𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 08

Start from the beginning
                                    

"ඔහ් හරිනෙ ඒක වෙන්න විදියක් නෑනේ මිස්ට කිම් මැරි කරලනේ ඉන්නෙ,ඒකත් තව කොල්ලෙක්,ම්ම්ම් ඒකත් වෙනමම රහක් ට්‍රයි කරලා බලන්න ඕන දවසක" ඩෙවින් එහෙම කියාගෙන මේසෙ ලඟින් ටිකක් එහාට ගියා...

ටේහ්‍යුන් ආපු කේන්තියට මේසෙ උඩ තිබුන වතුර වීදුරුව පොලොවෙ ගහලා ඇවිත් ඩෙවින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන තොල පැලෙන්නම අතමිට මොලවලා ගැහුවා...

"උඹව මම මරනවා දැනගනින්" ටේහ්‍යුන් දත් මිටිකාගෙන ඩෙවින්ගෙ මූනට එබුනා..."උඹලා මහ චීත්ත කෑලි යකෝ" ටේහ්‍යුන් එහෙම කියලා ඩෙවින්ගෙ මූනට කෙල ගැහුවා...ඩෙවින් ටේහ්‍යුන් දිහා රතු වුන ඇස් වලින් බලන් හිටියා...

"මොනවද තවත් බලන් ඉන්නෙ පලයන් මෙතනින්,ආපහු නාවට කමක් නැ" ටේහ්‍යුන් ඩෙවින්ගෙ කොලර් එක අතඇරලා හයියෙන් හුස්ම ගත්තා..."හරි,මම යන්නම්! ඒත් මතක තියාගන්න මිස්ට කිම් මම ආයෙත් එනවා ඒ එන්නෙ මෙහෙම නෙවෙයි වෙනස්ම විදියකට" ඩෙවින් තමන්ගෙ ඇඳුම හදාගෙන සන්සුන්ව කිව්වා...

ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා...ඩෙවින් එතනින් එලියට ගියා...

"අරූ බැඳලා ඉන්න එකා ගැන හොයපන්" ඩෙවින් එලියෙ හිටපු ගෝලයට එහෙම කියලා ගිහින් කාර් එකට නැගලා එතනින් ගියා...

ටේහ්‍යුන් කොච්චර ඩෙවින් එක්ක සෘජුව බයක් නැතුව කතා කරත් ඩෙවින් ඇවිත් යන තත්පරෙන් පස්සෙ ඉදන් ටේහ්‍යුන්ගෙ හිතට ලොකු අමුත්තක් දැනුනෙ ඩෙවින් ඊලඟ තත්පරේ මොනවා කරයිද කියලා නොදන්න නිසා...

" ටේහ්‍යුන් මම එන්නද?" ජිමින් ඇවිත් ටේහ්‍යුන්ගෙ room එකට එබුනා..."එන්න ජිමින්" ටේහ්‍යුන් හිටියෙ ලොකු කල්පනාවක...

"මොකක්ද අවුල බන්?" ටේහ්‍යුන් කවදාවත් තමන්ගෙ රාජකාරි වෙලාව මේ වගේ කල්පනා කර කර නාස්ති කරන්නෙ නැති නිසා ජිමින්ට දැන් මේ ටේහ්‍යුන්ගෙ හැසිරීම අමුත්තක් ගෙනාවා...

"ඩෙවින් ආවා" ජිමින් ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවා...ජිමින් දන්නවා ඩෙවින් කියන්නෙ කවුද කියලා..."මොනාද ඒකා කියන්නෙ?"ජිමින් ඇහුවා...

"ඒකා කියන්නෙ මේ නඩුව ඉල්ලා අස්කරගන්න කියලා" ටේහ්‍යුන් තොල පිරිමදින ගමන් පුටුවට හේත්තු වුනා..."ඒක උඹට කියන්නෙ මොකටද?ඒක කරන්න ඕන අර කෙල්ලනේ" ජිමින් තමන්ගෙ බෑග් එක පැත්තකින් තිබ්බා...

"උන් දන්නවා මේ වෙලාවෙ මින්හි ඉන්නෙ කිසිම දෙයක් කරගන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි කියලා ඒ වගේම මම ලෝයර් වුනත් මින්හි කෙල්ලෙක් නිසා මේ නඩුවෙ වගකීම තියෙන්නෙ මගේ අතේ ඒකයි උන් මාවම හොයාගෙන ඇවිත් මට තර්ජනය කරන්නෙ" ටේහ්‍යුන් ජිමින් දිහා බලන් හිටියා...

ජිමින්ට මේ කිසි දෙයක් හිතා ගන්න බැහැ...ජිමින් ලෝයර් කෙනෙක් වුනත් එයා කවදාවත් මිනිමැරුම් දූෂණ නඩු වගේ ඒවා කතා කරන්නෙ නැහැ...

"මම උඹට කියලා තියෙනවා ඔයාට මිනීමැරුම් කේස් දූශන කේස් වල නඩු බාරගන්න එපා කියලා" ජිමින් ටේහ්‍යුන් දිහා බැලුවා...ජිමින් දැක්කා ඒ ඇස් වල බයක සේයාවක්වත් නැ කියලා...ඩෙවින් වුනත් මීට කලින් ඒ දේ දැකපු නිසයි ඩෙවින්ට ටේහ්‍යුන් එක්ක කේන්ති...

"හහ් ඒවා අපි බාරගන්නෙ නැතුව හිටියොත් කවුද ඒවා කරන්නෙ?" ටේහ්‍යුන් හිනා වෙලා ජිමින් දිහා බැලුවා...






ඩෙවින්❗🙂😒

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now