𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 17

Start from the beginning
                                    

ජන්කූක් දන්නවා ටේහ්‍යුන්ගෙ රූපේ තියුණු ස්වරූපයක් ගත්තට ටේහ්‍යුන් කියන්නෙ පුංචි ලමයෙක්ටත් වඩා සංවේදී කෙනෙක්...තමන්ගෙ අත කැපුනත් අඬන,කතාවක කවුරු හරි මැරුනත් හෝ ගාලා අඬන ටේහ්‍යුන් කොහොමද මෙච්චර දරුනු දෙයක් දරාගන්නෙ...

ටේහ්‍යුන් එහෙම්මම පහත් වෙලා ජන්කූක්ගෙ මූන පුරාම සිපගත්තා...ආ​යෙමත් ඒ වියලුනු තොල් සිපගෙන ටේහ්‍යුන් ඇඳේ එහාපැත්තට ගිහින් හාන්සි වුනා..."ගුඩ් නයිට් මැණික,මම ආදරෙයි හැමදේකටම වඩා" ටේහ්‍යුන් තමන්ට පිටුපාලා ඉන්න ජන්කූක් දිහා බලන් හිටියා...ඔලුව අතගාන්න අත දික් කරත් එයා ආයෙත් ඒ අත තමන්ගෙ ලඟට අරන් පපුවට ගුලි කරගත්තා...

වෙනදා දෙන්නා තරහ වුනාමත් මේ වගේ දෙපැත්තට වෙලා ඉන්නවා...ඒත් විනාඩි පහක් යන්නත් කලින්ම ජන්කූක් ටේහ්‍යුන්ගෙ තුරුලෙ...ටේහ්‍යුන් බලන් හිටියා ජන්කූක් එහෙම එයි කියලා...ගොඩක් වෙලා බලන් හිටියා...ඒත් අද දවසෙ මහන්සියටම ටේහ්‍යුන්ගෙ විඩාබර ඇස් නින්ද වැලඳ ගත්තා...ඒත් ජන්කූක්නම් ටේහ්‍යුන්ගෙ තුරුලට ආවෙ නැහැ...

ජන්කූක්ගෙ වහගෙන හිටිය ඇස් අස්සෙන් කඳලු බේරිලා ගියා...ජන්කූක් හිමීට ඇස් ඇරියා...කඳුලු හිර කරන් ඉඳලා ඒ ඇස් දෙක රතු වෙලා...ජන්කූක් හැමදේම අහගෙන හිටියා...

ජන්කූක්ට ටේහ්‍යුන් ගැන දැනුනෙ කියාගන්න බැරි වෙිදනාවක්...ජන්කූක් ටේහ්‍යුන්ගෙ පැත්ත හැරිලා ඒ පියවිලා තියෙන ඇස් දිහා බලන් හිටියා...ජන්කූක්ගෙ වගේම ඒ මූනත් පරවෙලා ගිහින්...ජන්කූක්ට දරාගන්න බැරි වුනේ ටේහ්‍යුන් එයාගෙ පිට වැරැද්ද පටවගන්න එක...

ටේහ්‍යුන් වෙනදට වඩා වෙනස් වෙලා...

ටේහ්‍යුන් කෙට්ටු වෙලා හිටියා...ජන්කූක්ට ඇඬුනා එයා ඉක්මනටම අතින් කට වහගත්තෙ සද්දෙ ඇහිලා ටේහ්‍යුන් නැගිටින නිසා..."ම-මම ඔයාට ආදරෙයි මගේ හබී" ජන්කූක් වෙව්ලන හඬකින් කියලා ටේහ්‍යුන්ගෙ නලල වගේම තොල් සිපගත්තා...

"ම්ම්ම්"නින්දෙන්ම දැනුන හුරුපුරුදු පහස නිසා ටේහ්‍යුන් නින්දෙන්ම ටිකක් කෙඳිරි ගෑවා...ජන්කූක් ඉක්මනට ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා අනිත් පැත්ත හැරුනා....ජන්කූක් ගොඩක් දේවල් කල්පනා කරා...හැමදේම...තමන් කරන්න ඕන මොනවද කියන එකේ ඉදන් ජන්කූක් කල්පනා කරා...









💕

ඇත්තටම මොනවද ජන්කූක් කල්පනා කරන්න ඇත්තෙ?

ඇත්තටම මොනවද ජන්කූක් කල්පනා කරන්න ඇත්තෙ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now