බෝනස්...!!

Comincia dall'inizio
                                    

"ඕ ගෝඩ් අවින්දි.. කාලෙකින්නේ... "

නැගිට්ටට පස්සෙනේ දැක්කේ.. ඒ හිටියේ ඩොක්ටර් නුගාර.. මගේ ජීවිතේ යාලුවෙක්ට මෙහා.. හැබැයි ඩොක්ටර් පේශන්ට් කනෙක්ශන් එකට එහා ඉන්න කෙනෙක්..

"ඒකනේ.. කවදද ඩොක්ටර් ලංකාවට ආවේ..."

"ඕහ් ඊයේ ආවේ.. සෝ ටයර්ඩ් ඒත් කමක් නෑ කියලා පොඩ්ඩක් ශොපින් ආවා... ඔයා මොකද මෙහේ.."

"මාත් මේ පොඩි බඩු වගයක් ගන්න ආවා... "

"ආහ්... දැන් අපි දිගටම මේ දොර ගාව හිටගෙන කතා කරන්නද යන්නේ..."

"අයියෝ අමතකත් වුණා.. යන් යන් මෙතන එහා පැත්තේ තියෙනවා හොඳ අයිස් ක්‍රීම් පාලර් එකක්.. අයිස්ක්‍රීම් කන ගමන් කතා කරමු.. මින්‍ට් චොකෝද තාම ෆේවරිට්..."

"යේහ්... ඇන්ඩ් යුවර්ස් ඉස් බටර් ස්කොච්... "

"හරි හරි යන් යන්..."

ඩොක්ටර් නුගාර කියන්නේ psychiatrist කෙනෙක්... මන් කරපු සයිකොලොජි ඩිප්ලෝමා එක හින්දා තමා ඩොක්ටර්ව මට මීට් වුණේ.. එයා ඇත්තටම හරි වෙනස් මනුස්සයෙක්... ඕනම කෙනෙක්ව විනාඩි කීපයක් ආශ්‍රය කරලා එයාට තේරුම් ගන්න පුළුවන්.. පුදුමාකාර හැකියාවක් ඒක.. එයත් එක්ක කතා කරනකොට දැනෙන්නේ නිකන්.. අපේම ප්‍රතිරූපයක් ඉස්සරහා හිටගෙන කතා කරනවා වගේ..  හිත නොරිදෙන්න අපි කියන දේවල්වලට ගාණට මිම්මට අනික් පැත්තට දේවල් කියන ගමන් හරීම සූක්ශ්මව එයා කියන හැමදේම අහගෙන ඉන්නවා.. කාලයක් මාත් ඩොක්ටර් නුගාරට මගේ හිතේ තියෙන දේවල් කිව්වා.. මේඝ ගැන, අම්මා ගැන, හවුස් එකේ ජීවිතේ ගැන, මගේ ජීවිතේ ගැන ගොඩක් දේවල් මන් ඩොක්ටර් නුගාර එක්ක බෙදාගෙන තියෙනවා.. කොටින්ම යස්විට කියලවත් නැති සමහර දේවල් ඩොක්ටර් නුගාර දන්නවා.. එයාගේ ප්‍රොෆෙශන් එක ඒක හින්දා මට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා මගෙ හිත හැමදාම කියනවා.. ඒවගේමයි එයත් හැමදාම මගේ විශ්වාසේ රකිනවා...

"ඉතින් දැන් මොකෝ වෙන්නේ.. කළුකුමාරයගේ ප්‍රෝග්‍රෙස් එකක් තියෙද..."

"ආපෝ.. කතා කරලා වැඩක් නෑ ඩොක්ටර්... මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා මට තාම හිතාගන්න බෑ.. මේ ඉන්නවා හොඳට මේ රවන්න ගන්නවා.. අනේ මන්දා..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Dove le storie prendono vita. Scoprilo ora