• Part 18 ( Letter )

791 164 10
                                    

මගෙ ටේටේ ,

මගෙ කිව්වට කමක් නෑ නේද ?? මොකද සමහරවිට මං එහෙම කියන අන්තිම වතාව මේක වෙන්න පුලුවන්. ඔයා මේක කියවනවා නං ඒ කියන්නෙ මං මේ ලෝකෙ නෑ කියන එක.

ඔයාට දුකයිද ටේටේ මං නැති නිසා ?? නැතුව ඇති නේද ?? ඔයා කොහොමත් මට ආදරේ කලේ නෑනෙ. මං හැමදේම දන්නවා මැණික...

ඔයා දන්නවද මං ආසයි උදේ නැගිටිනකොට ඔයාගෙ අත් අතරෙ ගුලි වෙලා නැගිටින්න. ඒත් එහෙම කරන්න බෑ. මොකද අපි ඉන්නෙ කාමර දෙකකනෙ. මං ආසයි ඔයාගෙන් morning kiss එකක් අරගෙන ඔයාට මගෙ අතින් කෑම හදන්න. ඊට පස්සෙ ඔයගේ ඔඩොක්කුවෙ ඉදන් කාලා ඔයා studio එකට යනකොට ඔයාව බදාගෙන පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියන්න. ඒත් එහෙම කරන්න බෑ මොකද උදේම මගෙ මූණ දැක්කම ඔයාගෙ දවසම කාලකණ්ණි වෙන නිසා. මං ආසයි දවල්ට කෑම හදාගෙන ඇවිත් studio එකේ ඉදන් ඔයාට කවන්න. ඒත් එහෙම බෑ මොකද ඔයාගෙ studio එක මට තහනම් කලාපයක් නිසා. මං ආසයි ඔයා මහන්සි වෙලා හවසට ආවම ඔයාව relax වෙනකං ඔයාගෙ ඔලුව අත ගාන්න. ඒත් එහෙම බෑ ඔයා මහන්සි වෙලා ඇවත් මාව දැක්කම ඔයාගෙ කේන්තිය වැඩි වෙන නිසා. මං ආසයි රෑට කන ගමන් ඔයා දවසෙම කරපු දේවල් කියද්දි ඒවා අහගෙන ඉන්න. ඒත් එහෙම බෑ මොකද ඔයා studio එකෙන් dinner අරගෙන එන නිසා. මං ආසයි හැම දුකක්ම අමතක කරලා ඔයාගෙ උණුහුමට වෙලා රෑට ලස්සන හීන දකින්න. මාත් ආසයි අනිත් ඔන්නිලා වගේ rehearsal වලටයි , consurt වලටයි ඇවිත් ඔයාගෙ නම කියලා කෑ ගහන්න. මාත් ආසයි අනිත් ඔන්නිලා වගේ හැමෝම ඉස්සරහ ඔයා එක්ක හුරතල් වෙන්න. ඒත් එහෙම බෑ ටේටේ !

ඔයා දන්නවද මං ඔයාට ආදරේ කරන්නෙ අවුරුදු දහයක ඉදන්. ලොකු කාලයක් නේද ?? ඒත් ඔයයි කුකී ඔප්පායි හම්බවෙලා දැන් අවුරුදු දොලහක්. ඒ කියන්නෙ ඔය දෙන්නා ආදරේ කරන්න ඇත්තෙ ඊටත් කලින් ඉදන් වෙන්න ඇති නේද ??

පුදුම වෙලාද ඔයා ම්ම් ?? මං ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා ටේටේ. මට ඕනෙ උනේ නෑ ඔය දෙන්නගෙ මැද්දට එන්න. මොකද මං ඔය දෙන්නගෙ ආදරේට හදවතින්ම ආදරේ කරපු කෙනෙක්. ඒත් ටේටේ හිතන්න. මාත් වැරැද්දක් කලේ නෑ නේද ?? ඔම්මා මගෙන් ඇවිත් ඇහුවම මගෙ අවුරුදු දහයක ආදරේ මැරි කරන්න කැමතිද කියලා , මං කැමති නෑ කියයිද ??

I Know Everything [✔✔]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα