🌹11 කොටස🌹

Start from the beginning
                                    

👵: Wow..... අනේ මගෙ කොල්ලා අදනම් කුමාරයෙක් වගේ...
🧔: Wow, Handsome පුතා,
🦁: Thanks පපා, thanks ග්‍රැනී,
මිශී කරේ බෝව ගලින්න වගේ බලන් හිටපු එක විතරයි. ඊට පස්සෙ කට්ටියත් එක්ක breakfast ගන්න අතරෙ පපා හඬ අවදි කරා,
🧔: පුතා කියන්න දෙයක් තියෙනවා, මිශිත් අද ඉඳන් office එයි, එයාවත් වැඩ වලට සම්බන්ධ කරගන්න,
🦁: මගේ වැඩවලට එයා ඕන්නැ පපා, එයාට කැමතිනන් ඇවිල්ලා office එකේ වෙන වැඩක් බලාගන්න කියන්න,
බෝ එහෙම කිව්වෙ පපා දෙයක් කිව්වම බෑ කියන්න බැරි නිසා. ඊට පස්සෙ බෝ කෑම කාලා ඉවරවෙලා පපාටයි,ග්‍රැනීටයි කියලා office එන්න පිටත් වුනා. බනිත් wash දාගෙන ඇවිල්ලා black trouser එකට yellow colour shirt එකක් ඇඳලා,black tie එකක් දාලා, black shoes දෙකකුත් දාගෙන ලස්සනට ඇඳගෙන, කෑමත් කාලා ඉද්දි වාහනේ ආවම වාහනේ නැගලා office ගියා.

දෙන්නම same colours චිකි චිකි 💛😍🙈

බෝ car එකට නැඟලා start කරනවත් එක්කම එහා පැත්තෙ දොර ඇරුනා,

👠: Hi... Handsome ✋ මාත් එනවා ,අද ඔයත් එක්ක,
🦁: අනේ මේ මිශි ඔයාට ඕන විදියකට එන්න, දැන් ඔතනින් අයින් වෙනවා, මට late වෙනවා,
👠: අනේ.... බෝදි ඇයි ඔයාට මාව එක්කන් යන්න බැරි,
🦁: බෑ... මං කැමති නෑ ඔය දොර වහනවද නැද්ද 😤
බෝට යකා නැගලා කියලා දැනගත්ත මිශී දොර වැහුවා. ඒ එක්කම බෝ තරහින් එතනින් පිටත් වුනා.

Office එකේ බෝගෙ cabin එකට එහා පැත්තෙ cabin එක තමයි ජාන්ට තිබුනෙ, cabin දෙක වෙන් වෙලා තිබුනෙ තිබුනෙ වීදුරුවකින්, තව ඇතුලෙන් දෙපැත්තට එන්න යන්න පුලුවන් වෙන්න, දොරකුත් තියෙනවා. ජාන් ඉතින් බෝට කලින් ආවනෙ, ජාන් ඇතුලට එද්දි හැමෝම ජාන් දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගේ, ජාන් ඉතින් අද ගොඩක් Handsome නෙ, කට්ටියටත් පුදුමයි පලවෙනි දවසෙම ජාන් මෙහෙම එනවා දකිද්දි, හැමෝම කතා වුනේ Chairmen Sirටම ගැලපෙන secretary කියලා. Cabin එකේ දොර ඇරගෙන යනකොට ඇතුලෙන් ආපු මිහිරි සුවඳ ජාන්ගෙ දවස තවත් ප්‍රබෝධමත් කරා. Table එක ගාවට ගිහිපු ජාන් වටේම ඇස් ගෙනිච්චෙ හරි ආසාවෙන්, ලස්සනට හිනාවෙන ගමන්, ජාන් වාඩිවෙලා බලාගෙන හිටියෙ බෝ එනකන්, ඊට ටික වෙලාවකට පස්සෙ බෝත් ආවා. Staff එකට කර වැඩත් අමතක වුනා බෝව දැකලා. දෙන්නම එකම පාට ඇඳලා නිසා බලාගෙන හිටියෙ පුදුමෙන්, බෝ එයාගෙ cabin එකට ආවෙ ජාන්ගෙ cabin එක දිහා බලාගෙනමයි. ඇතුලෙ දොරෙන් බෝ ජාන්ගෙ cabin එකට ගියා. බෝත් කහපාට නිසා ජාන්ටත් පුදුමයි.

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now