෙ... ඉස්සර ඔයාට කියන්න චූටී හා පැටියෙක් ඉන්න බෑග් එකකුත් පිටේ එල්ලගෙන චූස් බූස් ගාන සපත්තුත් දාගෙන තමයි ඉස්කෝලේ යන්නෙ... අංකල් වන්ග් ගා ගත්ත ගමන්මයි කොලු පැටියා හිටියේ... හරි ශෝක් අප්පා පුංචි දවස්වල...

යීබෝ දැනුයි වන්ග් ගෙනල්ලා දුන්න තේක බොන්න පටන් ගත්තේ.. ඇත්තටම තේක බොන්න අමතක උනා.. කොහෙ තේකක් බොන්නද අර පුංචි හුරතලයක් ඇවිල්ලා මෙතන නැලවිලා ගියානේ...

අපරාදේ තේකත් ඇල්වතුර වෙලා... දැන් ඉතින් මොනවා කරන්නද මේක බීලා වැඩකුත් නෑ.. යීබෝ තේ කෝප්පේ පැත්තකින් තිබ්බා...

චූටී බේබී වලව්වෙ හැමෝටම වඩා වෙනස්ද පපා...

කඩේ වැඩ කරගෙන යන අතරේ යීබෝ දවසෙ වැඩ රාජකාරි පටන් අරන් තිබ්බත් කුස්සියට ගිහින් මූණෙ හිනාවක් එක්කම ආයේ කඩේට ආව වන්ග් ගෙන් ඇහුවා...

චූටී බේබී වලව්වෙ ලොකු හාමු නෝනා වගේ.. හිත හොදයි.. යැංසී බේබී උනත් හැදුනේ එයාගේ අම්මා වගේ.. හිත හොද ඒකයි.. පොඩි බේබී නම් අප්පා වගේමයිලු... හැබැයි චූටී බේබී හැම කෙනෙක්ටම වඩා වෙනස් කියන්නේ එයා කිසිම ලෝභ කමක් නැතුව චූටී කාලේදි දුප්පත් උනත් පෝසත් උනත් තරුණ උනත් නාකී වුනත් හැම මනුස්සයෙක් එක්කම කතා කරනවා.. වයසක අයට උනත් පණ ඇරලා.. චීයේ ගාගෙන යන්නෙ ඉස්සර වයසක අයට... ඔය දරුවව උදේට දැක්කත් සිරියාවයි පුතේ.. දවසම සුභයි ඉස්සර මන් කඩේ අරින්නෙ චූටී බේබී එන වෙලාව බලලා...දැක්කනෙ මූණෙන් එකයි හිනාව.. නිකන් සීනී බෝලයක් දුන්නත් මගේ පලවෙනි බිස්නස් එක සල්ලි නොගන්න එකක් උනත් මට සෑහෙන්න හිතට හොදයි දරුවව දැක්කාම... පිං පාටයි..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now