𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 16

Start from the beginning
                                    

"ඔන්න මම සින්දුවක් කියන්නයි යන්නේ~" ටේහ්‍යුන් පොඩි ලමයෙක් වගේ බෙන්ච් එකෙන් වාඩි වෙලා ගිටාර් එක බදාගත්තා...

"ම්ම් මොකක්ද කුකීට අහන්න ඕන සිංදුව" ටේහ්‍යුන් තමන් දිහා බලාගෙන ඉන්න ජන්කූක්ගෙන් ඇහුවා...ජන්කූක් තාමත් ටේහ්‍යුන් දිහා එකඑල්ලෙ බලන් ඉන්න නිසා ටේහ්‍යුන් හිනා වෙලා ගිටාර් එක දිහා බැලුවා...

"හරි මම කියන්නම් එකක් හොඳේ" ටේහ්‍යුන් හිනා වෙලා උගුරු පාදලා සූදානම් වුනා...

කැන්ඳා ගෙනා...සංවේදනා

ටේහ්‍යුන් එයාගෙ සුපුරුදු ගැඹුරු කටහඬ වෙනුවට මෘදු හඬකින් ගීතය ආරම්භ කලා...දිග ඇඟිලි හරිම සැහැල්ලුවෙන් ගිටාර් එක පුරා යන විදයට ජන්කූක්ගෙ ඇස් වල කඳුලු පිරුනා...සංවේදි ගීතයක්...

ඉන්නා තුරා...ලංවී ඔයා

ටේහ්‍යුන් ජන්කූක් දිහා බැලුවා...ඒ බෝල ඇස් පවා නැවතිලා තිබුනෙ ටේහ්‍යුන් ගාව...

මං ගාව නෑ...ආරාධනා

බොල් හීනයේ...හිත් පාරනා

ජන්කූක් තවමත් එක එල්ලේ ටේහ්‍යුන් දිහා බලන් හිටියා...

ටේහ්‍යුන් හිටියෙ සින්දුව ඇතුලෙ ගිලිලා...ඒක හරිම නිවන වගේම වේදනාකාරි ගීතයක්...

ටේහ්‍යුන් හිමීට ඇස් ඇරියා...එයා දැක්කෙ ජන්කූක් තමන් දිහා කඳුලු පිරුනු ඇස් වලින් බලන් ඉන්නවා...තවත් දරාගන්න බැරිම තැන ටේහ්‍යුන් ජන්කූක්ගෙ තොල් අල්ල ගත්තා...

ටේහ්‍යුන් හරිම මෘදුව ජන්කූක්ගෙ තොල් පුරා ගමන් කරා...ටේහ්‍යුන් තාමත් ගිටාර් එකේ තත් පුරා ඇඟිලි ගෙනියන ගමන් ලස්සන සංගීතයක් නිදහස් කලා...

ජන්කූක් හාදුවට ප්‍රතිචාරයක් දැක්වුවෙ නැති වුනත් එයා ඒ හාදුව උපරිමයෙන් විදිමින් හිටියා...විනාඩි පහකට විතර පස්සෙ ජන්කූක්ට හුස්ම ගන්න බැරිම තැන ටේහ්‍යුන් හාදුවෙන් ඈත් වෙලා ජන්කූක්ගෙ නළල උඩින් තමන්ගෙ නළල තියා ගත්තා...

ටේහ්‍යුන් ජන්කූක්ගෙ නිහඬව බේරිලා යන කඳුලු හිමීට පිහදැම්මා...

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now