ජන්කුක් පුටුවෙන් නැගිට්ට ගමන් දැක්කෙ එයාගෙ ඒනජල් සතුටින් හිනාවෙවී අත්පුඩි ගහනවා. සතුටටම ටේගෙ ඇස් වල කදුලු. දුවගෙන ගිහින් ටේව බදාගන්න හිතුනත් ජන්කුක් කන්ට්‍රෝල් උනා. එයා ටේ දිහාට ලස්සන හිනාවක් දාලා ස්ටේජ් එකට නැගලා අවොඩ් එක ගත්තා.

" 𝗷𝗲𝗼𝗻 𝗽𝗹𝗲𝗮𝘀𝗲 𝘁𝗲𝗹𝗹 𝘂𝘀 𝗵𝗼𝘄 𝗱𝗼 𝘆𝗼𝘂 𝗳𝗲𝗲𝗹 𝗻𝗼𝘄 𝗮𝗻𝗱 𝘀𝗮𝘆 𝘀𝗼𝗺𝗲𝘁𝗵𝗶𝗻𝗸 "

හැමොම නැවත පුටුවල වාඩි උනාම ජන්කුක් මයික් එක අරන් මුලු හෝල් එක පුරාම ඇස් යවලා අන්තිමට කතා කරන්න පටන් ගත්තා.

𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 - අහම්...... ම්ම්ම්ම් මුලින්ම මට කියන්න ඕනි අද මට මේ අවෝඩ් එක ගන්න උදව් කරපු හැම කෙනෙක්ටම 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵. මගෙ ඔෆිස් එකෙ වැඩ කරන හැමොම මට අද මේ තැනට එන්න උදව්කරා. වැටුන තැන් ගොඩාක් තිබ්බා ඒත් කව්රුවත් මාව මග තනිකරේ නෑ. ඉතිම් සතුටුයි මට ඉන්නෙ මේ ලොකෙ ඉන්න හොදම කාර්‍ය මණ්ඩලය. එ වගෙම මතක් කරන්න  ඕනි මගෙ පව්ල. මගෙ ඔම්මා මාව දාලා ගියෙ මං පොඩි කාලෙමයි. මට හරියට ඔම්මගෙ මූනවත් මතක නෑ. එතකොට අප්පා. අප්පා මාත් එක්ක හිටියත් ඇත්තටම එයාට මං ගැන වැඩිය බලන්න වෙලාවක් තිබ්බෙ නෑ එයා බිස්නස් වැඩ වලත් එක්ක හිර උනා. යන්තම් මට වයස 16 වෙද්දි මට මෙහෙ බිස්නස් වැඩ ඔක්කොම බාරදීලා මගෙ අප්පා ඇමරිකා ගියා. එදා ඉදන් අද වෙනකල් මං මගෙ අප්පව දැකලා නෑ ටීවි නිව්ස් වලින් දැක්කොත් මිසක්. ඉතින් මේ මගෙ ජීවිතෙ පුරාවටම මගෙ පව්ල වෙලා ලගින් හිටිය ටික දෙනෙක් ඉන්නවා. මගෙම නොව්නත් මටම කියලා හියුන්ලා දෙන්නෙක්  හම්බ උනා. ඒ යුන්ගි හියුන් එතකොට හොබි හියුන් පොඩි කාලෙ මාව බලාගත්තෙ මේ දෙන්නා. බිස්නස් ගමනෙ මෙච්චර දුරක් එන්න හේතුව තමයි ඒ දෙන්නා. එතකොට මට හම්බ උනා කොට තාරාවෙක්. සතුටුයි මගෙ පව්ලට ඒ වගෙ කෙනෙක් හම්බඋන එකට. මට එන ඕනිම ප්‍රශ්නෙකට එයා ලග උත්තරයක් තියෙනවා. අන්තිමට ස්තූති කරන්න ඕනි මේ ලෝකෙ මට වටිනම කෙනාට. පරක්කු වෙලා හරි මට ලස්සන මැනික් ගලක් හම්බ උනා. අදුරු වෙලා අපායක් උන මගෙ ජීවිතෙ ලස්සන කරේ එයා. හැමෝටම තැන්ක්ස් කරනවා. 𝘁𝗵𝗮𝗻𝗸𝘀 𝗮𝗹𝗹

ජන්කුක් එයාගෙ කතාව ඉවරයක් කරලා ස්ටේජ් එකෙන් බහිනකොට හැමෝම අත්පුඩි ගැහුවා. මේ අතරෙ තැනින් තැන ජන්කුක් අන්තිමට කියපු කෙනා කව්ද කියලා කතා බහකුත් ගියා.  ජන්කුක් ටේ එහෙම ඉන්න තැනට ගියපු ගමන් යුන්ගි හොබි ජිමින් තුන් දෙනාම ජන්කුක්ව බදාගෙන ජන්කුක්ට විශ් කරා.

╰☆☆ 𝔐𝔜 𝔐𝔒𝔒𝔑 ☆☆╮( 𝕋𝕜 ) ʷᵉʳᵉ ʷᵒˡᶠ ˢᵗᵒʳʸ Where stories live. Discover now