9.Jogging

132 37 18
                                    

උදේ පාන්දරම මගේ එලාම් එකේ සද්දෙට ඇදෙන් බිම වැටිලා කොන්ද ඇනුනා කියලා  නැගිට්ට වෙලෙ ඉදන් එමි මට බනිනවා.

"අනේ එමි ඕක නවත්තන්නකෝ අප්පා"
මම ඉක්මනට කලිසම මගේ කකුල් අතරින් උඩට අදින ගමන් කිව්වා.

"අනේ ඉන්නවා මගේ කොන්දනෙ ඇනුනේ!!!"
එමි ඇදුම හදාගෙන කන්නාඩිය ගාවට ගිහින් කොන්ඩෙ බැදගත්තා.

"ලෑස්ති නම් යමු 4.15 වෙලාව"
මම මතක් කලා.

"බ්ලා බ්ලා තමා"
මට ඇද කරනගමන් එමි දොර ඇරගෙන එලියට ගියා

අපි දෙන්නම පල්ලෙහාට යද්දි නිකුයි ෆෙඩිකුයි උදේම නැගිටලා පුටු සෙටියේ වාඩි වෙලා හිටියා.එයාලා ඇදගෙන හිටියෙ එරික් චූටි කාලෙ ගොඩක්ම පොඩි කාලෙ නෙමෙ high school  එකේ අන්තිම වසරෙ වගේ ඉන්නකොට ක්‍රීඩා උත්සව වලට ඇදපු ඇදුම් වාගයක්. එක දැකලා මටයි එමිටයි බඩ අල්ලන් හිනා.

"හරි හිනා නේ???"
ෆෙඩික් අපිට විරිත්තුවා.

"මොනාද මේ ඇදගෙන ඉන්නේ??"
හිනාව අමාරුවෙන් නවත්ත ගන්න ගමන් මම ඇහුවා.

"එරික් වෙන්නැති දෙන්නැත්තෙ"
එමි මට පහක් දික් කලා.

"වරදකුත් නෑ හැබැයි"
මම එමිගේ පහට ප්‍රතිචාර දැක්කුවා.

"ඇයි දෙයියනේ ෆෙඩික්ට කියලා කාමරයක් තිබ්බට එකෙ ඇදුම් නෑ නේ"
එමි පුටු සෙටියෙන් වාඩි වුනේ ෆෙඩික්ට ඇහැක් ගහගෙන.

"එමි තමුසෙ මගෙන් කන්න එප හරිද??".
ෆෙඩික් එමිට ගහන්න යද්දි මම ටග්ගාලා මැද්දට පැන්නා.

"හෝව් හෝව් අනේ රන්ඩු වෙන්න එපා"
මම අත් දෙක දික් කරා.

"අනේ මටත් වෙච්ච වැඩක්".
ඇගට වඩා ටිකක් පොඩියට තිබ්බ කමිසෙ අදින ගමන් නික් කිව්වෙ මූන දෙක කරගෙන.

"එරික් තාම තාත්තා ආවෙ නැද්ද???"
මම එහෙම ඇහුවෙ කාත් එක්කවත් කතා කරන්නැතුව එක එල්ලෙම ෆෝන් එක දිහා බලාගෙන හිටපු එරික් ගෙන්.

"නෑ එයා කාර් එක ගෙන්න ගියා"
එරික් ෆෝන් එක දිහා බලාගෙනම එහෙම කිව්වා.

"මොකද මොකද මාව හොයන්නෙ??"
එහෙම කියාගෙන තාත්තත් ගේ ඇතුලට ආවා.

Riyana Geth (On a Edition)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें