10 වන කොටස..🌼

Start from the beginning
                                    

කමක් නෑ අම්මා.....ඉන්ධර් හාමුලා...මොනවා පිරිමහන්න බලන් දුන්නත්......මං කඹුරන්ඩ යන්නම්....

මට එක තත්පරේකට අම්මා පව් කියලා හිතුනා...සුද්දියා මේක සිය වතාවකට වඩා ඉම්බයි කියන වචන ටික මගෙ පපුව නොසෑහෙන්න පෑරෙව්ව....

අම්මා මම හැමදාම මේ දුප්පත්කම ගාව පුදුම තරම් අසරනයි.......කබලෙන් ලිපට වැටුන අපි වැටිලා තියෙන්නෙ නිකන්ම නිකන් අලු ගොඩකටත් නෙවෙ...අලු යට හැංගුන ගිනි පුපුරු ගොඩකට.....

පපුව කොයිතරම් වේදනා දුන්නත් මං අවසානෙදි කන් දෙකටයි..අතටයි වඩා හිතට වඩා බර අර අරුංගල් කුට්ටම ආපිටම අම්මට දුන්නා....ශ්‍රී නදීකා ජුවලරි....රතුපාට පෙට්ටිය උඩ රත්තරන් පාටින් ලියවුන හැඩට ලියවුන අකුරු උඩට අම්මගෙ කදුලු වැටෙන්න කලින් මං ඉක්මනට ඒ ඇගිලි මං ඇතුලට නැවුවා........

පොල් වත්ත මැදින් ආපිට ඉරුගල්බන්ඩාර වලව්වේ බේබි හාමුව හොයන් දුවන්න ගියපු මං ආපිට හැරුනා.....හැරිලා ගෙදරට එන්න කලින් අම්මගෙ අත අල්ලගත්තා ......

අප්පච්චිගෙ ඇස්වලට පේන්ඩ තියනවා නෙවෙ.....පපු පැලිලා මැරෙන්ඩ වෙන්නෙ උඹලටයි මටයි.......

මං එන්න ආවා...අලුපාට වැල්ලෙ තැනින් තැන තනකොල මතුවුන  පාගගන මං ජනෙල් පියන් වෙනුවට ඉටිකොල ගහපු කුසියට ගොඩවෙලා බත් කන්න කලියෙන් පුලුවන් තරන් වතුර බොන එක පුරුද්දක් හන්දම යකඩ ජොග්ගුව පිරෙන්නම මැටිකලෙන් වතුර එකක් දාගත්තා .....

වෙන මොකටවත් නෙවෙ.....

කන බොන කොට හැමදාමත් බඩෙන් බාගෙට කැවෙන හන්දම කන්න කලියෙන් වතුර ජෝගුවක් බීලා උන්නම බත් තියෙන්නෙ පොල් කටු හැන්දක තරමින් උනත් අර බීපු වතුර බුජම හන්දා බත් වලට ඉඩක් නැතිවෙන  බව අපි දන්න හන්දා    

අපිකන හැටි ලිපා දනී.....

වතුර උගුරෙන්  උගුර පහලට යනකොට හිස්වෙලා තිබුන බඩ දශමෙන් දශමේ ලොකු වෙනව එක්කම මං අහගන වාහනයක්  ගේ ඉස්සරහින් නවත්තන සද්දෙ ඇහුනා...

මොකාද

මෙවෙලෙ....?

නන්දා   ......

බේබි හාමු....

බිබික්කම.....

ඔව්මයි ....බේබි හාමු නේන්නම්.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now