අලුත් දවසකට හිරු පායා අවසන් වී දැනට හෝරා කිහිපයකි... සීන් හා යීබෝ සීතලටම ගුලි වී සිටින්නේ අද මේ වණ පෙතට සමු දෙනවා යැයි සිතන්නෙවත් නැතුවයි...
යීබෝ සුව නින්දේ සිටියදි සීන් පමණක් දෑස් හැර ඒ වැසී ඇති දෑස් දෙසම බලා සිටින්නට විය...
🐰 ගුම්මෝනින් මගෙ සුදූ අයියේ... ඔයා නැගිටින්නේ නෑද.. මට යන්න බෑනේ.. සූ බරයි අප්පා... ඔයා කකුල දාන් ඉන්නේ මගේ බණ්ඩිය උඩින්නේ.. දැන් නම් යන්න වගේ අනී...
සීන් හෙමින් සීරූවේ යීබෝගේ කකුල මෑත් කරන්නට කාර්‍යබහුල විය...
🐰 අම්මූ... බරයි යකූ... මේ මෝඩයා මාර හයියයිනේ...
උත්සහය අසාර්ථක විය.. යීබෝ අතිනුත් ඇද සීන්ව තුරුල් කොට ඒ පපුවට කන තබාගත්තේය...
🦁 මොකද චූටී දගලන්නේ...
🐰 නැගිටින්නෝනේ අනේ...
🦁 බෑ...
ඒ පපුව මත කන තබාගෙන සීන්ගේ බැනියම අස්සෙන් අත දමා පිට අතගාන ගමන් යීබෝ ආයෙත් දෑස් වසා ගත්තේය.. ඉතින් ඒ පහසට සීන්ටත් ලෝභ සිතුනි... සීන් නොදන්නවා වූවාට යීබෝ පාන්දර අවදි වී සීන් දෙසම බලා සෑහෙන්න වෙලාවක් සිටියදීයි නැවත ඔහු නින්දට වැටුනේ...
යීබෝගේ පහසට සීන් ආසා විය.. එහෙත් මොන පහසටත් වඩා ශරීර අවශ්‍යතාවය වැඩි විය... යීබෝගේ අත හා පාදය ආයාසයෙන් ඉවත් කර සීන් නැගිසිටින්නට යද්දි
🦁 කොහෙද යන්නෙ අනේ...
🐰 අයියෝ චූ බරයි අප්පාහ්....
🦁 හී කියන්නෙපැයි ඉතින්
🐰 කියන්නේ කොහොමද අලියා වගේ ඇගේ නැගන් ඉද්දි.....
🦁 දවසක ඇගෙ නගින්න බැරි උනොත් ඔයාට මතක් වෙයි දැන් කිව්ව කතාව හූම්...
🐰 ඒම වෙන්නෑනේ හූ හූ...
🦁 ඉක්මනින් දාලා එනවද මාත් එන්න ඕනද...
🐰 අනී මේ.. මන් දාලා එන්නම්.. ඔයා දෝ බබා කියන්න....
යීබෝටත් ඇද කර සීන් දිව ගොස් තම රාජකාරිය සිදුකොට ඇලේ බැස්සේය... උදේ දවල් බේදයක් නැත.. සීන්ට ඇලේ බැස සිටින්නට තිබෙනවානම් තවත් දෙයක් අවශ්‍ය නැත...