සියපත් මණ්ඩපය

Start from the beginning
                                    

තවමත් පිවිසුම් ද්වාරය සිටගෙන සිටීමට සිදු වූ බැවින් අමනාපයට පත් ලන් චිරන්තුමා මදක් හඬින් උගුර පෑදු අතර ලන් වන්ග්ජි ද තම ඉදිරියේ වූ දසුන දෙස මුහුණේ කිසිදු මස්පිඬ කුදු නොසොලවා බලා සිටියේ ය. චිරන්තුමාගේ උගුර පෑදුම් හඬ ඇසුණු පසු ජියැන්ග් චෙන්ග් වූෂියෑන් ව පසෙකට තල්ලු කොට දැමුවේ ය. පසෙකට විසී වී ගිය වූෂියෑන්ව වන්ග්ජි විසින් අල්ලා ගන්නා ලද අතර ඔහු ජියැන්ග් චෙන්ග් දෙස මාරාන්තික බැල්මක් හෙළුවේ ය. එය දුටු වූෂියෑන් “ලන් චන්!” යි පවසමින් ඔහුව සියුම්ව ස්පර්ශ කළ විට වන්ග්ජිගේ බැල්ම මදක් සන්සුන් වූ නමුදු ජියැන්ග් චෙන්ග් මතම රැඳී තිබුණි.

ජියැන්ග් චෙන්ග් විසින් ඔවුන්ව සියපත් මණ්ඩපය තුළට කැඳවා ගෙන ගිය අතර එහි පිවිසි පසු ලන් චන් වෙතින් දුරස් වූ වූෂියෑන් එහා මෙහා ඇවිදින්නට වූයේ කුඩා දරුවෙකු ප්‍රථම වරට විශාල සාප්පුවකට පැමිණි විට ඔහුට එහි පවතින දේ සහ එහි විශාලත්වය පිළිබඳව විමතියෙන් හැසිරෙන් අන්දමට ය. අද දින උත්සවය වෙනුවෙන් සිදුකළ සැරසීම් හැරුණු කොට ඔහුට සියපත් මණ්ඩපය තුළ කිසිදු වෙනසක් සොයාගත නොහැකි විය.

අසිපත් ශාලාව දෙස සිට අමුත්තන් දෙසට ඇවිද පැමිණි හිටපු නිකාය ප්‍රධානී ජියැන්ග් ෆෙන්ග්මියන් “චිරන්”යි හඬ නැගූ අතර හඬ ආ දෙසට හැරුණු ලන් චිරන් ප්‍රධානීතුමා මද සිනහවක් පළ කළ අතර ෆෙන්ග්මියන් විත් ඔහුගේ මිතුරාව වැළඳ ගත්තේ ය. ඔවුන් කලෙක සිටි දැන හැඳින ගෙන සිටි අයවලුන් වූ අතර නිකාය කටයුතුවලදී මෙන්ම පෞද්ගලිකව ද ඔවුන් එකිනෙකා පිළිබඳ සොයා බැලූ හිතමිතුරෝ වූහ. නමුත් ඔවුන් කලෙකින් එකිනෙකාව මුණගැසී නොතිබුණු අතර 'ඒ ඔවුන්ට අනුවය.' ඔවුන් සතියකට පමණ පෙර එකිනෙකා මුණගැසී තිබුණේ චින්ශ’වලදී ය. එහි ගොස් නිඒ ප්‍රධානී සමග සාදයක් පැවැත්වූ බව දැන සිටියේ තමන් පමණක් බව ඔවුන් සිතා සිටි අතර ඔවුන්ගේ රහස් ප්‍රීතිය උදුරා ගැනීමට රුචි නොවූ සමීපතම පිරිස් ඒ පිළිබඳව තම මුනිවත රැක්කහ. නමුත් යූ ආර්යාව මේ පිළිබඳ දැන සිටියේ නැත. තම මව මේ පිළිබඳ දැන ගත්තේ නම් කුමකින් කුමක් වේවි දැයි නොදත් නිසාවෙන් ඇයට ඒ පිළිබඳව නොපැවසීමට ජියැන්ග් දරු දෙදෙනා කතිකා කරගෙන සිටියහ. මන්දයත් තම පියා එදින නිවසින් පිටව ගොස් තිබුණේ රාත්‍රී දඩයමකට වූෂියෑන් සහ හන්ගුවාන්-ජුන් සමග සහභාගී වන බවක් පවසා බැවිනි. සත්‍ය වශයෙන්ම ලන් චිරන්තුමා ද එදිනම රාත්‍රී දඩයමකට සහභාගී ව තිබුණේ ජින් නිකාය ප්‍රධානී සමගය.

චෙන්ග් සහ ලන් දෙසොහොයුරන් තම ආචාරය ෆෙන්ග්මියන්තුමාට පුද කළ අතර වූෂියෑන් ඔවුන් අතර නොවූ බව දුටු ඔහු “ආ යින්ග්, කොහේ ද?” යි විමසුවේ ය.
තම නම අමතනු ඇසුණු වූෂියෑන් එතැනට දිව ආවේ ය. “ඔබට දැන් මාව අමතක යි නේද?” යි පවසමින් ව්‍යාජ අමනාපයක් මුවට නගා ගත් තම ආදරණීය ෆෙන්ග්මියන් මාමණ්ඩියව වූෂියෑන් වැළඳ ගත්තේ ය. පෙරළා වූෂියෑන්ව ද වැළඳ ගත්තේ කලකට පසු දුටු තම දඟකාර පුතණුවන් වෙත වූ දැඩි වූ සෙනෙහසිනි. ඒ දුටු චෙන්ග් දෑස් කරකැවූ නමුදු ඔහුගේ දෑස්වල ආදරණීය බවක් තැවරී තිබෙනු ලන් ශිචෙන් දුටුවේ ය. වන්ග්ජි තම ආදරණීයයාගේ සතුටු සහගතභාවය දැක මුව හදින්ම ප්‍රීතියට පත් වී සිටියේ ය.

මදෙකින් මාමණ්ඩිය සහ බෑණනුවන් දෙපසට වූ අතර තම මාමණ්ඩියට ආචාරය පුද කළ වූෂියෑන් පසුපස හැරුණේ ආදරබර ඇමතුම් හඬක් ඇසුණු හෙයිනි.

“ආ ෂියෑන්....!”

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now