5. Emi's kick

185 41 30
                                    

එලාම් එකේ සද්දෙට මම නැගිට්ටා..වෙලාව බැලුවම හොදටම පරක්කුයි.

"එමියෝ නැගිටිනවා ඉක්මනට එනවා!!!"

ඇදෙන් බැහැලා මම ටවල් එක ගත්තා.

"අනේ රියා පොඩ්ඩක් කට වහගන්නකො"

"ඒයි බලනවා මැට්ටියේ වෙලාව"

එහෙම කියාගෙන මම බාතෲම් එකට ගියා.

"හුටා"

ලාවට ඇස්දෙක ඇරලා වෙලාව බැලුව එමි ගැස්සුනා.

අපි දෙන්නා නිකන් හුලන් පුරෝපු බැලුමක් අතැරියා ව්ගේ විනාඩි දෙකෙන් ලැස්ති වෙලා පහලට දිව්වා

"බන් මේ තාත්‍තා ගෙදර අර බලනවකෝ..."

පුටුවක ඉදගෙන හරිම සන්සුන් විදිහට පත්තරේ බලන තාත්තව එමි මට පෙන්නුවා.

"සිරා ඔව් මයි එහෙම වෙන්න බෑ නෙ"

අපි හැමෝටම කලින් නැගිටින තාත්තා මුරකාරයටත් කලින් ගිහින් කැම්පස් එක අරින බව මුලු පලාතම දන්නවා.

"අද ටිකක් අමුතුයි වගේ හැලෝ වෙනදට මහ අලියා ඇවිත් අපිව ඇහැරනවා නෙ අද කෝ ඒකා"

එමි ඒ අදහස් කලේ එරික් ගැන.

" තාත්තා ගෙන් අහමු එන්න.
තාත්තෙ මේ එරික් කෝ දන්නෙ නෑ???"

" එයා උදෙන්ම කැම්පස් ගියා නෙ...එයා හොදටම පරක්කු වෙලා නැගිට්ටෙ "

තාත්තා අපි දිහා බලන්න කරදර වෙන්නැතුව ඔහෙ කිව්වා.

"අයියෝ එහෙමද??"

මම එමිගේ මූන දිහා බැලුවේ දැන් අපි දුවන්න ඕනෙ කියලා අගවන්න.

"ඔයාලා කොහේ හරි යන්නද???"

දුවන්න ලැස්ති වෙලා ඉන්න අපි දිහා තාත්තා බැල්මක් දැම්මා.

"බායි අපිටත් පරක්කු වෙලා කියලා තෙරෙන්නෙ නැද්ද තාත්තේ බොරුවට අහන්නෙ..."

අපි දෙන්නා වෙගෙන් දිව්වා.

"හාකෝ ඉක්මනට ගෙදර එනවලා පරක්කු වෙන්නෙ නැතුව"

තත්තා කෑගහලා කිව්වා.

" මම හිතන්නෙ තාත්තාගේ ඔලුව වැදිලද කොහෙද ??"

දොර ගාවට ලන් වෙද්දි අපි වෙගෙ අඩු කලා.

"ඒක තමා වෙනදට එහෙම කියන්නෙ නෑ නෙ තාත්තා දන්නවා නේ කැම්පස් ඇරුණ ගමන් අපි ගෙදර එනවා.එන්නෙ නැත්නම් අපි අනිවාර්යයෙන් කියනවා කියලාත්"

Riyana Geth (On a Edition)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें