විසි නවවන පරිච්ඡේදය

Start from the beginning
                                    

🐰 අහ්... ඒ කියන්නේ

🦁 පපා මුල ඉදලම කියන්න...අතරින් පතරින් කිව්වොත් මෙයා ගාල කඩාගෙන ආයේ දුවයී..

යීබෝ ඔරවලා ගස්සලා කියලා ශියාඕ ලෙඩ අස්සෙම මා හයියෙන් හිනා වෙන්න ගත්තේ ශාන්වත් පුදුම කරමින්...

" මේකා තනිකරම එයාගේ මමාගේ ෆොටෝ කොපියක්.. වැඩත් එහෙම්මමයී.. නපුරුයි හොදටම.."

ශියාඕ පුටුවෙන් වාඩි වෙන ගමන් කියද්දි යීබෝ අයිස් කැට අරන් ඇවිත් ශාන්ගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන ගමන් හිමින් හිමින් ඒ කම්මුල තවන්න ගත්තා...

" මන් කියන්නම් දැන් සම්පුර්ණ කතාවම...."

🦁🐰 හා පපා....

ශියාඕ ලොකු හුස්මක් අරන් පිට කරලා එයා ගාව තිබුන ෆොටො එක අතට ගත්තා.. ශියාඕ දැන් අවුරුදු 30ක ඉදන් ඒ ෆොටො එක තියන් ඉන්නේ....

" ම්ම්ම්... මීට අවුරුදු 30කට කලින්.. ඔව් හරියටම අවුරුදු 30කට කලින් මට හම්බුනා ගෑනූ ලමයෙක්ව.. එයා ගැන කියන්න දෙයක් නෑ...ශාන්ට දිග කොන්ඩයක් දැම්මනම් එයා වගේම ඉදීවී.. එච්චර හැඩයි.. ඒ වගේම කොච්චි කරලක්.. පොඩ්ඩ මිස් වෙන්න බෑ.. තද වෙනවා.. හැබැයි ඒ හැම දෙයක්ම ගෙදරින් පිටට විතරයී.. එයා ගෙදරට හරිම හොද...ඒ වගේම නිතරම දුකින් ඉන්න කෙනෙක්..."

" එයාගේ නම රොබසි... "

🦁 ඈහ්.. රොබටි...

යීබෝ හක්කටත් අත ගහන් අහද්දි ශානුත් ඔලුව වැනුවේ නිකන් එයාටත් ඒ වගේම ඇහුනා කියන්න අගවන්න වගේ...

" නෑ...එයා රොබසි...  ශාන් පුතුගේ මමා.. තමයි එයා...එයාව දැක්ක දවසෙ ඉදන් මන් පිස්සෙක් වගේ එයාගෙ පස්සෙන් ගියේ.. මන් කොහොමත් සල්ලී කාරයා.. එයාලත් එහෙම ලොකු අඩු පාඩුවක් නම් තිබ්බේ නෑ පුතේ.. මන්  මෙඩිකල් කොලේජ් යද්දි එයා ගියේ ලෝ කොලේජ්.. එයාට හරියනම තැන ඒක තමයි..හරි නීතී කාරී... ඉතින් ඉගන ගන්න අස්සෙ හෙන කට්ටක් කාලා මන් එයාව සෙට් කරගත්තා..."

🦁 ඉතින්...

" ඉතින් , මගේ යස්ස කෑල්ල...ඉස්සර මන් එහෙමයි එයාට කතා කරන්නේ...  නීතී කාරී..  මන් එයා එක්ක හරිම ආදරෙන් උන්නේ පුතේ... එයයි මායී පුළුවන් හැමදාම හම්බුනා .. අපි නිදහසේ ආදරේ කරා... හැබැයි එක දෙයක්...එයා ගෙදර සතුටින් හිටියේ නෑ... ඒකට හේතුවක් තිබ්බා.."

༒  සොයා එන්නම්  ༒                           ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓Where stories live. Discover now