𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 06

Comincia dall'inizio
                                    

"අයියෝ ජිමින්,මේ අපි හතර දෙනා විතරක් ඉන්නකොට ඔයා කියන්නෙ බැලූන්ස් එල්ලලා ඩෙකරේට් කරන්න ඕන කියලද ඒවා මොකටද අපිට නේද බන් යුන්ගි?" ටේහ්‍යුන් හිනා වුනා...ටේහ්‍යුන් කියපු දේ සනාත කරන්න වගේ යුන්ගි ඔලුව වැනුවා...

"ඕකේ එහෙනම් අපි වැඩ පටන් ගමු,යමු ජිමින් හ්‍යුන්" ජන්කූක් නැගිටලා ජිමින්වත් එක්ක ගේ ඇතුලට ගියේ පාටි එකට ඕන කරන දේවල් ලෑස්ති කරන්න...

දැන් වෙලාව රාත්‍රී එකොලහයි කාලයි...ඒත් තවමත් ටේකූක් ගෙදර ගාඩ්න් එකේ වගේම මුලු ගෙදර ආලෝකමත් වෙලා හිනා හඬවල් වලින් පිරිලා තිබුනා...

ටේහ්‍යුන්,ජන්කූක්,ජිමින්,යුන්ගි හතරදෙනාම හිටියෙ එයාලගෙ පාටි එක උපරිම එන්ජෝයි කරන ගමන්...යුන්ගි ටේහ්‍යුන් දෙන්නා ටිකක් විතර සැර විස්කි එකක් බීපු නිසා යන්තමට වගේ මත් වෙලා හිටියත් දෙන්නම සාමාන්‍ය විදියට හිටියා...

ජන්කූක් ජිමින් දෙන්නා වයින් තොල ගාමින් එයාලගෙ හස්බන්ඩ්ලා ඉදිරිපත් කරන සර්ප්‍රයිස් ඩාන්ස් එක දිහා බලන් හිටියා...දෙන්නම නටන්න දන්නෙ නැති වුනත් එයාලගෙ ආදරනීයන් වෙනුවෙන් කොහොමහරි ඒක කරා...

ජන්කූක් ජිමින් දෙන්නා හිනා වුනේ එයාලගෙ හස්බන්ඩ්ලා නටන විකාර නැටුම නිසා..."අම්මෝ මාර මහන්සි නටලා" යුන්ගි ඇවිත් ජිමින් ලඟින් වාඩි වුනා...ටේහ්‍යුන්නුත් හිනා වෙලා ඇවිත් ජන්කූක්ට තුරුල් වුනා...

"ඇත්තටම ටේහ්‍යුන්ගී අද ඔයා ලස්සනට නැටුවා" ජන්කූක් ටේහ්‍යුන්ගෙ නහය රිදෙන්නෙ නැති වෙන්න මිරිකුවා..."ඔහ් ඇත්තටම" ටේහ්‍යුන් බෙයා කෙනෙක් වගේ ඇස් බෝල කරන් ජන්කූක් දිහා බැලුවා...ජන්කූක් හිනා වුනා කවදාවත් දැකලා නැති ටේහ්‍යුන්ගෙ මේ හුරතලේට...

"ඔයත් නැටුවා ලස්සනයි යූන්" ජිමින් යුන්ගිගේ ලැප් එකට ගිහින් වාඩි වුනා...යුන්ගි ජිමින්ව බදාගෙන ජිමින්ගෙ පිටෙන් ඔලුව තියා ගත්තා...

"අයි ලව් යූ මිනී" යුන්ගි ජිමින්ගෙ ඔලුව පිටිපස්ස කිස් කරා...

"අයි ලව් යූ ටූ හ්‍යුන්" ජිමින් යුන්ගිගෙ පැත්ත හැරිලා හිනා වෙලා යුන්ගිගෙ පපුවට තුරුල් වුනා...

මේ දෙන්නගෙ ආදරේ දිහා ටේකූක් දෙන්නා හොරෙන් හිනා වෙමින් බලන් හිටියා...ඒත් එකපාරටම ජන්කූක් ගැස්සුනේ නොහිතූ වෙලාවක තමන්ගෙ කම්මුලකට හාදුවක් ලැබුන නිසා...

"මම ඔයාට ගොඩක් ආදරෙයි කුකී" ටේහ්‍යුන් තමන් දිහා ආදරේ පිරුන ඇස් වලින් බලන් ඉන්න ජන්කූක්ගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා...

"මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්ගී" ජන්කූක් හරිම ලස්සනට හිනා වෙලා ටේහ්‍යුන්ගෙ තොල් උඩින් පෙක් එකක් තිබ්බා...එහෙම්ම ම ටේහ්‍යුන් ජන්කූක්ගෙ තොල් අල්ල ගත්තෙ දීර්ඝ හාදුවකට මුලපුරන්න...

මේ දිහා මේ වෙනතුරුත් බලන් හිටපු යුන්ගි ජිමින් දෙන්නා හදවතින්ම සතුටු වෙමින් හිනා වෙලා අහක බලාගත්තා...යුන්ගි ජිමින් එක්ක ටිකක් එහාට ගියේ ටේහ්‍යුන් ජන්කූක් දෙන්නට නිදහස දීලා...


අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න😓

see you next chapter💕

Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Dove le storie prendono vita. Scoprilo ora