🌹16 කොටස🌹

Start from the beginning
                                    

ඊට පස්සෙ දෙන්නත් එක්ක riding ගියා. දෙන්නා හිනා වෙවී, හරි සතුටෙන් එක ලඟ එක ගියත්, බනීගෙ වේගෙ වැඩිවෙලා බනීට control කරගන්න බැරුව, ඈතට ඇඳිලා ගියා. ඒ එක්කම බෝ කරේ ඊටත් වේගෙන් ගිහින් බනීව ඉස්සර කරලා තමන්ගෙ ඇඟේ හැප්පෙන විදියට ඉස්සරහට ගිහින් හරස්කරගත්තා. බනී කෑගහගෙන ඇවිල්ලා වැදිච්ච ගමන් දෙන්නම එකටම බිම. ඊට පස්සෙ දෙන්නත් එක්ක බිම ඉඳන් හිම වලින් ගහගන්න ගමන්, හිනා වෙවී එක එක විකාර කරලා. පස්සෙ දෙන්නත් එක්ක නැගිටලා ආයි ආපස්සට ආවෙ නිකන් ඇවිදගෙන, මඟක් දුර එද්දි, බනී බෝ දිහා බලලා කිව්වෙ,

🐰: අම්මෝ.... හරි සීතලයි,
🦁: මට පුලුවන් ඒ සීතල නැති කරන්න,
එහෙම කියනවත් එක්කම බනීව තමන් ලඟට ඇඳලා අරගෙන, බනීගෙ දෙතොල් වලට බර වුනේ, සීතලත් එක්ක හිතට දැනෙන හැඟුම් විඳගන්න, සිපගැනීමේ උණුසුම විඳිමින් විනාඩි කිහිපයක් ඔවුන්ගේ ලෝකයේ අතරමං වුනා.

🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

ගොඩක් රෑ වෙන නිසා දෙන්නත් එක්ක ගෙදර එන්න පිටත් වුනා. බනී ආවෙ බෝව පිටිපස්සෙන් බදාගෙන තුරුල්වෙලා, සීත සුළං විඳිමින්, බෝ බනීගෙ එක අතක් එයාගෙ පපුවට තියලා අල්ලගෙන තමයි ගෙදරට එනකම්ම ආවෙ.

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඔය විදියට දවස් සති ගෙවිලා ගියේ දෙන්නගෙ ලස්සන ආදර කතාවට තවත් ආදරය එක් කරමින්, ඔය පහු වුන දවස් වලම තමයි ශූයි, චෙනුයි දෙන්නා මෙහෙ හැමදේම අතෑරලා අලුත් ජීවිතයක් ගත කරන්න කැනඩා ගියේ, මේ වෙද්දි ඒ දෙන්නත් marry කරලා හරි සතුටින් ජීවත් වුනා.😍 marriage එකට සතියකට විතර ඉස්සෙල්ලා බෝ, බනී දෙන්නා ඉතාලිය බලා පිටත් වුනා.

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

අද තමයි මේ දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස, තනි සුදු පැහැයෙන් කඩවසම් මනමාලයන් දෙදෙනෙකු ලෙස සැරසුනු දෙන්නගෙම හිත් වල තිබුනෙ කියාගන්න බැරි සතුටක්, blazar එකේ වම් පැත්තට ගහලා තිබුනෙ රතු රෝස මලක්, (cover එකට දාලා ඇති ඒ වගේ photo එකක් හැබැයි රෝස මලක් නෑ හොඳේ.....🙈) මුලු Church එකම decorate කරලා තිබුණෙ රතු පාට කැමේලියා මල් වලින්, (photo එකක් ඇති පහල) එයින් හමන මිහිරි සුවඳත් එක්ක හිතට දැනුනෙ මේ ආදරයට එය ආශිර්වාද කරන්නාක් මෙන්, පැමිණ සිටි අමුත්තන් මැදින්, දෙදෙනාත් සමඟම අත් පටලා පැමිණියේ සුන්දර සිනාවකින් මුව සරසාගෙන, පපා,ග්‍රැනී, බනීගෙ අම්මා ,තාත්තා, හුවයි,ශූ සහ චෙන් මේ කට්ටිය මේ දිහා බලාගෙන හිටියෙ ඉතා සතුටින්, පසුව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මැද මුදු මාරු කර ගනිමින්, දෙදෙනා සදහටම එක් අයෙක් විය. මුදු මාරු කිරීමෙන් පසු බනී ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියත් බෝ බනීගෙ දෙතොල් වලට කෙටි හාදුවක් තැවරී. යුවල පිටත්ව යන අවස්ථාවේ දෙපස සිටි සියලු දෙනාම එක්ව රතු රෝස පෙති ඉසිමින් යුවලට සුබ අනාගතයකට ආශිර්වාද එක් කරන්නට විය. විවාහයෙන් ටික කලකට පසු දෙදෙනාගේම කැමැත්ත පරිදි කුලියට ගත් ගර්භාෂයක් ආධාරයෙන්, නිවුන් දරුවන් දෙදෙනෙක් බිහි කර ගැනීමේ ආසාවෙන් බෝගේ කැමැත්ත පරිදි දියණියකුත්, බනිගෙ කැමැත්ත පරිදි පුතෙකුත් දෙදෙනාම පියා ලෙස ඉදිරිපත් වෙමින්, පුංචි පුත් කුමරෙකුගේ සහ පුංචි දූ කුමරියකගේ සුරතල් විඳීමට වාසනාවන්ත විය. මේ රන් කිරි සිනහා බෝ, බනීගෙ පුංචි කැදැල්ල සම්පූර්ණ කරමින්, වාසනාව උදාකර දීමට සමත් විය. එලෙස ඔවුන්ගේ සැබෑ ආදරය සාර්ථකව ජය ගනිමින් දරු දෙදෙනෙකුගේ පියවරුන් ලෙසින් සාර්ථක දිවියක් ගත කරේ ඉතා සතුටිනි. ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ සිතෙහි රෑදී තිබුනේ සිත ඔබටමයි යනුවෙනි. 💐

🍁 සුන්දරයි ඉතින් ආදරේ...🍁

🌼 නැවතත් වරක් "Yizhan"💚❤ සදාතනික බව පසක් කරමින්, "සිත ඔබටමයි" මෙසේ නිමා විය 🌼

නිමි🔰

මගේ කතාව ආසාවෙන් කියවලා, මාව දිරිමත් කරලා මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි ඔයාලා නිසා තමයි මං මේ කතාව ගොඩක් ආසාවෙන් ලිව්වෙ, මට මේ කතාව ලියන්න ශක්තියක් වුනේ ඔයාලා. ඒ හැමෝටම මං ගොඩක් ආදරෙයි 💞 තවත් කතාවක් එක්ක ආයි එන්නම්..... 👋
එතකන් පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි 🙏

2021.09.26
✍Erandi

26                                                     ✍Erandi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wedding dress

Camellia followers

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Camellia followers

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now