~~~ මාස 3කට පෙර~~~
කුරුළු ගී දසත පැතිරුණ...මල් සුවදින් සුගන්ධවත් ඌ හිමිදිරි උදෑසන...හි හි මොන විකාරද නේ...ඉස්සර නම් එහෙම කියන්න තිබුණා...ඒත් ඉතිං දැන් නම් වාහන සද්දයි..දුම් ගඳයි විතරයි...ගමක් තමා..ඒත් ඉස්කෝලෙ නිසාම මේ අහල පහල ටික ඉස්සරට වඩා සෑහෙන්න දියුණු වෙලා..දවසෙ වැඩි හරිය සාමකාමී වටපිටාවක් තිබුණත් ඉස්කෝලෙ අරින වහන වෙලාවට නම් එකම විකාරයක්...එහෙන් වාහන මෙහෙන් වාහන ළමයි දෙමව්පියෝ එක යුද්දයයි ඉතිං..විනාඩි පහේ දුර ඉන්න ළමයා ඉස්කෝලෙට ගෙනත් දාන්නෙත් ස්කූටි එකේ..මං නම් කිලෝමිටර් භාගයක් විතර උණ දුර ගෙවන්..බෝඩිමෙ ඉඳන් පයින්ම මේ ඉස්කෝලෙට එන ගමන්...
"ගුඩ් මෝනින් සර්.."
"ආහ් පුතේ..ගුඩ් මෝනින්.."
අද ජනවාරි දෙවැනි සතියේ සදුදා.. සිකුරාදා දවල් වෙලා ඇවිත් පත්වීම බාර ගත්තට අද තමා හරියටම මගෙ ගුරු ජීවිතේ ආරම්භ වෙන්නේ...කාලෙකට කලින් ඇස් වහන් යන්න තරම් හුරු පුරුදු උණ දැන් හුරු පුරුදු කමේ හෙවනැලි විතරක් ඉතිරි කරලා තිබුණ වටපිටාව, අලූත් රස්සාව බාරගන්න උද්‍යෝගේ මොහොතකට යටපත් කරද්දි පහුකරන් යන නාදුනන මූණු අතරෙ තනිකමක් දැනෙද්දී මගෙ සිතුවිලි බරවෙලා තිබුණා...
ඉතින් ඉස්කෝලෙ ළඟට ආපු මං වටපිට කැරකුනේ ෆොටෝ කොපි ගන්න තැනක් හොය හොය වෙද්දි මං ළඟින් ඇහුණ කටහඬට මං ඒ පැත්තට හැරුණා..
"සර් මොනවාද හොයන්නේ.."
"ආ මේ ෆොටෝ කොපි ගන්න තැනක් බැලුවේ.."
"අර අතනින් පුළුවන් සර්..දෙන්න මං ගෙනත් දෙන්නම්.."
පොඩි කොල්ලෙක්..පොඩි කියන්නේ වයසින් පොඩි නෙමෙ...උස මහතින් අඩු ඒත් සුදු දිග කලිසම් අදින පොඩි කොල්ලෙක්..මං හිතන්නෙ 10 , 11 වගේ ඇති...පොර බලන් ඉන්නෙ ඇස් දෙකෙනුත් එක්ක හිනා වෙවී...සිරියාවන්ත පාටයි...
මං ඉතිං හිනා උණොත් හිනාවෙන කතා කරොත් කතා කරන ඒකත් බෑ හිතුණොත් නිකං ඉන්න කෙනෙක් උණත්,තනිකමක් දැනුණ වෙලාවේ ළඟට ආපු නිසත් දන්න කෙනෙක් වගේ උදව් කරන්න අහපු නිසත්..අළුත් ස්කූල් එකට ආපු ගමන් හැසිරෙන විදිහ..අනික් අයට ප්‍රතිචාර දක්වන විදිහ ස්කූල් එක ඇතුලේ මගෙ ප්‍රතිරූපේ ගොඩ නඟා ගන්න වැදගත් කියන එක අම්මයි අප්පවුචියි මඟ දිගට කියපු හැටි මතක් උණ නිසත් මමත් කට පුරා හිනා උණා...
YOU ARE READING
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚
Romanceවිහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් වෙන්න පුළුවන්.... ඒත්.... තුන්වැනි වතාව..... රැවටීමක් විතරයි...!! 🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී.... සුපුරුදු බවක් හදවතේ දැනුණි... හිතුවෙ ඔබ මා...