12. Discussion

139 36 15
                                    

"ඔහොම ඉන්න රියා මම බලලා එන්නම්"
එමි ඉස්සර වුනා.

"මේ මම ඉක්මනට එන්ඩෝ"
එලියෙ හිටපු කෙනා කෑගැහුවා එක පයින්ම ඒ ෆෙඩික් කියලා අපි අදුර ගත්තා.

"ආ.....ෆෙඩී"
මම කිව්වා.

"ඉන්ටෝ එනවෝ"
එමි අඩිය ඉක්මන් කලා.

"ඉස්..... මාව තෙමුනා..."
දොර ඇරපු ගමන් ඇතුලට කඩා පැන්න එමී ඇදුම් ගසා ගත්තා. ෆෙඩික්ගෙ කොන්ඩෙ පෙගිලා පහත් වෙලා කොන්ඩ ගස් දිගේ වතුර බේරුනා.

"ඔයා නිකන් පාත්තයෙක් වගේ"
එමි උපකල්පනය කලා.එමි ෆෙඩිගේ කොන්ඩ ගස් අතරින් ඇගිලි යවලා හොලවද්දි වතුර හැමතැනම විසික් වුනා.

"මම කීයෙ ඉදන්ද ඔයාගේ ඔලුව ඇතුලට එන්න හදන්නෙ...කොහෙද line බිසී."
ෆෙඩික් මන් දිහා බැලුවෙ නොක්කාඩුවට.

"අපි දෙන්නගේ ඔලුවෙ දහසක් දේවල් ඉතින් ඔයාට එන්න ඉඩ නැතුව ඇති"
මම කිව්වෙ හිනාවෙන ගමන්.

"මේ ඔයා දන්නවද hot ම news එක"
එමි පටන් ගත්තා.
ෆෙඩික් කට බලියාගත්තෙ ඕපදූපෙ අහන්න.

"අපේ අයියට power එකක් තියෙනවා Lightning!!!"
එමි සතුටින් ඉපිලුනා.

" තමුසේ හිතුවේ මන් මගේ power එකෙන් කිසි වැඩක් ගන්නෑ කියලද????? මම ඒක මාර්ටියාගෙ මනසෙන් දැන ගත්තා."
ෆෙඩි එමි දිහා බැලුවේ 'ආපො ඕකද' කියන හැගීමෙන්.

මම එමිට හිනාවුනේ එයාගෙ මූන ඇඹුල් වුන නිසා.

"කැත වැඩ කරන්න එපා!!!මන් කියන්නෙ අපේ මාර්ටියගේ ඔලුවට ගිය එක නෙමෙ ඒක දැන ගත්තත් අපිට නොකිව්ව එක"
එමි කෑ ගැහුවා.

"ආ.....මම කිව්වේ ඔයාලගෙ ඔලු ගෙඩි බිසි....කියලා."
ෆෙඩි නිදහසට කරුනු කිව්වා.

"අපේ 4ns වල නම් line බිසී නෑ"
මම කිව්වෙ ෆෙඩික් දිහා රවලා බලලා.

ෆෙඩික් එයාගෙ වැරැද්ද බව පිලිගන්න වගේ දත් තිස්දෙකම විරිත්තුවා.

" එක නෙමෙයි දැන් තාත්තා එයි මොන වගේ නීති දායිද දන්නෙ නෑ. කොහොම මූඩ් එකක ඉන්නවද දන්නෙ නෑ-"
මගේ කතාව බාගෙට නැවතුනේ බෙල් එකේ සද්දෙ බාදා කරපු නිසයි.

"අප්පා තාත්තා වෙන්නැති..දැන් මොකද කරන්නෙ කොහේ හරි හැංගෙමු....නේ එන්න එන්න"
එමි විහිලුවක් ඇත්ත විදිහට කියලා අපි දෙන්නගේ අත්දෙක අල්ලගෙන උඩ පැන්නා.

Riyana Geth (On a Edition)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें