Episode 23

346 70 16
                                    

❤උපන් බිමට..❤

කාලය මාස දෙකක් ගෙවිලා ගියා..චුටි මැණිකට දැන් මාස දෙක හරි..චුටි දෝණිට නම දැම්මේ ජාන් යීබෝ දෙන්නා එකතු වෙලා..දෙන්නාගේ නම් වල එකතුවක් තමයි ඒ නමත්..

වැන්ග් යීශී

අද තමයි පොඩ්ඩිගේ දෙවෙනි බෙහෙත් එක විදින දවස..චුටි කෙල්ල දැන් වැඩිපුරම එකතු යීබෝට..කෙල්ලට නිදාගන්න ඕනා තාත්තාගේ අත් දෙක උඩ..සමහර දවස් වලට කෙල්ල රෑ තිස්සේ ඇහැරන් ඉද්දී යීබෝට තමයි ඇහැරන් නලවන්න වෙන්නේ..ජාන් නිදාගන්නවා..🤭

උදේ ඉදන් ජාන් එහාට දුවනවා මෙහාට දුවනවා..කෙල්ලගේ බෑග් එක යැන්ලිගෙන් අහලා හදනවා..අද කෙල්ලෝ දෙන්නට ඩොකා වැඩේ දෙන්න යන්නේ..වැඩියෙන්ම බය වෙලා ඉන්නේ යීබෝ..බේත් විදිනවා කියද්දී යීබෝ ගැහෙනවා..

බනී...

එනවා හබී

බනී..

එනෝ.. ආ..ඇයි..

දුවට රිදෙයිද අනේ..

සුට්ටක් රිදෙයි ඉතින්..ඔයා එන්න එපා ඇතුලට නැත්නම් මට බබ්බු දෙන්නෙක් බලාගන්න වෙනවා..

හ්ම්..හ්ම්..

ජාන් යීබෝ යැන්ලි පැටව් දෙන්නා එක්කම හොස්පිටල් යන්න පිටත් උනා..ශුවාන් මේ මාස දෙකම බිස්නස් එක්ක ඔට්ටු වෙනවා..යීබෝ යන ගමන් කල්පනා කරේ මේ මුලු කාලයටම යීබෝගේ ගෙදර අයවත් ජාන්ගේ ගෙදර අයවත් කිසිම වෙලාවක කෝල් එකක් දීලා හොයලා බැලුවේ නෑ....පුදුමයි නේද..යුබින් නම් තිතරම කෝල් කරනවා..කොල්ලා හිත හිත හොස්පිටල් එකටම ආවා..යීබෝ කරේ බබාලා දෙන්නාගේම බෑග් අරන් ගියපු එක..

මල්ලී මන් මුලින් ගිහින් එන්නම්..

හා අක්කේ..

බනී..

ඈ..

මට බයයි..

මගුලක් කියනවා..මාත් ගැහෙනවා..

අනී..බනී අපි දෙන්නාම කලන්තේ දායීද..

සැක් වස ලැජ්ජාව..බුද්දාම්මෝ එහෙමනම් වෙන්නෙපා..

ඔව්..සැක් විතරක්..

༺ ආයෙමත් ආදරෙන් ༻                        ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now