" අනේහ් ඇති ඇති!! ඔබන්න ඕන්නම් හුරතල් කර කර ඉන්නෙ කවුද බෑ කිව්වොත් බලෙන් හරි ඔබනව මිසක්... දැන් ටිකකට කලින් එබුවෙත් උබෙන් අහලද? නෑනෙ නෑනෙ? හොටු පෙරන්න එපා බං පාරෙ අරන් යන්නෙ කෝමද මලපෙරේතයා වාගෙ.."

     ආශාද් වෙනත් කමිසයක් දමාගෙන බෑගයත් කරට දමාගෙන නිම්නාද්ට ගස්සාගෙන කදුලු පිසිමින් කාමරයෙන් එලියට ඉගිල්ලුනු පසු නිම්නාද් තනිව සිනාසුනේය. මොහොතකට පෙර තිබූ කේන්තියද ආගිය අතක් නැත. ආශාද්ව අවුස්සාගැනීම තරම් විනෝදයක් වෙන කිසිවකින් ලබාගත නොහැකි යැයි නිම්නාද් විශ්වාස කලේය.

     " මෙයා මේ කොහෙ යන්නද එක්ටැම්ගෙයින් බැහැලා... " නෙහස්ගේ හඩ දොරකඩින් පැමිනෙද්දී නිම්නාද් තරප්පු පෙල පාමුලට පැමිණියේ පසුම්බියෙහි බැංකු කාඩ්පත ඇත්දැයි සැක හැර දැනගනිමිනි.

    " අර මිනිහා කියන්නෑ අයියෙ.. යම කිව්වම යනවා ඉතින් බැදගත්ත බෙරේනෙ "

    " අඩන්න එපා බං... නිම්න අයියට කේන්ති යනව කියල දන්නවනෙ උබ... "

    " අනෙ එයාගෙ කේන්තිය... කේන්ති යන පලියට මට කෑගහන්න ඕනැද? "

   " උබෙ හැටිත් අපි දන්නවනෙ... ඩිංග ඇත්තම් පුප්පගෙන.. නිම්න අයියට නිකම්ම කේන්ති යන්නෑනෙ..- "

  
" අනේ මේ නිම්න අයියගෙ ලොකු ඇති... "

   "ලොකුද නැද්ද කියල උබනෙ දන්නෙ ඉතිං... අපිටත් ඇස් කෙසේවෙතත් කන් තියෙනවනෙ මල්ලා..  "

       " පල... ඔය වලත්තකම් එක්ක කෝම ඉස්කෝලෙක උගන්නනවද මංදා... පව් චූටි එවුන් ටික. " ආශාද් තරමක් තරහින් මෙන් පැවසුවේ මුහුණ ලැජ්ජාවෙන් රතුව යන අයුරු සගවාගනිමින් ය.

   " අපිද වලත්ත.. මොනා උනත් සද්දෙ හැටියටනම් ගොඩක් ලොකු ඇති.. "

    " අනේ මේ ඉස්කෝලෙ යන්න ලෑස්ති උනානම් ඉස්කෝලෙ යනවද මෙතන මගෙ මිනිහගෙ දිග පළල හොයන්නැතුව... "

    " අපිටනම් දිග පළලින් වැඩක් නෑ ඉතින්... හරි හරි කදුලු පිහදාගන්නවා දැන්... විහිලුවක් කරාමවත් හිනාවෙනවකො උදේ පාන්දර මුස්පේන්තුකමට එල්ලන් ඉන්නැතුව.. "

ආශාද් ( Completed  )Donde viven las historias. Descúbrelo ahora