12)අතුරුදහන්

91 30 14
                                    

හ්‍යොන්ජින්ට එයා මේ ගන්නේ කීවෙනි කෝල් එකද කියලවත් මතක තිබුනේ නෑ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

හ්‍යොන්ජින්ට එයා මේ ගන්නේ කීවෙනි කෝල් එකද කියලවත් මතක තිබුනේ නෑ.

එයාලා කන්දට ගිහින් ආවට පස්සේ ෆීලික්ස් කලින් වගේම දවස් දෙකක් විතර දකින්නවත් හිටපු නැති නිසා හ්‍යොන්ජින් එයා දුන්න නම්බර් එකට කෝල් කළත් ඒ එක කෝල් එකක්වත් ෆීලික්ස්ට ගියේ නෑ.

එයා ආයෙමත් ටික දවසකින් එයි කියලා හිත හදාගෙන හ්‍යොන්ජින් එයාගේ චිත්‍ර වලට අවධානේ දෙන්න ගත්තත් විනාඩි පහකට සැරයක්වත් ෆෝන් එක දිහා බලන එක හ්‍යොන්ජින්ට නතර කරගන්න බැරි වුනා.

ඒ වගේම තමන් ෆීලික්ස් ගැන ගොඩක් දේවල් දන්නේ නෑ කියලා හ්‍යොන්ජින්ට ටිකෙන් ටික තේරෙන්න ගත්දි,
ඒ හැඟීම වැරදෙන පින්සල් පාරකටත් වඩා හ්‍යොන්ජින්ව රිද්දන්න ගත්තා.

__________

ෆීලික්ස් නැතුව ගතවුන හතර වෙනි දවසේ හ්‍යොන්ජින් ඇකඩමි එකේ යෝගා පන්තිය ළඟට ගිහින් බලන්න තීරණේ කළා.

වීදුරුව එහා පැත්තට වෙලා ඒ ක්ලාස් එකේ මැට් වල ඉඳන් ඉන්න කට්ටිය එකින් එක්කෙනා දිහා හ්‍යොන්ජින් පරීක්ශාකාරීව බැලුවත්,
ෆීලික්ස්ගෙ බ්ලොන්ඩ් කොණ්ඩෙවත් ඒ නිල් ඇස් වත් හ්‍යොන්ජින්ට දකින්න ලැබුනේ නෑ.

"ඔයා මගෙ ක්ලාස් එකේ කාවහරි හොයනවා වගේ?"
පිටිපස්සෙන් ආව කටහඬ නිසා හ්‍යොන්ජින් ඒ පැත්තට හැරුනා.

වතුර බෝතලයක් අතේ තියන් හිටපු තරමක මැදි වයසක හිටපු ගෑනු කෙනෙක් හ්‍යොන්ජින් දිහා බලන් හිටියේ සන්සුන් බැල්මකින්.

යෝගා පන්තියේ ගුරුවරයට ඔලුව නමලා ආචාර කරපු හ්‍යොන්ජින් එයාගේ ප්‍රශ්නේ ඇහුවා.
"මන් මගේ යාලුවෙක්ව හෙවුවේ..එයා මෙහෙට එනවා කියලා මට කියලා තිබුනා."

"මට මගෙන් ඉගෙන ගන්න අය හොඳට මතක තියෙනවා.ඒ නිසා නම කිවුවොත් මට උදවුවක් කරන්න පුළුවන් වෙයි."

"ෆීලික්ස්.."

"ආහ්! ෆීලික්ස්වද මේ හොයන්නේ?"

යෝගා ගුරුතුමියගේ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා.

"එයා නම් දරුවෝ අද ආවේ නෑ.ඒත් ඉතින් ඔයා ෆීලික්ස්ගේ යාලුවෙක්නම් දන්නවා ඇතිනේ , එයා ටික දවසක් අතුරුදහන් වෙලා ඉඳලා ආයෙමත් එනවා කියලා."
හ්‍යොන්ජින්ගේ උරහිසට තට්ටු කරපු යෝගා ගුරුතුමිය ආයෙමත් එයාගෙ පන්තියට ඇතුළට ගියේ හ්‍යොන්ජින්ගේ හිතේ තව ප්‍රශ්න ගොඩක් ගොඩ ගහලා.

"අතුරුදහන් වෙලා.."
හ්‍යොන්ජින් මිමිණුවා.

ඇකඩමි එකෙන් එළියට යන අතරේ හ්‍යොන්ජින් ලොකු කල්පනාවක ගිලුනා.
ඒ වෙලාවේ ෆීලික්ස්ගේ නිල් ඇස් වල කලාතුරකින් ඇඳෙන අඳුරු බැල්ම හ්‍යොන්ජින්ට මතක් වුනා.

ඒ නිසාම හිතට ටික ටික දැනෙන්න ගත්ත බය හ්‍යොන්ජින්ගේ පියවරවල් ඉක්මණ් කළා.

තමන්ගේ පාට සුපුරුදු විදිහටම වෙනස් කරන අහස දිහාවත් නොබලා ඇවිදන් ගියපු හ්‍යොන්ජින් කාලෙකට පස්සේ එයාගේ කාර් එක ගරාජ් එකෙන් එළියට අරගත්තා.

"ඔයා පාලම ළඟත් නෑ, යෝගා පන්තියෙත් නෑ , මගෙ කෝල් එකක්වත් ඔයාට යන්නෙත් නෑ..."

තමන්ගේ ෆෝන් එක එහා පැත්තෙ ශීට් එකට අතෑරපු හ්‍යොන්ජින් කාර් එක පාරට ගන්න අතරේ තමන්ටම මිමිණුවා.

"කරුණාකරලා එතනවත් ඉන්න ෆීලික්ස්."
හ්‍යොන්ජින් ප්‍රාර්තනා කළා.

_________________


Thantophobia | HyunLix |✔Dove le storie prendono vita. Scoprilo ora