𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 01

Start from the beginning
                                    

.

.

.

"හරි මමා එහෙනම් මම තියන්නම්,ඕකේ ඔයත් පරිස්සමින් ඉන්න" ජන්කූක් දුරකතන සංවාදය නවත්තලා ලෑන්ඩ් ෆෝන් එක තියලා එහෙම්ම ඉස්සරහා බිත්තියෙ තියෙන තමන්ගෙ ප්‍රමාණයෙන් බොහොම විශාල කසාද ඡායාරූපය දිහා හැඟීමක් නැති ඇස් වලින් බලන් හිටියා...

"හරි මමා එහෙනම් මම තියන්නම්,ඕකේ ඔයත් පරිස්සමින් ඉන්න" ජන්කූක් දුරකතන සංවාදය නවත්තලා ලෑන්ඩ් ෆෝන් එක තියලා එහෙම්ම ඉස්සරහා බිත්තියෙ තියෙන තමන්ගෙ ප්‍රමාණයෙන් බොහොම විශාල කසාද ඡායාරූපය දිහා හැඟීමක් නැති ඇස් වලින් බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ජන්කූක්,විවාහක තරුනයෙක්...ටේහ්‍යුන් වගේම ජන්කූක් වුනත් දන්නෙ නැ තමන්ගෙ කසාද ජීවිතය මොන වගේ දෙයක්ද කියලා...දන්නෙ නැ නෙමෙයි එයා මේවා තේරුම් ගන්න උත්සහා කරන්නෙ නැහැ...

"හ්ම්ම්" ජන්කූක් එකදිගට තමන්ගෙ කසාද ෆොටෝ එක දිහා බලලා හුස්මක් පහත හෙලුවා..ජන්කූක්ට ඇහුනා ගාඩ්න් එකෙන් ඇවිත් වාහනයක් නතර කරනවා...එකපාරටම ජන්කූක් බිත්තියෙ එල්ලලා තියෙන පරන තාලෙ විශාල ඔරලෝසුව දිහා බැලුවා...

වෙලාව රාත්‍රී නවයයි දොලහයි...ජන්කූක්ට මතකයි එයා දුරකතන සංවාදය නැවැත්තුවෙ අටයි තිහට විතර කියලා ඒ කියන්නෙ ජන්කූක් ගොඩක් වෙලා ඉදන් තමන්ගෙ වෙඩින් ෆොටෝ එක දිහා බලන් ඉඳලා...

"ඔයා පරක්කුයි" ජන්කූක් ගෙට ඇතුලු වුන ටේහ්‍යුන්ගෙ බෑග් එකයි කෝට් එකයි අතට ගන්න ගමන් කිව්වා..."පොතක් කියෙව්වා වෙලාව යනවා දැනුනෙ නැ" ටේහ්‍යුන් තමන්ගෙ අතේ තිබුන  ගෙදර එනකොට ගේන කඩචෝරු මල්ල ජන්කූක්ට දුන්නා...

ජන්කූක් තමන්ගෙ අතේ තියෙන කඩචෝරු මල්ල දිහා බැලුවා...ටේහ්‍යුන් හැමදාම වැඩ ඇරිලා එනකොට අමතක නොකර ජන්කූක්ට මේවා ගේනවා...ඒත් ජන්කූක් බලන් හිටියෙ ටේහ්‍යුන් තමන්ට මල් බොකේ එකක් අරගෙන එනකන්...

ජන්කූක් දන්නවා ඒක කවදාවත් ටේහ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඒත් ජන්කූක් හැමදාම ඒ වෙනුවෙන් බලන් හිටියා...



Eyes don't lie || 𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊 ||✅Where stories live. Discover now