💔~~~ මුලාවේ 5~~~💔

314 48 34
                                    

"44 යි......"

......

"58....යි...."

සංසුන්වෙයන් තරුකයෝ....සංසුන් වෙයන්...අභියෝග නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේටත් අන්තයි.....ඒ නිසා හිතට හයිය ගණින් අප්පච්චිගෙ පොඩී......

අද උදේ ඉඳන් කිවෙනි වතාවටදෝ මටම කියා ගත්තා...ඉතිං අද මං ස්කූල් එකට එන තුන්වැනි දවස...සතුටෙන් උද්‍යෝගෙන් එනවා නෙමෙ... දවස් දෙක තුනකට කලින් මෙහෙ එද්දී තිබුණ  ආසාව උද්‍යෝගේ...පෙරේදා වැඩ බාර ගත්ත දවසේම සිද්ද උණ දේවල් සහ ඊයේ උණ දේවල් නිසා වාෂ්ප වෙලා...ඉතිං මං මේ හිත සංසුන් කරගන්නත් එක්ක...පඩි ගනන් කර කරම...අලුත් දවසේ අභියෝග බාරගන්න හිත හයිය කරගන්න ගමන් සයන්ස් බිල්ඩින් එකේ උඩම තට්ටුවට යන ගමන්..

සිද්ධිය කිව්වම අම්මයි අප්පච්චියි නම් කිව්වේ මං ඒ වෙලාවේ කරන්න ඕනා සුදුසුම විදිහට කලබල නොවී වැඩ කරාලු..එහෙම කිව්වා ඉතිං ප්‍රසිද්ධියේ අර ජරාව කට ගාලා බලලා අර කොල්ලව බේරගන්න හිතුන විකාර සිතුවිල්ල ගැනයි ඒ කොල්ලගේ බෙල්ලෙ එල්ලිලා කෑ ගහපු හැටි ගැනයි මං එයාලට නොකියපු නිසා...

.

.

කොහොම උණත් ධනාත්මක සිතුවිලි බලෙන් හිතේ ඇති කරන්...අදවත් පිළිවෙළකට වැඩ පටන් ගන්නවා කියලා හිතන් ඊයේත් ස්කූල් ආවත් උදේම පන්තියට යද්දි ලැබුණ පිළිගැනීම එක්ක මගේ හිත ආපහු බිඳ වැටුණා...

මේස රෙද්ද ගුලි කරලා මේසේ එකම අවුල් ජාලාවක් කරලා තියෙද්දි ගුරු පුටුව පංතියෙන් අතුරුදන්ම වෙලා තිබුණා..

"ආහ් ගණන් සෑර්...වාඩිවෙන්න පුටුවකුත් නෑනෙ...ආපු ගමන් වැඩ පෙන්නන්න ගියාම ඔහොම තමා...මේ මෙතන අපි ලග පුටුවක් තියෙනවා..සර්ට පිංසිද්ද වෙන්න අපෙ එකා අද ගෙදර.. අප්පච්චිට හේතු පහදන්න යන්න උණා ඌට...උගෙ පුටුව හිස් ඉතිං....ඕනද සෑර්ට ආ....හැබැයි ඉතිං ආ හැටියේ රඟපාලා කරපු අපරාදෙට වාඩි වෙද්දීම හෙණ වදින්නත් බැරි නෑ..."

ප්‍රධාන පාර්ශව 3...මිනුර ජානුක වගේම තිසුමි කතාවෙලා වගේ ඊයේ ඇවිත් හිටියෙ නැති වෙද්දි පෙනුමෙන්ම මහ නරුස්මන් පෙනුමක් තිබුණ ඊයේ අපි එක්ක ඔෆිස් එකට ගියපු මිනුරගෙ යාලුවෙක් උණ භාතිය මට විරෝදේ දක්වන ගමන් යාලුවාට සහයෝගේ දැක්කුවා...

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now