💔~~~ මුලාවේ 9~~~💔

244 54 60
                                    

~~~ මතක ~~~

"පොඩී නාලා ආවද ඔයා....චූටී ඔයාගෙ කාමරේ ඔන්න..එයත් එක්කන් එන්න තේ බොන්න...."

........

මං නාගෙන එද්දීම අම්මගෙ සද්දේ ස්තොප්පුවෙන් ඇහෙද්දී මං කාමරේ උන්න ජානුටත් එන්න කියන්ම එළියට ආවා වෙද්දි ආපිම්මේ ස්තෝප්පුවෙ තිබූන වේවැල් පුටුවක ඉඳගෙන තේ බොන්න ලෑස්තිවෙලා උන්න අප්පච්චිගෙ ඔඩොක්කුවට පැන්නා...

"චූටී ඇයි ඕ...ඕ සොරි සොරි ලොකු මොකෝ ඔතන කරන්නේ...එන්න මෙහෙට..."

"බෑ..!! "

"එන්න අනේ...මේ තේ බොන්න ලෑස්ති අපි...කොකෝ බනිසුත් තියෙනවා..."

"මට එපා..!! "

ඒ එක්කම නපුරු මූණකුත් හදන් ආපු ජානූ අප්පච්චිගෙ ඔඩොක්කුවෙ උන්න මාව දැකලා මූණ තව ටිකක් අකුලන් පපුවට අත් බැඳගෙන එළියට නෑවිත් දොර පඩිය උඩම නතර උණා වෙද්දි අප්පච්චි ජානුට කතා කරා...ජානූ උන්නේම මොකකට හරි තරහින් වෙද්දි අප්පච්චි චූටී කිව්වත් එක්ක ඒ මූණ තව ටිකක් තරහින් පිම්ඹිලා යද්දි කොකෝ බනිසුත් එපා කියන් තව ටිකක් අත් දෙක පපුවට බැඳගෙන මටත් ගස්සලා අහක බලා ගත්තා...

"මොකෝ අනේ මේ ලොකු මහත්තයාට තරහාා ගිහිං ම්ම්..."

"එලා..ට ඔඩොක්කේ..ඉන්න එපා කියන්න..මං කැමැති නෑ.."

"ආහ්....///"

ජානුට මොකෝ තරහා ගියේ කියලා අප්පච්චි රහසින් මගෙන් අහද්දී මං ජෑම් බනිස් එකෙන් කටකුත් කන ගමන් දන්නේ නෑ කියන්න උරිස් අකුලද්දී අම්මා ජාන් ළඟට ගිහිං  ඔළුවත් අතගාලා තරහා ගිහිං ඇයිද අහද්දී ජානු දීපු උත්තරේට අම්මයි අප්පච්චියි මායි තුන් දෙනාම මාරුවෙන් මාරුවට මූණෙන් මූණ බලා ගත්තා....

"පොඩීට බාලේ මාමිගේ ඔඩොක්කේ ඉන්න එපා කියන්න..මාමිට බරයි...පොඩිට කිඅන්න මගෙ ඔඩොක්කෙට එන්න.."

"පු..හ්...මෙන්න වැඩක්...මට නම් මගෙ කොල්ලව බර නෑ...මූට මේ ඉරිසියාව...අපෙ පොඩිව කසාද බඳින්න ඉන්න එකා වගෙ කතාව මුගෙ..."

"බඳිනවා තමා ඔකු උණාම...!!"

"හැබෑට... මං දෙයි කියලා හිතනවාද.."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now